කීර්ති ප්‍රනාන්දු –
අද (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ.
අගෝස්තු මස 3 වනදා පෙරවරු 10.30 මීලඟ පාර්ලිමේන්තුව ආරම්භ කරන බව එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශ වී ඇත.
9 වන පාර්ලිමේන්තුවේ පළමු වාරය 2020 වසරේ අගෝස්තු මස 20 වනදා ආරම්භ වූ අතර එහි වාර අවසාන කෙරුණේ 2021 වසරේ දෙසැම්බර් 12 වනදා නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.
අද මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරෙන 09වන පාර්ලිමේන්තුවේ දෙවන වාරය ආරම්භ කෙරුණේ මෙම වසරේ ජනවාරි 18 වනදායි.