කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර පාලනයක් සඳහා තමන් විසින් ගෙන එනු ලැබූ යෝජනාවට ජනධිපතිවරයාගේ ධනාත්මක ප්‍රතිචාරයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද (03) මාධ්‍යයට පැවසීය.
ඔහු පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ඊයේ (03) සවස උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස්, සහ තමන් විශේෂ සාකච්ඡාවක යෙදුණු බවත් එහිදී දීර්ඝ වශයෙන් කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාර අන්තර්වාර පාලනයක් සඳහා පල වුණු බවත්ය.
අද පෙරවරුවේ මෙම පිරිස අගමැතිවරයා ද මුණ ගැසී තිබිණි.
වත්මන් අර්බුදය හමුවේ තිබෙන එකම පිළිගත හැකි විසඳුම ලෙස අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර සියලුම පක්ෂ සමග සාකච්ඡා කර සර්ව පාක්ෂික එකඟතාවයක් ඇති කරගැනීමට උත්සාහ කරන ලෙස තමන් රජයට යෝජනා කළ බව මන්ත්‍රීවරයා කීවේය.
“ බහු පාක්ෂික එකඟතාවයක් ඇති කරන් අන්තර්වාර පාලනයක් ඇති කරන්න. එතකොටයි පොදු ජනතාව කෙරෙන් මතුවන මේ අප්‍රසාදය පාලනය කරගන්න පුලුවන් වෙන්නේ.. අප එසේ අපේ යෝජනාව ඉදිරිපත් කළා.
ඔහු කීවේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත්තේ අන්තර්වාර පාලනයක් සඳහා එකඟතායකට නොපැමිනෙන්නේ නම් සතියක් තුළ සියලු තනතුරු අත්හැර පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ස්වාධීන වන බවය.
&;