ලක්ෂ 2කට අධික කොවිඩ් ආසාදිතයන් පිරිසක් එක් දිනක් තුළ හමුවීමත් සමග ඉන්දියාව මෙතෙක් දිනකට හමුවූ වැඩිම කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඊයේ (14) වාර්තා කළ බව ඉන්දීය මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේය.
ගතවූ පැය 24 ක කාලය තුළ වාර්තා වී ඇති නව කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව 2,00,739 කි. වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,038 ක් වී තිබිණි. ඉහළ ගොස් ඇත. මේ කොවිඩ් ප්‍රතිඵළය 2020 ඔක්තෝබර් 3 න් පසු වාර්තා වූ ඉහළම අගය බව අද 8 ට යාවත්කාලීන කරන ලද දත්ත පෙන්නුම් කරන බව හින්දු පුවත්පත දක්වා තිබේ.
ගත වූ දින 36 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 14ක් ඉක්මවා වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 14,71,877 කි. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හතලිස් ලක්ෂ හැත්තෑ හතර දහස් පන්සිය හැට හතරකි. මෙතෙක් වාර්තා වූ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 1,73,123 කි.
පසුගිය දින 36 තුළ වාර්තාවන දත්ත අනුව ආසාදන සියයට 10.46 කින් වැඩි වී ඇති බව වාර්තා වේ.
රෝගයෙන් සුවය ලැබූ අයගේ සංඛ්‍යාව 1,24,29,564 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ අනුපාතය සියයට 1.23කි. ඉන්දියාවේ කොවිඩ් -19 අගය අගෝස්තු 7 වන දින ලක්ෂ 20, අගෝස්තු 23 වන දින ලක්ෂ 30, සැප්තැම්බර් 5 වන දින ලක්ෂ 40 සහ සැප්තැම්බර් 16 වන දින ලක්ෂ 50 ඉක්මවා ගොස් තිබුණි. එය සැප්තැම්බර් 28 වන දින ලක්ෂ 60 පසු කර ඔක්තෝබර් 11 වන දින ලක්ෂ 70 ඉක්මවා ගියේය. ඔක්තෝබර් 29 වන දින ලක්ෂ 80 ක් ද, නොවැම්බර් 20 වන දින ලක්ෂ 90 ක් ද, දෙසැම්බර් 19 වනදා කෝටි 1 සීමාව ඉක්මවා ගියේය. අද වනවිට ඒ සංඛ්‍යාව තවත් හතලිස් හතර ලක්ෂ හැත්තෑ හතර දහස් පන්සියයකින් හතරකින් වැඩි වී තිබේ. අද ඉන්දියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 1, 44,74,564කි.