අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත් වන බව අද දහවල් වනතුරුත් දැනුම් දී නැතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ නිලධාරියෙක් පැවසීය.
මහින්ද සිය ධුරයෙන් ඉවත් වන බවත් නව අගමැතිවරයෙක් සමග වැඩ කිරීමට සූදානම් වන බවත් අරලියගහ මන්දිරයේ නිලධාරීන් සමග පැවසුවේ යැයි සමාජ මාධ්‍යයේ පලවන ප්‍රවෘත්තියක් සම්බන්ධව ලංකාසර කළ විමසීමක දී ඉහත නිළධාරියා මේ බව සඳහන් කළේය.
අගමැති මහින්ද රාජපක්ෂ තරමක අසනීප තත්වයක පසුවන බැවින් රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය යටතේ පූර්ණ කාලීනව වැඩ කළ හැකි පුද්ගලයෙක් අගමැති ධුරය සඳහා පත් කිරීමට නියමිත බව පසුගිය සතියේ ද ප්‍රකාශ වී තිබිණි.
මේ අනුව ආණ්ඩුව අභ්‍යන්තරයේ හටගෙන තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කර සියලු දෙනාට එකඟවිය හැකි අයෙක් අගමැති ධුරයට පත් කළ හැකි බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය.
එහෙත් අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය මේ සියලු තොරතුරු ප්‍රතික්ෂේප කර ඇත.