අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු ආධාර මැද ආපු අදානි ගැන “කෝප්“ කතාව

by Lankasara News
ජූනි 26, 2022
in පුවත්
Gautam Adani
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ සුප්‍රකට අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹදී හමුවූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ ඔහුගේ සමාගම කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් දින කිහිපයකට පසුවය. මෙම හමුව පිළිබඳව තොරතුරු වාර්තා කළ ජනාධිපති ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ “ඉන්දියානු මිතුරෙකු” හමුවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ දිනපොතේ සටහන් කර ඇති බවයි. අදානි සමුහ ව්‍යාපාරය විසින් මෙම හමුව එදා තහවුරු නොකළ නමුත්, දින දෙකකට පසුව ගෞතම් අදානි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවීමට ලැබීම භාග්‍යයක් බවය. කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අමතරව, දිවයිනේ තවත් යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් තමා උනන්දු වන බවද අදානි එදින ප්‍රකාශ කළේය.

එලෙස ශ්‍රී ලංකාවට පැමිණි ගෞතම් අදානි මේ වසරේ මාර්තු මාසයේදී නිල වශයෙන් නිවේදනය කළේ මෙරට මහා පරිමාණ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹුණු බවයි. එම අවබෝධතා ගිවිසුමට 2022 මාර්තු 11 වැනිදා අදානි සමුහයේ නියෝජිතයන්, මුදල් අමාත්‍යංශය සහ ආයෝජන මණ්ඩලය විසින් අත්සන් තැබුහ. උතුරු පළාතේ මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල මෙම ව්‍යාපෘති දෙක ස්ථාපනය කෙරෙන බව එහිදී ප්‍රකාශ කෙරුණි. මෙම ව්‍යාපෘති දෙක ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් එක්කිරීමට නියමිත බවත් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 500ක ආයෝජනයක් කෙරෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ විය. ඒ වන විටත් ශ්‍රී ලංකා රජය විසින් උතුරේ දූපත් කිහිපයක විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් චීනයට අවසර ලබාදී තිබුණු නමුත් තමිල්නාඩුවට පවතින සමීපතාව හේතුවෙන් ඉන්දියාව ඊට විරෝධය පළකිරීමෙන් අනතුරුව එම ව්‍යාපෘති අත්හිටවිනි. . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේදීද 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය මගින් කළයුතු බවට ප්‍රතිඥා දී ඇති අතර, එම අදානි ව්‍යාපෘතියද එම ප්‍රතිපත්තිය සමග සමාන්තරව ගමන් කරයි.

එලෙස ආරම්භ කෙරුණු අදානි ව්‍යාපෘතිය නැවත, මේ වන විට බරපතළ උනන්දුවක් මතුකරමින් කරළියට පැමිණ ඇත. මේ කතාබහට පදනම දමන ලද්දේ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩෝ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පසුගිය සතියේ සිකුරාදා (10) කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයකි. හිටපු සභාපතිවරයා ඉතාම සැහැල්ලුවෙන් එහිදී ප්‍රකාශ කරන ලද්දේ මෙම පුනර්ජනනීය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කර ඇති බවයි. එම බලපෑම පිළිබඳව තමාට ජනාධිපතිවරයා විසින් දැනුම්දුන් බවද ඔහු අවධාරණය කළේය. කෙසේවෙතත් මෙම ප්‍රකාශයත් සමග මෙරට මෙන්ම ඉන්දියාවේද දැඩි ආන්දෝලනයක් ඇතිවිණි. . එම නිසාම හැරෙන තැපෑලෙන් ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේය. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ විදුලි බල මණ්ඩල සභාපතිගේ ප්‍රකාශය”දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන” බවයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ලංවිම සභාපතිගේ කතාව ප්‍රතික්ෂේප කිරීමත් සමග එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩෝ සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගත් අතර, තමාට එම අවස්ථාවේ පැවැති අධික පීඩනය හේතුවෙන් එවැනි ප්‍රකාශයක් කෙරුණු බව පවසමින් කෝප් කමිටුවට දැනුම්දීමක් කළේය. . ඉක්බිතිව හෙතෙම ඊට පසුදින ලංවිම සභාපති ධුරයෙන්ද ඉල්ලා අස්විය මෙම සිදුවීමත් සමග ලංකාවේ දේශපාලනය නැවතත් උණුසුම් විය. චීන හිතවාදී දේශපාලන කණ්ඩායම් සහ වෘත්තීය සමිති හරහා අදානි ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ‘පාඩුවක්’ බව උලුප්පා දක්වමින් විරෝධතාවක් ආරම්හ කෙරීණි. එසේම ඔවුන් එය මේ වන විට නැවතත් පොදු ‘ඉන්දීය විරෝධයක්’ බවට පත්කරවීමේ උත්සාහයක් නිරතවෙමින් සිටි. අදානි සමූහය දිවයිනේ බලශක්ති ක්ෂේත්‍රයට ඇතුළුවීම පිළිබඳව මෙරට පාර්ශ්ව ප්‍රශ්න කළ හෝ මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදිගේ නම සඳහන් කළ පළමු අවස්ථාව මෙය නොවේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

2022 මාර්තු මාසයේදී මීට අදාළ ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදීද සමගි ජන බලවේගය විසින් මෙම චෝදනාවම එල්ල කළේය. මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ මාස 09ක පමණ කාලයක් තිස්සේ සාමන්‍ය පරිදි ගමන් කළ, ප්‍රසිද්ධියේ තොරතුරු අනාවරණය කෙරුණු මෙම අදානි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එක්වරම පැනනැගුණු විරෝධය සහ එය මතින් නිර්මාණය කිරීමට උත්සාහ කෙරෙන ඉන්දියානු විරෝධයයි. මෙම වසර මුලදී දැනට උද්ගතව ඇති බරපතළ මුල්‍ය අර්බුදය ආරම්භ වන අවස්ථාවේ සිට මේ දක්වාම ශ්‍රී ලංකාවට සෘජුවම ණය සහ ආධාර සැපයීමට ඉදිරිපත්ව සිටින්නේ ඉන්දියාවයි. ඉන්දියාව වසරේ ගෙවුණු මාස 05ක කාලයේදී පමණක් මෙරටට ලබාදී ඇති හදිසි ණය සහනවල(Credit Line) සහ හුවමාරු ණයවල වටිනාකම ඩොලර් බිලියන 3.5කට වැඩිය. පසුගිය ජනවාරියේ සිට මේ දක්වාම මාසයකට ඩොලර් බිලියනය බැගින් රටට ඉන්ධන ඇතුළුව භාණ්ඩ ආනයන වෙනුවෙන් ණයවෙමින් සිටින ශ්‍රී ලංකාවට ඉන්දියාවේ මෙම සහාය වීම තීරණාත්මක බව නොකිවමනාය. පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට පසුගියදා ජනමාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂද ඉතා ආඩම්බරයෙන් පෙන්වාදුන්නේ රටේ ජනතාව අදටත් යැපෙන්නේ තමා මැදිහත්වී ඉන්දියාවෙන් දුන් ණය මගින් මෙරටට භාණ්ඩවලින් බවයි.

එසේම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, මෑත කාලීන සියලුම ඉහළ මට්ටමේ රැස්වීම් වලදී (හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාසයේදී ඉන්දීය අගමැති මෝදි සමඟ පැවැත්වූ රැස්වීම ඇතුළුව) තිරසර බලශක්තිය සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර ඇත. එය රටට රහසක් නොවෙයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර්හි සූර්ය බලාගාරයක් ඒකාබද්ධව පිහිටුවීම සඳහාද ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සමගද පසුගිය මාර්තු මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලය ගිවිසුමක් අත්සන් කර තිබේ.. දැන් ජාතික සම්පත් විකුණාදමන බව පවසමින් අදානි ව්‍යාපෘතියට විරෝධය එල්ල කරන විදුලි වෘත්තීය සමිති, එදා එම ගිවිසුම් වෙනුවෙන් කිසිදු හඬක් නැගුවේ නැත.

අනෙක් අතට, පසුගිය මාර්තු මාසයේ සිටම ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම කරන ලද්දේ ඉන්දියාව විසිනි. ඒ වෙනුවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය සහනය ඩොලර් මිලියන 700කි. ඉන්දියාව මෙලෙස ඉන්ධන සපයා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 750කට වැඩි ‘පොලු තියා’, තවදුරටත් ඉන්ධන ගැනීමට සැපයුම්කරුවන් සොයාගත නොහැකි පසුබිමකය. එම නිසා ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය, එසේම පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක් වන අදානි ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම වෙනුවෙන් හදිසියේ ඉන්දීය අගමැතිවරයගේද නම සඳහන් කරමින් රඟ දැක්වුණු මෙම නාටකය ඉන්දියාවේ අභිමානයට එක් පසෙකින් වැදුණු පහරකි. ඇතැම් ඉන්දීය ජනමාධ්‍ය පෙන්වාදී ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ මෙම හැසිරීම ‘උපකාර කිරීමට පැමිණි පුද්ගලයාට පස්ස හැරවීමකි’.

කෙසේ වෙතත් මෙම ගැටලුව මේ වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් බවට පත්වන තරමටම දුරදිග ගොස් ඇත.. අදානි සමුහය පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය බලශක්ති වැඩසටහනක් වන සිය ව්‍යාපෘතිය පිළිබඳව උද්ගතවී ඇති මෙම තත්ත්වය පිළිබඳ බරපතළ ලෙස කනස්සල්ලට පත්ව සිටින බවයි. අනෙක් අතට, ශ්‍රී ලංකාවට ඉදිරි මාස කිහිපය වෙනුවෙන් ලබාදීමට ඉන්දියාව එකඟව සිටි ඩොලර් මිලියන 500ක ඉන්ධන වෙනුවෙන්වූ ණය සහනයද (Credit Line) මෙම ගැටලුව හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති බව පෙනේ. . ඛනිජතෙල් සංස්ථා වාර්තා අනාවරණය කරන ආකාරයට අනවශ්‍ය ලෙස ඉන්දියානු විරෝධයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අවුළුවන ලද මෙම ‘අදානි අවුල’ හේතුවෙන් මීළඟ ඉන්ධන ණය සහනය පිළිබඳව දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡා අතරමග ඇනහිට තිබෙනවා. එමනිසා පසුගිය බ්‍රහස්පතින්දා මෙරටට පැමිණි අවසන් ඩීසල් නෞකාවෙන් අනතුරුව තවදුරටත් ඉන්දියානේ දැනට ඉන්දන එන්නේ නැත. ඉදිරි මාස කිහිපය වෙනුවෙන් ඉන්දියාවෙන් ඉන්ධන සපයනු ඇතැයි අගමැතිවරයා සිය අවසන් ප්‍රකාශයෙන් රටට පැවසුවද, යථාර්ථය වී ඇත්තේ එයයි. ෙකාෙහාම වුණත් ෙමම ළුාපෘති ෙම් ෙමාෙහාෙත් රටට තීරණාත්මක ෙලසන් අවශයය. ඒහිදී කළ යත්ෙත් පවතනි ගැටලු නිරාිකරණය කරෙගන ඉදිරියට යාමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිපෙටිකෝ අයි.ඕ.සී. වැනි පිටරට සමාගම්වලට විකුණන්න යයි… කැබිනට් පත්‍රිකාව හෙට…

Next Post

රෝහලට යන්න  ඉන්ධන නෑ… නිකවැරටියේ මවක් නිවසේ දි දරු ප්‍රසූතිය කරයි…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.