ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රතිසංස්කරණ ගැන කතා කිරීමට පැමිණි අවස්ථාවක පාකිස්තානය අසත්‍ය පැතිරවීමේ මංමුලා සහගත උත්සාහයක නිරත වෙමින් සිටින බවට ඉන්දියාව චෝදනා එල්ල කරයි.
“එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රතිසංස්කරණ ගැන කතා කරන අතරතුර පාකිස්තානය ජම්මු කාශ්මීර ගැටලුව මතු කරමින් අනවශ්‍ය කතාවක් ඇද ගත්තා.. පාකිස්තාන නියෝජිතයා කොහොම හිතුවත් ජම්මු හා කාශ්මීර කියන්නේ ඉන්දියාවේ අත්‍යවශ්‍ය සහ වෙන් කළ නොහැකි කොටසක්..”
එක්සත් ජාතීන්ගේ ස්ථීර මෙහෙයුම් සම්බන්ධ ඉන්දීය නියෝජිත ප්‍රාතික් මාතූර් පැවසීය.
වැඩිදුරටත් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ පාකිස්තානයේ අසත්‍ය තොරතුරු පැතිරවීමේ උත්සාහය හා බහු පාර්ශවික සංසදවල පාරිශුද්ධත්වය අපයෝජනය කිරීමේ නරක පුරුද්ද අවමානයට සමහරවිට අනුකම්පාවට පාත්‍ර විය යුතු බවයි.