2023 වසර සඳහා වන අයවැයට, පක්ෂයක් ලෙසින් සියලු දෙනා එක්ව සහය දක්වන බව පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
අද දින පාර්ලිමේන්තුවේදී අයවැයේ තුන්වෙනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීන් පැවැත්වුණු මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් පළ කරමින් ඔහු පවසා සිටියේ අද මැතිවරණ කොමිෂන් සභාව රැස්ව පළාත්පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන බවයි. එහිදී පක්ෂයක් ලෙස ඡන්ද පැවැත්වීම හේ ඡන්ද නැවැත්වීම සම්බන්ධයන් බලයක් නොමැති නමුත් ඕනෑම ඡන්ද විමසීමකට සූදානම් බව පැවසීය. ඕනෑම මැතිවරණයකන් ජයග්‍රහණය කොට අපේක්ෂිත අරමුණු කරා යෑමට හැකි යැයි විශ්වාසයක් ඇති බව ද සඳහන් කළේය.
රටේ ඇතිව ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක් නොවන බව ද, ජනතාව එය එලෙස වටහා ගත් බව ද පැවසූ ඔහු කොවිඩ් වසංගතය හා, රුසියානු යුක්රේන යුද්ධය පදනම් කරගෙන ඇති වූ ලෝක ආර්ථික අර්බුදයක් මෙරටට ද බලපෑ බව ද සඳහන් කළේය.