අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන බව මාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.
අමාත්‍යවරයා කියා සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවය.
“මම ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලනවා අද මධ්‍යම රාත්‍රි 12 සිට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය මහජනයාට අත්‍යාවශ්‍ය සේවය පරිවර්තනය කරලා හෙට සිට ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගන්නත් අනෙක් කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවී තමන්ගේ වගකීම නිසිලෙස ඉටුකළ අනෙකුත් අනෙක් වෘත්තීය සමිති සහ ඒවායේ 18,000ක් පමණ අනෙක් සේවකයින් වෙනුවෙනුත් ඒ ක්‍රියාමාර්ගය අපි ගන්නවා.” යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.
එමගින් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.