කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරක්ෂක අංශවල සහභාගිත්වයෙන් අභිමානයෙන් 74 වැනි නිදහස් දිනය සමරන බව ජෙනරාල් (විශ්‍රාමික), ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.
ඊයේ (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජෙනරාල් ගුණරත්න කියා සිටියේ නිදහස් දින පෙළපාලියට සමස්තයක් වශයෙන් 6,500 ක භට පිරිසක් සහභාගී වනු ඇති බවය.
නිදහස් උළෙල අභිමානවත්ව සැමරීම සඳහා හමුදා සන්නාහ සන්නද්ධ රථ 111 ක්, නියමුවන් 50ක් සහිත ගුවන් යානා 26ක්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු (P 626) ප්රමුඛ නාවික යාත්‍රා එක් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් 3,463 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් 919 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ගුවන් භටයින් 804 ක්, පොලිස් නිලධාරීන් 363 ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ 282 ක්, කාර්ය සාධක බලකායේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් 437 දෙනෙක් සමග ජාතික ශිෂ්‍යභට බලකායේ ශිෂ්‍ය භටයින් 257 දෙනෙක් නිදහස් දින සමරු උත්සවයට සහභාගී වීමට නියමිත බව ආරක්ෂක ලේකම් ජනරාල් ( විශ්‍රාමික) කමල් ගුණරත්න කියයි.
කෙසේ වෙතත් ඉන්ධන ලබා ගත නොහැකි අර්බුදයක සිටද්දී, කරවටක් ණය බරින් ගිලී ලෝකයේ රටවලින් ඩොලර් හිඟා කමින්සි සිටිද්දී ජනතාව පෝලිම්වල තබා සමරන අභිමානවත් නිදහස් දිනය කුමක් දැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කෙරමින් තිබේ.
“රටේ නිදහස් දිනය උදාවන්නේ දූෂිත දේශපාලකයන් නැති වුණ දවසටයි…“
“අපට බෑ ණයවලින් නිදහ් වෙන්න… නමුත් අපට අවශ්‍යයයි නිදහස් දින පෙළපාලිවලට වියදම් කරන්න“ “
“හමුදා පෙළපාලියකින් බලය පෙන්වීමට වඩා නිදහස් දිනයේ දැන් අපට අවශ්‍යව ඇත්තේ මහ බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය, සතොස සහ තවත් බොහෝ රාජ්‍ය ආයතන කරුණු, සංඛ්‍යා සහ ව්‍යාපෘති සමඟ ජාතියට තම ශක්තිය පෙන්වීමයි.“ ආදී වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරුවෙමින් තිබෙනු පෙනුණි.