පර්සි කුරුනේරු –
විශිෂ්ට බුද්ධිමතෙක්, අභිධර්ම විශාරදවරයෙක් මෙන්ම සුපේශල ශික්ෂාකාමී සංඝ පීතෘවරයෙක් ලෙස මහජන ගෞරවාදරයට පාත්‍ර වූ මහා විහාර වංශික ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු මැද පලාත් සංඝ නායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමියෝ අපවත්වී වදාළහ.
අභිධර්ම විශාරදයෙක් වූ උන්වහන්සේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිධර්මය පිළිබඳ විශ්‍රාමික කථිකාචාර්යවරයෙක් වූහ.
අභයගිරි පූර්වාරාමාධිපතිව වැඩ විසූ පොතානේ ධම්මානන්ද හිමිපාණන්ගේ පරිපාලනය යටතේ අනුරාධපුර දේවානම්පියතිස්සපුර විහාරය ද පැවතිනි. ගම්පහ බෙම්මුල්ල විද්‍යාකර පිරිවෙණේ පරිවේණාධිපති ධූරය ද දැරුවේ උන්වහන්සේය.
ශ්‍රී ලංකා භික්ෂු විශ්විද්‍යාලය ආරම්භ වන්නේ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය නමිනි. එම භික්ෂු විශ්වවිද්‍යාලයේ මුල්ම භික්ෂූන්වහන්සේ කණ්ඩායමේ මුල්ම ලියාපදිංචි ශිෂ්‍යයා ලෙස වසර පහක අභිධර්ම පාඨමාලාව හදාරන්නට බැඳෙන්නේ උන්වහන්සේය. අනතුරුව උන්වහන්සේ බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙක් ලෙස සේවයට බැඳුනහ.
අපවත් වනවිට උන්වහන්සේ 80වැනි වියෙහි පසුවූහ. අදාහන පූජෝත්සවයේ කටයුතු ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.







