කොචිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් අද වාර්තා වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 459 කි.
01. කඩවත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 21 වන දින මියගොස්
ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමඟ හෘද
රෝගී තත්ත්වයක් සහ සංකූල වූ දියවැඩියාවයි.
02. වත්තල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. කිරිබත්ගොඩ මූලික රෝහලේ සිට කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩි නියුමෝනියාව සහ බැක්ටීරියා ආසාදනයකි.