ජම්මු කාශ්මීර යා කරන මාර්ගය ඉදිකිරීමේ කටයුතු 2019 අගෝස්තු 5 වැනිදා ව්‍යවස්ථාවෙන් ‘370 වගන්තිය’ ඉවත් කිරීමෙන් පසු වඩාත් වේගවත් වී තිබේ. ඒ අනුව මාර්ගය ඉදිකිරීමේ වේගය දිනකට කිලෝමීටර් 6.54 සිට කිලෝමීටර් 20.6 දක්වා වැඩි වී තිබේ.
මේ වන විට ජම්මු කාශ්මීර මාර්ගයේ මුළු දිග කිලෝමීටර් 41 141කි. ගෙවුණු වසර තුන තුළ මාර්ගයේ සිදුව ඇති දියුණුව දැක ගැනීමට එම දිගම පිටුවහලකි.
ගෙවුණු වසර 70ක කාලයක් ජම්මු කාශ්මීර් අතර නිසි මාර්ග සබඳතාවයක් නොතිබුණි. ශ්‍රී නගර් සිට ජම්මු දක්වා කිලෝමීටර 300ක දුරක් ආවරණය කිරීමට පැය 12ත් 14ත් අතර කාලයක් ගත වූ අතර 2019 පසුව ශ්‍රී නගර් ජම්මු ජාති අධිවේගී මාර්ගය ප්‍රතිසංස්කරණය කර ඇති අතර දැන් නගර දෙක අතර ගමනාගමන කාලය පැය 6ත් 7ත් අතර කාලයකි.
ව්‍යවස්ථාවේ 370 වගන්තයි ඉවත් කිරීමට හේතු වූයේ සාමාන්‍ය මිනිසාට ප්‍රමුඛතාවය ලබා දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම බව ඉන්දීය රජය පවසන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් අනුව මෙතෙක් අර්ධ වශයෙන් නිම වූ අසම්පූර්ණ හා යෝජිත ව්‍යාපෘතින් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.