දිනසේන රතුගමගේ –
අධිකරණ සේවා කොමිසම විසින් යාපනය මල්ලාකම් අධිකරණයේ සුබරාජිනී ජගනාදන් විනිසුරුවරුයගේ සේවය ඊයේ ( 24 ) සිට අත් හිටුවා තිබේ.
නීතිඥවරයෙකු වන සිය සැමියාගේ උපදෙස්වලට හා ඉල්ලීම්වලට අනුව නඩුතීන්දු කීපයක් වැරදි ලෙස ලබා දී ඇති බව හෙළි වීමෙන් පසුව අධිකරණ සේවා කොමිසම මෙම තීරණය ගෙන තිබේ.
එම නීතිඥවරයා අධික ලෙස මුදල් ලබා ගෙන සිය බිරිය ලවා නඩු තීන්දු ලබා දී ඇති බවද පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
මල්ලාකම් මහේස්ත්‍රාත්වරිය නීතිඥවරියක් ලෙස සේවය ඇරඹූ කාලයේදී පුහුණුව ලබා ඇත්තේ ජෙගතීස්වරන් නැමති ත්‍රිකුණාමළයේ සිටින නීතිඥවරයා යටතේය.
පසුව දෙදෙනා අතර ඇති වූ පෙම් සබඳතාවයක් නිසා ඔවුන් විවාහ වීමෙන් පසුව නීතිඥවරිය විනිසුරුවරියක ලෙස පත් වී තිබේ.
ඇය විනිසුරුවරිය වශයෙන් පත්ව සේවය කළ සෑම අධිකරණයකම තිබූ නඩු සම්බන්ධයෙන් ඇගේ ස්වාමියා මැදිහත් වී ඔහුට අවශ්‍ය ආකාරයට තීන්දු ලබා දී ඇති අතර එසේ තීන්දු ලබා දී ඇත්තේ ඔහු අධික මුදලක් අය කිරීමෙන් බවට තොරතුරු හෙළි වී තිබේ.
අධිකරණ සේවා කොමිසමට තවත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය නිසා මල්ලාකම් අධිකරණයේ විනිසුරුවරියගේ සේවය අත්හිටුවා තිබේ.







