සෑම දෙසතියකටම වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනයට අනුව අද සිදුවන සංශෝධනයේ දී ඉන්ධන මිල සුළුවශයෙන් පහළ යෑමක් සිදුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මිල සංශෝධනය සෑම දෙසතියකටම වරක් පළමු වැනි සඳදා සිදුකෙරේ.
මීට පෙර අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිල රුපියල් 10කින් අඩු වූයේය.