රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට අගමැතිනිය මහ රෑ රහසේ පැමිණි බවට වූ ප්‍රවෘත්තිය මාධ්‍ය ආයතන වෙත ලබා දී ඇත්තේ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන විසින් බව විමර්ශන අංශ මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.
ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක මුලින්ම මෙම ප්‍රවෘත්තිය පල වී තිබුණු අතර ඉන් පසු තවත් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ජාලා කීපයක අදාල ප්‍රවෘත්තිය පළවූයේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයේ දී එම සෑම මාධ්‍ය ආයතනයක්ම අදාළ ප්‍රවෘත්තිය සත්‍ය බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තහවුරු කළ බවට ප්‍රකාශ දී ඇතිබව අනාවරණය වේ.
මෙම සිද්ධිය සම්බන්ධව ඊයේ දිනයේ දී විමර්ශන අංශ විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත වූ අවස්ථාවේ සිට සමහර සිදුවීම් අතිශයෝක්තියට නගමින් වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කර ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ නීති විරෝධී ලෙස මාධ්‍යයට ලබා දීම සම්බන්ධව ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් ආරම්භ කර ඇත.
රුක්ෂාන් බෙල්ලන එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයෙක් ලෙස කැප වී කටයුතු කරන වෘත්තිකයෙකුට වඩා එහා ගිය දේශපාලනඥයෙක් බව රජය පාර්ශවයෙන් චෝදනා එල්ල වූයේය. කෙසේ වෙතත් තමන් එවැනි කිසිම දේශපාලන සම්බන්ධයක් සහිත පුද්ගලයෙක් නොවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍යයට පැවසුවේය.







