අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව රජයේ මුදල් ඇමතිවරයා ලෙස හෙට ( 25) දිවුරුම් දීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි ලෙස කටයුතු කළ ද පැවති ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වූ පසු මුදල් ඇමති ධුරය ද පුරප්පාඩු විය.
ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට දිනකට පෙර වැඩ බලන මුදල් ඇමතිවරයා ලෙස පත්ව කටයුතු කළේය.
රනිල් වික්‍රමසිංහ රටේ අගමැති ලෙස හය වතාවක් පත්වී සිටිය ද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙන පළමු අවස්ථාව මෙය වේ.