ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම කපා හැරීමට රජය අද (03) තීරණය කළේය.
ගොවි සංගම් කිහිපයක ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, ගොවීන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ උඩරට වැවිලි ප්‍රජාව සඳහා වන ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම ප්‍රඥප්තිය උඩරට වැවිලි ප්‍රජාව පුළුල් සමාජ ආර්ථික ව්‍යුහයක් තුළට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම සඳහා රජයේ කැපවීම සාක්ෂාත් කරන දර්ශකයක් බවත් වතුකරයේ ප්‍රජාව දිගින් දිගටම මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවිමටත් ශ්‍රී ලංකාව තුළ සාධාරණ සමාජයක් ගොඩනැගීමටත් මින් හැකිවනු ඇති බව රජය පැවසුවේය.
එමෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ ජනාධිපති විද්වත් කමිටුවේ අවසන් වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව 2025 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට නිර්දේශ කරයි.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට භාණ්ඩාගාරය කැපවී සිටින බව උදය ආර් සෙනෙවිරත්න පවසන අතර එම විද්වත් කමිටුවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වුන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
මේ අතර කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත අද සංශෝධන නොමැතිව පාර්ලිමේන්තුව තුළ සම්මත වුනේය. .







