බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනවශ්‍ය විදිහට කලබල නොවී සැඟවී ඉන්න සම්පත් මනම්පේරිව පොලිසියට භාර දෙන්න… කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පොහොට්ටුවට කියයි!

by editor
සැප්තැම්බර් 9, 2025
in පුවත්
sampath-manamperi
Share on FacebookShare on Twitter

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවත්,  මිද්දෙනියේ දී අත් අඩංගුවටපත් ද්‍රව්‍ය සම්බන්ධව තවමත් පරීක්ෂණ ආරම්භ වූවා පමණක් බැවින් ඉදිරියේ දී අත් අඩංගුවට පත්වන්නේ කවුද නැද්ද යන්න අදාල විමර්ශනවලට අනුව පොලිසිය විසින් හෙළිදරවු කරනා කරුණු අනුව උසාවිය මාර්ගයෙන් සිදුවනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඉදිරියේ දී මිද්දෙනිය සිද්ධිය සම්බන්ධව පොදුජන පෙරමුණේ නිශ්චිත දේශපාලකයන් අත් අඩංගුවට ගැනීමට සූදානම් දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ දැනට මේ සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට පත් වී ඇත්තේ පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ අත් අඩංගුවට ගැනීමට සොයන්නේ පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් බවය.

“ දැනට අත් අඩංගුවට පත් වී සිටින අත් අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් දෙදෙනා පොදුජන පෙරමුණට සම්බන්ධ දෙදෙනෙක්. මේ චෝදනාව එල්ල වූ වහාම පොදු ජන පෙරමුණ පක්ෂ සාමාජිකත්වය එක් පුද්ගලයෙකුගේ අහෝසි කළා තමයි. ඒ ක්‍රියාවලියේ එම පුද්ගලයාගේ සම්බන්ධය පොදුජන පෙරමුණ එක් පැත්තකින් පිළි අරන් තියනවා. මොකද ඒ පක්ෂයේ ඇතැම් ඇමතිවරු බන්ධනාගාරයේ සිටිද්දීත් එම පක්ෂ සාමාජිකත්වය අහෝසි කළේ නෑ.”

“  සම්පත් මනම්පේරි රවිරාජ් ඝාතනයේ සැකකරුවෙක්. ඔහු පොලිසියේත් සේවය කරලා තියනවා. බුද්ධි අංශවලත් කටයුතු කරලා තියනවා.    තවත් අපරාධ වැලක් ඔහුට එරෙහිව තිබෙනවා. දැන් අප දන්න දේ තමයි මනම්පේරි පවුලත් එක්ක තංගල්ල, මිද්දෙනිය පැත්තේ හිටපු දේශපාලකයින් සමීප ඇසුරක් පවත්වාගෙන ගියා කියන කාරණාව. දැන් ඔහුගේ  පක්ෂ සමාජිකත්වය අහෝසි කර ප්‍රමාණවත් නෑ. තමන්ගේ සමීපතමයා පොලිසියට භාර දීලා මේ නීති කටයුතු කරන්නට සහාය ලබා දෙන එක පොදුජන පෙරමුණේ නායකයින්ගේ වගකීමක්.

මේ අවස්ථාවේ දී මෙම ප්‍රශ්නය විමසූ මාධ්‍යවේදිනිය මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඇසුවේ ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු සාමාජිකයෙක් ලෙස සිටි ඊබ්‍රහීම්ගේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධියේදී හෝ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජාතික ජන බලවේගය කටයුතු නොකළ බවත් නමුත් මේ සිද්දිය සැලවූ වහාම සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය පොදු ජන පෙරමුණ විසින් තහනම් කළ බවත්ය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඊට පිළිතුරු දුන් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ ඔහු ඒ අවස්ථාව වනවිට රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් ලෙස ජාතික ලයිස්තුවෙන් ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් වූවා මිස ඔහුට අහෝසි කිරීමට පක්ෂ සාමාජිකත්වයක් නොතිබුණ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ කෙහෙළියගේ නඩු අවසන් කරයි…

Next Post

පනත සම්මත වුන පසු මහින්දට වෙන දේ ගැන නලින්ද කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.