ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුගතකරණය සැලසුම් පිළිබඳව අද ජපාන මුදල් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් ආරම්භ වන වැඩ සටහනට චීනයේ සහභාගීත්වය ලබා දෙන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් චීනය නිවේදනය කර නැති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර් ගසඳහන් කරයි. ජපාන මුදල් අමාත්‍ය සුසුකි මහතාගේ ප්‍රදානත්නවයෙන් සහ ඉන්දියාව, ප්‍රංශය ඇතුළු රටවල සහභාගීත්වනේ ආරම්භ වන මෙම සාකච්ඡා සඳහා මේ වනවිටත් චීනයට ආරධනය කර ඇති බව සඳහන් වුවද චීන රජය ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් වෙයි.
ශ්‍රි ලංකාවේ පවතින ද්වී පාර්ශ්වික ණයවලින් වැඩිම ප්‍රතිශතයක් දරන චීනය ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ලබා දෙන සහභාගීත්වය පිළිබඳව මේ වනවිට ලෝකයේ අවධානය යොමුව ඇති අතර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මේ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන්ද විමසීය. මේ වනවිට ඇමෙරිකාවේ වොෂින්ටනය් පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සමුළුව සඳහා සහභාගීව සිටින මහ බැංකු අධිපතිවරයා බ්ලූම්බර්ග් රූපවාහිනිය වෙත සඳහන් කළේ මෙතෙක් ශ්‍රි ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සහය දක්වන ආකාරයට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහනටද චීනය සිය උපරිම සහය ලබා දෙන බවට තමන්ට විශ්වාස බවය.
එහිදී මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ශ්‍රි ලංකාව චීනය ඇතුළු රටවල්වලට අනිවාර්යයෙන් ගෙවිය යුතු ණය පිළිබඳව විධිමත් වැඩපිළිවෙළකට එලඹීම සඳහා චීනයේ සහය ඉතා වැදගත් වන බවය.







