ජනතාවගේ හඬට සවන් දෙන ලෙස ඉල්ලා භාතිය හා සන්තුෂ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ.
වඩා හොඳ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජනාධිපතිවරයාට සහය දුන් තමන් මේ වනවිට රට පත් වී ඇති තත්වය සම්බන්ධව සැබෑ ලෙසම කණගාටුවන බව ද ඔවුහු පවසති .
ජීවත්වීම සඳහා වූ මූලික අවශ්‍යතා වෙනුවෙන් සටන් කරමින් සිටින තම දරුවන් වෙනුවෙන් හදවතින්ම හඬ නගන මිනිසුන් මර්ධනය කිරීම පිළිතුර නොවන බව කියන භාතිය – සන්තුෂ් දෙපළ මේ තත්වය පාලනය කිරීමට සමාජ මාධ්‍ය තහනම පිළිතුර නොවන බව පෙන්වා දෙති.
ජනතාවගේ හඬට සවන්දී හරි දේ කරන්නැයි ඔවුන් ඉල්ලා සිටිති. ඔවුන් දෙපල සිය නිල ෆේස් බුක් ගිනුමේ තැබූ සටහන පහත දැක්වේ.