අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ උසස් පෙළ සිසුවකු විසින් බව හඳුනා ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
කෘත්‍රිම බුද්ධිය විෂයය හදාරන එම සිසුවා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ වෙබ් අඩවියේ ආරක්ෂක ගැටලුවක් පෙන්වා දීම සඳහා තමා මේ ප්‍රහාරය එල්ල කළ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුළු පාර්ශ්ව රැසක් ඒකාබද්ධව විශේෂ විමර්ශනයක් සිදු කරමින් පවතින බවත්, අදාළ අංශ හැකි ඉක්මනින් වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින අතර, මේ පිළිබඳ පරිශීලකයන්ට සිදු වන අපහසුතාව ගැන කනගාටුව ප්‍රකාශ කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.