අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අදානි ගේ දේශීය නියෝජිතයා ජොන් කීල්ස්… කොළඹ වරායම ඉන්දියාවට ද?

by editor
ජනවාරි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ ලංකාවේ නියෝජිතයා ලෙස දැනට කොළඹ වරායේ SAGT පර්යන්තය බදු ගෙන ඇති ජෝන් කීල්ස් සමාගම තෝරාගත් බව  ඉන්දියාවේ අදානි සමාගම ප්‍රකාශයට පත්කර කළේය.

ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ විශාලතම ලැයිස්තුගත සමාගම වන්නේත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගමය.

ජොන් කීල්ස් සමාගම මේ වන විට කොළඹ වරායේ SAGT පර්යන්තය හරහා කන්ටේනර් මෙහෙයුම්වලින් 35%ක්  සිදු කරමින් සිටී.

SAGT පර්යන්තය ජෝන් කීල්ස් සමාගමට වසර තිහකට බදු දෙනු ලැබුවේ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ දීය.  එම ගිවිසුම 2028 දී අවසන් ව එම පර්යන්තයේ යළි වරාය අධිකාරියට ලැබීමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධව දැනට පවතින තත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ඉන්දියාවේ Adani Watch වෙබ් අඩවිය වාර්තා කළේ  මේ ගනුදෙණුව පිළිබඳ එකඟතාවයකට එන්නේ 2020 ජනවාරි 6 වන දින ඉන්දීය විදේශ ඇමතිවර ආචාර්ය එස්. ජයශංකර් විසින් ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී බවය. එහි දී නැගෙනහිර බහාලුම් පර්යන්තය ( ECT ) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහයට ප්‍රදානය කිරීමට තීරණය වූ බව එම වෙබ් අඩවිය පැවසුවේය.

අදානි සමූහය යනු ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ වරාය සහ සැපයුම් සමාගමය. වර්ෂ 2019 මාර්තු මස දී එවකට පැවති රජය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර  ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ   රාජපක්ෂ රජය බලයට පැමිණි පසු විදේශ රටවලට ප්‍රදානය කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කළ අකාරයය.  එහෙත්  මේ අතරතුර සංචාරය කළ ඉන්දීය විදේශ ඇමතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා  ඉන්දියාවේ අවශ්‍යතා හා සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ අතර අදානි සමූහයට ECT ලබා දීමට තීරණය කළ බව එම මාධ්‍යය වාර්තා කරන්නේය.

මේ අතර ඉන්දියාව මේ සතියේ දී ප්‍රකාශයක් කරමින්   ලංකාවේ වරාය, ගුවන්තොටුපල, පමණක් නොව, සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්තිය ඇතුළු බලශක්ති යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ  ව්‍යාපෘති සඳහා වැඩි විදේශ ආයෝජන සමග පැමිණ සහයෝගීතාවයෙන් යුතුව ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටින  බව ප්‍රකාශ කළ ආකාරය  menafn වෙබ් අඩවිය කියන්නේය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ කියා සිටියේ සමකාලීන ආර්ථික හා අනෙකුත් අභියෝග ජය ගැනීමට ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අකුරට වැඩ කිරීම ප්‍රකාශයට පත් කරමින් වරාය සේවකයෝ විරෝධතාවය අරඹති…

Next Post

රුසියාවේ කොවිඩ් එන්නත් යුක්රේනය තහනම් කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.