අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයට අපහාසයක් වුනේ නෑ… එක් විනිසුරුවරයෙකුගේ ක්‍රියා කලාපය ගැන අළු යට තිබුණු ගිනි පුපුරු පුපුරා ගියා පමණයි… අධිකරණ ඇමති කියයි!

by editor
නොවැම්බර් 9, 2023
in පුවත්
Wijedasa-R
Share on FacebookShare on Twitter

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධව ඊයේ පුපුරා ගියේ අලුත් කතාවක් නොව,  අධිකරණ ක්ෂේත්‍රයේ සහ නීතිඥ ප්‍රජාව තුළ සංවාදයට ලක් වෙමින් අළු යට සැඟවුන ගිනි පුපුරක් සේ පැවති සිද්ධියක් බවත් එය සම්බන්ධව සමස්ථ අධිකරණ ප්‍රජාවම කණස්සල්ලට පත් විය යුතු නැති බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද (09) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු කීවේ ඊයේ සංවාදයට ලක් වූයේ සමස්ථයක් ලෙස අතිශය පාරිශුද්ධ අධිකරණ පද්ධතිය තුළ සිදුවුන එක් හුදකලා සිද්ධියක් පමණක් බවය.  ඊයේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සිය  ප්‍රකාශය අතරතුරත් මේ බව පැහැදිලි කළේය.

කෙසේ වෙතත් නිමල් සිරිපාල අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ සිය කතාව අවසන් කරනු ලැබුවේ “පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මේ විදිහට  අධිකරණය විවේචනය කරන්න ඉඩක් නෑ. අපි අධිකරණය ඉතාම හෑල්ලුවට පත් කළා. මම ඒ ගැන නීතිඥවරයෙක් ලෙස අධිකරණයෙන් සමාව ඉල්ලනවා.” ලෙස පවසමිනි.

විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මෙසේද පැවසුවේය.

“අභියානාධිකරණයේ සභාපති ගැන කතා වුනා. මේ කාරණාව සම්බන්ධව නීතිඥ ප්‍රජාව තුළ අලු යට ගිනි අඟුරුක් වගේ කතා වෙමින් තිබුණු කාරණාවක් තමයි ඊයේ පුපුරලා ගියේ.”

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

“ඒක ඇවිත් එක්තරා හුදකලා සිද්ධියක් හා ගැටුන විනිසුරුවරයෙක් සම්බන්ධව තිබුණ විවේචනක්.

නමුත් මේ අපි පාර්ලිමේන්තුව තුළ ඇතිවුන තත්ත්වය සන්නිවේදනය වන ආකාරය හේතුවෙන් බොහෝ විනිසුරුවරුන් සහ නීතිඥ ප්‍රජාව අපහසුතාවයකට පත් වෙලා තියනවා. සමහර වෙලාවට ඒ පුවත් පලකරනකොටම ශීර්ෂ පාඨයෙන්ම පේන්නේ සමස්ථ අධිකරණ පද්ධතියටම විධායකයෙන් පහර එල්ල කළ ආකාරයක්. ඒක තමයි තමයි පෙනෙන්න තියෙන්නේ. ඒක නිවැරදි නෑ.

පැහැදිලිව කියන්න ඕන අධිකරණයේ අගවිනිසුරුවරයාගේ සිට මහේස්ත්‍රාත්වරයා දක්වා අධිකරණවල ක්‍රියාකලාපයන්හි අපක්ෂපාතීත්වය සම්බන්ධව ස්වාධීනත්වය සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ කිසිසේත්ම අභියෝගයට ලක් කළේ නෑ. එක් විනිසුරුවරයෙක්ගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කළ ආකාරය ඇත්ත.

නීතිඥවරු සම්බන්ධවත් එහෙමයි. පොදුවේ නීතිඥවරුන්ගේ ක්‍රියා කලාපය ගැන විවේචනය වුනේ නෑ.

මේ විනිසුරුවරයා ඉවත් කරනවා නම් එය කළ හැක්කේත් පාර්ලිමේනතුවට පමණයි. මොකද අභියාචනාධිකරණ විනිසුරුවරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කිසිම ආයතනයකට හෝ පුද්ගලයෙකුට යටත්ව නෑ. බැඳිලා නෑ.

ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  107 ව්‍යවස්ථාව යටතේ යෝජානාවක් ඉදිරිපත් කරලා එය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න ඕන.

මේ ව්‍යවස්ථාව ආරම්භ කළාට පස්සේ අගවිනිසුරුවරුන් 03 දෙනෙකුට  දෝෂාභියෝග ආවා. නෙවිල් සමරකෝන් අග විනිසුරු තුමාට එල්ල වුන දෝෂාභියෝගයත්, සරත් එන් සිල්වා අගවිනිසුරුතුමාට එල්ල වුන දෝෂාභියෝගයත්  ඉදිරියට ගියේ නෑ. එහෙත් ශිරානි බණ්ඩාරනායක මැතිනියට එරෙහිව දෝෂාභියෝගය ක්‍රියාත්මක වී ඇය ධූරයෙන් පහ කළා.

මේ සෑම අවස්ථාවකම එල්ලවුන චෝදනාවක් තියනවා ඒ අධිකරණය සහ විධායකය අතර ඇතිවන ගැටුමක් කියලා. ඒත් අද ඒ වගේ තත්තවයක් නෑ. මහජන මතයට එකඟව පාර්ලිමේන්තුව පක්ෂ භේදයකින් තොරව එකතු වෙලා තියනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ දූෂිත සගයන් කීපදෙනෙක් බේරා ගන්න විවාදය අතර මන්ත්‍රීවරයෙක් මෙහෙයුමක..

Next Post

ෆයිට් එක මරු… ඒත් පත් කළ අතුරු පාලක කමිටුව අවුල්… විජිත හේරත් කියයි!

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.