සූරියවැව නුවන් ජයසේකර –
අම්බලන්තොට කොග්ගල්ල කඩවර ප්‍රදේශයේදී අද (19) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් හැට දෙහැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 49 උතුරු කඩවර කොග්ගල්ල අම්බලන්තොට ලිපිනයේ පදිංචි අමරකෝන් කන්කානම්ගේ සිරිපාල නැමැති හැට දෙහැවිරිදි පුද්ගලයෙකි.
අලුයම 03ට පමණ නිවස පැමිණි තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව විමර්ශන අංශ කියයි.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ අම්බලන්තොට කොග්ගල කඩවර පදිංචි කඩවර ඉෂාර නැමති අයගේ බිරිදගේ පියා බවත් පොලිසිය පවසයි.
කඩවර ඉෂාර නැමති අය සමග ගව සොරකමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය සැක කරයි. සිද්දියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ