අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වෙන බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කරයි.
ඔවුන් පවසන්නේ පුද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අදානි කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ජනපතිවරයා සමග සාකච්ඡා කරන බවය.
අදානි සමාගම බටහිර බහාලුම් පර්යන්තය ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධව සංවර්ධන කිරීම සඳහා ගිවිසුම්ගතවී සිටී.
ඇමරිකානු ඩොලර් මිලියන 700ක ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතිය පසුගිය සැප්තැම්බර් 30 දා අත්සන් කළේය. එහි සියයට 51ක කොටස් හිමිකාරිත්වය දරන්නේ අදානි සමාගමය.
කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ලබන නොවැම්බර් මස ආරම්භ කිරීමට නියමිත බව අදානි සමුහ ව්‍යාපාරය විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණි.