සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපනය අවුල් කරන්නේ සියයට තුනේ පක්ෂයයි – ඇමති ජොන්ස්ටන්

by Lanka Sara Editor
අගෝස්තු 3, 2021
in පුවත්
johnston fernando
Share on FacebookShare on Twitter

සමස්ත දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම ගුරුවරුන් ද අනතුරේ හෙළා ඇත්තේ සියයට තුනේ පක්ෂයක අය සහ වෘත්තීය සමිති විසින් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලංකාවෙ දරුවන්ගෙ අධ්‍යාපනය අනාගතය ප්‍රාණ ඇපයට ගෙන පටු දේශපාලනය නොකරන්නැයි වෘත්තිය සමිතිවලට සහ ඊට උඩගෙඩි දෙන දේශපාලන පක්ෂ වලට කියාසිටින බව අමාත්‍යවරයා කියාසිටියේ දින (03) මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මේ අදහස් පළකළේය.

“කොවිඩ් වසංගත තත්වය නිසා පාසල් වහලා තියෙනවා.නමුත් ගුරුවරුන්ට හැකි විදියට කැපවීමෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇප කැපවී වැඩ කලා.නමුත් වෘත්තීය සමිති හා සියයට තුනේ පක්ෂයක අය සමස්ත ගුරුවරුන් වගේම දරුවන්ගේ අධ්‍යාපනය අනතුරේ හෙලලා තියෙනවා. ඒ වගේම උද්ඝෝෂණ වලට ගුරුවරු පාරට බස්සලා ඔවුන්ගේ ජීවිත වගේම දරුවන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරලා තියෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සියයට තුනේ පක්ෂය දරුවන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරපු පලවෙනි අවස්ථාව නෙවෙයි. ඉතිහාසයේ කැරලි ගහලා කීදෙනෙක් විනාස කලාද විදුහල්පතිවරු විශ්ව විද්‍යාල ආචාර්‍ය්වරු ගුරුවරු විශ්ව විද්‍යාල සිසුන් පාසැල් සිසුන් කීදෙනෙක් මරලා දැම්මද. බලහත්කාරයෙන් ශිෂ්‍යයින් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට අරන් ගිහින් නැති කලාද.දෙමාපියන් කී දෙනෙක්ට දරුවන් නැති කලාද. දරුවන් කී දෙනෙකුට දෙමාපියන් නැති කලාද.ඒ කාලෙ මිනී කන්නන්ගේ දේශය කියලා අන්වර්ථ නාමයකුත් හැදිලා තිබ්බනෙ.

ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගුරු වැටුප් විෂමතා වලට විසදුම් ලබාදෙනවා කියලා පැහැදිලිව කිවුවා. මේ වැටුප් විෂමතා ප්‍රශ්නය වසර විසිහතරක් තිස්සේ තිබුණු ගැටලුවක්.මේ ආණ්ඩුව තව වසර හතරක් තියෙනවා ඊට පස්සෙ එන්නෙත් අපිම තමයි අපි මේ ගැටළු විසඳනවා.වෙන ආණ්ඩුවකට ඉතිරි කරන්නෙ නෑ මේ ප්‍රශ්නය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ගැටළුවට විසදුම් දෙනවා කියලා දැන දැනත් මේ වෘත්තීය සමිති පාරට බහිනවා.ඒ මේ ගැටළු වලට විසදුම් ලැබුණෙ ඔවුන් කියලා පෙන්නන්න. පහුගිය යහපාලන කාලෙ කටක් ඇරියෙ නෑ. මෙහෙම පාරට බැස්සෙත් නෑ.දන්නවා ඒ ආණ්ඩු කාලෙ කිසිම දෙයක් කර ගන්න බෑ කියලා. හැබැයි අපේ ජනාධිපතිතුමා විසදුම් දෙන්න හදනකොට මෙන්න පාරට බැහැලා කොවිඩ් අස්සෙ බෝඩ් එල්ලගෙන.මතක තියා ගන්න මේ වෘත්තීය සමිතිවත් සියයට තුනේ අයවත් හින්දා නෙවෙයි ගුරු ප්‍රශ්නෙට විසදුම් දෙන්නෙ. කොවිඩ් වසංගතයෙන් ලෝකෙම බැටකාලා ඉන්නකොට කිසිම වගකීමක් නැතුව පාරට බැහැලා විසදුම් පෙනි පෙනී උද්ඝෝෂණය කරන එක ඉතාමත්ම නරක දෙයක් කියලා දකින්නෙ.

මේ විදියට ගුරුවරු පාරට බස්සලා වෘත්තීය සමිති හා සියයට තුනේ පක්ෂය කරන්නෙ රටේ ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාවම අනතුරේ හෙලන එක. මේ අය හදන්නෙ හතරවෙනි රැල්ලක් හදන්න.රට විවෘත කරන්න යනකොටම පටන් ගන්නවා උද්ඝෝෂණ. ඊට පස්සෙ කොවිඩ් හදාගෙන ඒවා ගෙදරට ගෙනියලා දරුවන්ටත් බෝ කරලා සමාජෙටත් පතුරවලා රටටම බෝ කරලා ආණ්ඩුවට බනින එක කරන්නෙ. එහෙම කරන්න එපා රටක් විදියට හිතන්න පක්ශ වල වෘත්තීය සමිතිවල ගොඩ වැඩි කර ගන්න බලන්නෙ නැතුව.

කොවිඩ් වසංගත තත්වය නිසා ලෝකයම අමාරු අවස්ථාවක ඉන්නකොටත් අපි ගුරුවරුන්ගේ වේතන ගෙව්වා. දීමනා දුන්නා රජයේ සේවකයින්ගේ වේතන දුන්නා. ලංකාවෙ දරුවන්ගෙ අධ්‍යාපනය අනාගතය ප්‍රාණ ඇපයට අරගෙන පටු දේශපාලනය කරන්න එපා කියලා මේ වෘත්තිය සමිතිවලටයි මේවාට උඩගෙඩි දෙන දේශපාලන පක්ෂ වලට මතක් කරන්න කැමතියි. දෙමාපියන්ගෙ ලොකුම හීනෙ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන එක.ඒ ලස්සන් හීනෙට දේශපාලන පටු අරමුණු කියන තුවක්කු වලින් වෙඩි තියලා විනාශ කරන්න එපා කියලා මම කියන්න කැමතියි.

ඇත්තටම මේ වගේ වෙලාවක පොදිකකා උද්ඝෝෂණය කරන්න අවශ්‍ය නෑ. ඒ වෙලාවත් දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන කැප කරනවානම් ඒක වෘත්තිය සමිති වගේම මේ උද්ඝෝෂණ පිටිපස්සෙ ඉන්න දේශපාලන පක්ෂ කරගන්න ලොකු පිනක්. රුසියාවේ ලෙනින් දරුවන්ට හොදම දේ දෙන්න කිවුවා. ලංකාවේ ස්ටාලින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාවට රට ‍අරින හැටි සංචාරක ඇමති ප්‍රසන්න රුසියාවේ දී කියයි…

Next Post

නංගිට ඉංග්‍රීසි අකුරු ලියන්න බැරි බව මියගිය ඉෂාලිනීගේ අයියා කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.