පැය 24ට අලුත් ආසාදිතයන් 23500ක්
අද රාත්‍රි 10.00 සිට ලබන සඳුදා පෙරවරු 5.00 වන තෙක් දින 6ක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ඇඳිරි නීතිය පැනවීමට නවදිල්ලි ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
ගෙවුණු පැය 24ක කාලය තුළ නවදිල්ලියේ නව කොවිඩ් ආසාදිතයන් 23500කට වඩා වාර්තා වීම මෙම පියවර ගැනීමට හේතු වූ බව දිල්ලි මහඇමති අරවින්ද් කේජ්රිවාල් සඳහන් කළේය.
නොසිතූ ලෙස වැඩි වූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය සමඟ අගනුවර සෞඛ්‍ය දේහයට උසුලාගත නොහැකි මට්ටමට ළඟා වී ඇති බැවින් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සහ මහඇමතිවරයා හදිසියේ රැස්වී සෞඛ්‍ය බලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ කළ කතා බහෙන් අනතුරව මෙම තීරණය ගෙන තිබේ.
ආසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුමේ ප්‍රාන්තය තුළ අර්බුදයක් මතුවීමට ඉඩ ඇති බැවින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන්ද අ්‍යශය වුවහොත් ඔක්සිජන් සහ වෙන්ටිලේටර ගෙන්වා ගැනිම පිළිබඳව සාකච්ඡා වී ඇත.
අර්වින්ද් කේජ්රිවාල් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍යයට සඳහන් කර තිබුණේ තමන් ලොක්ඩවුන් සංකල්පයට තදින් ම එකඟ නොවන පුද්ගලයකු වුවද මේ මොහොතේ තත්ත්වය පාලනය කිරීමට වෙනත් විකල්පයක් නොමති බැවන් මෙසේ දින හයක ඇඳිරි නීතියක් ක්‍රියාත්මක කිරීමට අකැමැත්තෙන් හෝ සිදුවූ බවය.