අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධ ජයරත්නගේ රාජ්‍ය දේපල කොල්ලයට එරෙහි වූ නිසා “පූල් එකට” යැවූ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් යළිත් එම කාර්යාලයට… මිනිස්සු පෙරහර කර පිළිගනිති…

by editor
පෙබරවාරි 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • රාජ්‍ය දේපළ කොල්ල කෑ අනුරාධ ජයරතනගේ සහ නීතිය අවලමේ යැවූ රාජ්‍ය පරිපාලන ලේකම්ගේ ජඩ නිරුවත හෙළි කිරීම නිසා ස්ථාන මාරු කළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්  නීතිඥ ආත්මා දිල්රුක්ෂි ජයරත්න  පිළි ගන්න මහා සංඝයා වැඩම කරති… මිනිස්සු පෙරහර කරති…

ගම්පොළ පිහිටි රජයට හිමිකාරත්වය භූමියක අනවසර සන්තකය දරමින් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න   සිටින බව රටට හෙළි කර ඔහුට ඉන් ඉවත්ව යන ලෙස දැනුම් දී දින කිහිපයට පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ස්ථානමාරු කරන ලද ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් නීතීඥ ආත්මා දිල්රුක්ෂි ජයරත්න ජනතා උපහාර මැද  ඊයේ  (26) යළි එම කාර්යාලයේ වැඩ බාර ගත්තාය.

 

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයක් මත ආත්මා දිල්රුක්ෂි   උඩ පළාත් ප්‍රාදේශීය ලේකම් ධූරයේ යළි වැඩ බාරගත් අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

පසුගිය දෙසැම්බර් මස 29 දින ගම්පොළ පිහිටි  දි.මු ජයරත්න සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු ගොඩනැගිලි කිහිපයකින් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට   ඉවත්වන ලෙස දැනුම් දෙමින් ප්‍රාදේශීය ලේකම්වරිය නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

නිරවුල් සන්තකය පෙබරවාරි මස 12 දින හෝ එදිනට පෙර ප්‍රාදේශීය ලේකම්වරිය වෙත හෝ අංගම්මන බටහිර වසමේ ග්‍රාම නිලධාරිවරයා වෙත බාර දෙන ලෙස අනුරාධ ජයරත්න රාජ්‍ය ඇමැතිවරයාට නියම කරමින් අදාළ දැනුම්දීම ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ඉඩමේ ගොඩනැගිලි වල ඇලවීමට ද පියවර ගත්තාය.

මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටිය දී ප්‍රාදේශීය ලේකම්වරිය  රජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන අංශය වෙත  මාරු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර තිබුණේය. ඒ පසුගිය ජනවාරි මස 26 වැනි දිනය

ප්‍රාදේශී්‍ය ලේකම්වරිය කැන්දන් එන පෙරහර…

.

අදාළ ස්ථාන මාරුව අවලංගු කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පසුගිය ජනවාරි මස 30 දින නියෝගයක් ලබාදුන් අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටිමින් අදාළ නියෝගය යළි සලකා බලන ලෙස ඉල්ලීමක් කර තිබිණි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ආත්මා දිල්රුක්ෂි ජයරත්න   යළි උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ලෙස පත් කරන ලෙස කළ දැනුම් දීමට අනුව ඇය පසුගිය 26 දා කාර්යාලයට පැමිණ සේවා කටයුතු ආරම්භ කළේ සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ය.

සක් හා බෙර හඬ මධ්‍යයේ උඩරට වෙස් නැටුම් ශිල්පීන් ගේ නර්ථන මධ්‍යයේ ප්‍රාදේශීය ලේකම්වරිය පෙරහරකින් කාර්යාලය වෙත කැඳවාගෙන ඒමට එහි සේවකයින් කටයුතු කර තිබුණේ ප්‍රදේශයේ ජනතාවගේ ද උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ ය.

 

මෙහි දී අදහස් දැක්වූ උඩ පළාත ප්‍රධාන සංඝනායක, උඩ පළාත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, රතනගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෝවල විමලධම්ම හිමියෝ මෙසේ පැවසූහ.

“ ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය මාසයකට පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නැවත වතාවක් පත්වීම ලබාගෙන සේවයට පැමිණියේ අභියෝග රැසක් මධ්‍යයේ යි.  දවසකට හරි වැඩ බාරගෙන යන්න කියලා මිනිස්සු ප්‍රාර්ථනා කළා. ගොඩක් රජයේ නිලධාරීන් ට දේශපාලන අධිකාරිය එක්ක හැප්පෙන්න හයියක් නැහැ. දේශපාලන හයිය තියෙන මිනිස්සු පරාජය කරලා රජයේ සේවකයෙක් නැවත සේවයට ආපු පළමු වතාව මේක වෙන්න ඕන ඕන. “

“ආත්මා දිල්රුක්ෂි මහත්මිය  අවංක එඩිතර කාන්තාවක්. අවසානයේ සත්‍ය ජය ගන්නා බවට හොඳම උදාහරණයක් මේ සිද්ධිය. “

මෙහි දී මීගහජදුරේ පුඤ්ඤරතන නාහිමියන් ද අදහස් දැක්වීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උද්දික වෙනුවට මුතුකුමාරණ පාර්ලිමේන්තුවට…

Next Post

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ ඝාතකයා වහාම නීතිය ඉදිරියට පමුණුවන්න… දැන් අපට අප ගැන තියෙන්නේ අනාරක්ෂිත හැඟීමක්! මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලිස්පතිට කියති!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.