ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක් පිහිටුවීමට ඉන්දියාව සහ ජපානය පෙරමුණ ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාවය පළකර තිබේ.
ඒ අනුව සිව්පාර්ශවීය ආරක්ෂක කතිකාවේ සමාජිකයින් වන ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව එක්ව මෙම ආධාර සමූහය පිහිටුවා ඇති අතර ඊට ඉන්දියාව සහ ජපානය මූලික්වය ගෙන ඇත.
අග්‍රාමත්‍ය වික්‍රමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේබ සඳහන් කර තිබිණි. මේ අතර අග්‍රාමාත්‍ය ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් සමඟද සංවාදයක් පවත්වා තිබේ. ඒ සම්බන්ධයෙන් අග්‍රාමත්‍ය වික්‍රමසිංහ සඳහන් කර සිටියේ මෙරට මුහුණ දී සිටින දුෂ්කර කාලපරිච්ඡේදය තුල ඉන්දියාව ලබාදුන් සහයෝග පිළිබඳ ශ්‍රිලංකාව වෙනුවෙන් සිය කෘතඥතාව පළකරන බවයි.
එමෙනම් දෙරට අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවද වික්‍රමසිංහ මහතා සිය ට්විටර් සටහනේ දක්වා තිබිණි.
මේ අතර අග්‍රාමත්‍යවරයා විසින් තමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකයින් සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ බවත් එහිදී මෙරට ආර්ථික වැඩසටහනට සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි.
ඒ අනුව සාකච්ඡා කඩිනම් කිරීමදට පියවර ගන්නා බවද එහිදී වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.