අද සහ හෙට ඩීසල් නොලැබුණහොත් අනිද්දා සිට බස් ධාවනය කිරීමට නොහැකි වනු ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
කෙසේ නමුත් ඩීසල් නොලැබීම හේතුවෙන් ලබන සදුදා සිට බස් ධාවනය කිරීමට සැලසුම් කර ඇත්තේ සියයට 50ක ප්‍රමාණයක් යැයි ද ඒ අනුව දිනකට සිදුකළ ගමන් වාර 6 ගමන් වාර 3ක් දක්වා අඩුකරන බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්ස කියයි.
ඉන්ධන පිරවුම්හල්වලින් බස්රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දිම මේ වන විටත් සීමා කර ඇති බැවින් බස්ධාවනය කීරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි හෙතෙම පැවසීය.
කෙටිගමන් බස් ධාවනය සඳහා දිනකට රුපියල් 5000 – 6000ක ඩීසල් අවශ්‍ය වන අතර දිගුමන් බස්රථ ධාවනය සදහා දිනකට රුපියල් 10000 – 12000ක ඩීසල් අවශ්‍ය වන බව ගැමුණු විජේරත්න සදහන් කරයි.
ඉන්ධන ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සදහා ප්‍රවාහන අමාත්‍යවරයා සහ ඇමතිවරයාව සම්බන්ධ කර ගැනීමට කොතෙක් උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ වූ බවත් ඔහු කීවේය.







