අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනවශ්‍ය ලෙස රටට බලපෑම් කරන ජාත්‍යාන්තර සංවිධානවලින් ලංකාව ඉවත් කරගන්න සූදානම්

රණවිරු සැමරුම් උළෙලේ දී ජනපති කියයි

by editor
මැයි 20, 2020
in පුවත්
Ranaviru
Share on FacebookShare on Twitter

වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රටට සාමය උදාකර දීමේ ඓතිහාසික  මොහොත  සිහිපත් කරන ජාතික විරුදින සමරු උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සවස පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභිස දී පැවැත්විනි.

යුද, ගුවන්, නාවික හමුදාවන්හි සහ පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර රට වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරන 11 වැනි ජාතික රණවිරු උළෙල රණවිරු අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබීය.

කොරෝනා වසංගත තත්වය නිසා වෙනත් වසරවල මෙන් නොව, ඉතා චාම්ව එහෙත් අභිමානවත්ව රණවිරු සැමරුම් උත්සවය පවත්වනු ලැබුවේ ඉතා සීමිත පිරිසක් පමණක් සහභාගී කර ගනිමිනි.

ත්‍රස්තවාදය නිමා කිරිමේ මෙහෙයුමට එවකට දේශපාලන නායකත්වය දුන් පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අගමැතිවරයා ලෙසත්, එවක ආරක්ෂක ලේකම්වරයාව සිට යුද මෙහෙයුම මනා ලෙස සම්බන්ධීකරණය කරනු ලැබු ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා ලෙසත් එවකට පැවති රජයේ හිටපු අමාත්‍යවරයෙක් වූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ලෙසත් මෙම උත්සවයට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, නාවුක හමුදාපති, හා පොලිස්පතිවරයා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරන උසස් නිලධාරීහු මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

කොරෝනාව සංගත තත්වය හේතුවෙන් වෙනත් වසරවල මෙන් රණවිරු පවුල්වලට අයත් සාමාජිකයන් ගෙන්වා ගැනීමක් මෙවර සිදු නොවුණි. මිය ගිය රණවිරුවන්ගේ මව්පියන්, බිරින්දෑවරුන්, හා ඥාතීන් කිහිප දෙනෙක් පමණක් සංකේතාත්මකව මෙම උත්සවයට එක් කර ගැනුණි.

එකොළොස්වෙනි ජාතික රණවිරු උළෙලේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ මෙරටට යම් අසාධාරණයක්වන ආකාරයට ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනය හෝ සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රි ලංකාව ඉවත්කර ගැනීමට තමන් කිසි විටෙකත් පසුබට නොවන බවය.

ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතා තවදුරටත් අදහස් පළකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

යුද්ධය යනු රෝසමල් යහනාවක් නොවේ. නීතිය පිළිනොගන්නා ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයක් සමග සටන් කිරීමේ දී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවුණා. රටේ සෑම ප්‍රදේශයකම සිවිල් පුද්ගලයන් මිය ගියා. මරාගෙන මැරෙන බෝම්බ වලින්, බෝම්බ පිපිරීම් වලින් විශාල පිරිසක් මිය ගියා. විශාල දේපල ප්‍රමාණයක් නැති උනා.

මානුෂික මෙහෙයුමේ අවසාන අරමුණ වූයේ රටට දීර්ඝ කාලීන සාමයක් උදා කර දෙන්නයි. රණවිරුවන් කළ ඒ සුවිශේෂී කැපවීම නිසා අද අපට ඒකීය රටක් තුළ නිදහසේ හා සාමකාමීව ජීවත් වීමට අවස්ථාව සැලසිලා තියනවා.

යුද්ධයේ වේදනාව මම හොඳින්ම දන්නවා. ඒ නිසා විශාල පරිත්‍යයක් කොට සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදා කර දුන් අපේ රණවිරුවන්ට හිම තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයකට මම කිසිම ඉඩක් ලබා දෙන්නෙ නෑ.. මගේ රජය යටතේ මේ රටේ වීරෝධාර රණවිරුවන් ගේ ගරුත්වය හැම විටම ආක්ෂා කරන බවට මම සහතික වෙනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම ජාතික වගකීමක් වෙනවා.

ලොව බලවත්යැයි කියා හඳුන්වන රටවවල නායකයන් පවා තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක අප වැනි කුඩා රටක මෙතරම් කැපවීමක් කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයට පත් කරන්න මා කිසි විටෙක ඉඩ දෙන්නෙ නෑ.

ඒ අනුව අපේ රටට යම් කිසි අසාධාරණයක් වෙන ආකාරයට යම් ජාත්‍යාන්තර සංවිධානයක් හෝ ආයතනයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනය හෝ සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට කිසිසේත්ම පසුබට වන්නේ නැතැයි ජනාධිපතිවරයා පැවසීය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

නුවරඑළියේ දී පොදුජන පෙරමුණ හා ශ්‍රි.ල.නි.පය ඇවිලේ

Next Post

තවත් අලුත් ක්‍රීඩාංගන මොකට ද?… ඔස්ට්‍රෙලියාවටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගන අපට තියනවා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.