අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ ඊයේ ( 02) රාත්‍රි 8ට පමණ සිදුවූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් විමර්ශන අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම අත් අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුවය.
6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තවත් නිවසකට ගොස් එහි සිටි තිදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබිණි. එම ප්‍රහාරයේ දී ඒ ස්ථානයේදීම පුද්ගලයෙක් මිය ගිය අතර අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනෙක් පුද්ගලයින් දෙදෙනා මිය ගියේය.
නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් හේතුවෙන් ඇතිවූ බව කියන මෙම ගැටුමේ දී වයස අවුරුදු 29ත් 45ත් අතර වයස්වල පසුවන ඇලේගොඩ හා මාමඩල ප්‍රදේශවල පදිංචි මෙම පුද්ගලයින් ඝාතනය වී තිබිණි.
ගැටුම ඇති කරගත් දෙපාර්ශවයම නිතී විරෝධී මත්පැන් ජාවාරමේ නිතරවන්නන් බව හෙළි වී ඇත. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.







