අකුරේගොඩ ඝාතනය සිදුවන්නේ අධි ආරක්ෂිත කලාපයක නොවේ…මහජන ආරක්ෂක ඇමති කියයි!

කුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මට්ටමේ සිදුවීමක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු කීපයක් අවධාරණය කළේය.

අදාළ ඝාතනය සිදුවූ ප්‍රදේශය ඇතැමුන් පවසන පරිදි අධි ආරක්ෂක කලාපයක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙය හුදකලා සිදුවීමක් මිස නීතියේ ආධිපත්‍ය බිඳවැටීමක් ලෙස අර්ථකථනය කළ නොහැකි බව කියා සිටියේය.මෙ

එමෙන්ම මෙම සිදුවීම මුල් කරගනිමින් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බව පෙන්වීමට ඇතැම් පාර්ශව උත්සාහ ගන්නා බවත්, එම තර්කය පදනම් විරහිත බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

RelatedPosts

රට තුළ ඇති අනවසර ගිනි අවි පාලනය කිරීමට රජය දැඩි පියවර ගනිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය

පසුගිය කාලයේ දේශපාලනඥයින්ට නිකුත් කළ ඇතැම් ගිනි අවි තවමත් භාර දී නැති බව පෙනවා දුන් ඇමතිවරයා හමුදා කඳවුරුවලින් පාතාල කල්ලි වෙත ගිනි අවි ලැබුණු ආකාරය පිළිබඳව විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව  කීවේය.

සමාජයේ සංසරණය වන විශාල අවි ප්‍රමාණය පාලනය කිරීමට රජය කැපවී සිටින බවද ඇමතිවරයා අවධාරනය කළේය.

රජයක් ලෙස අපි කිසිවෙකුගේ ජීවිත අවතක්සේරු කරන්නේ නැහැ. ඝාතන සංස්කෘතිය අපි දැඩි ලෙස හෙළා දකිනවා. සෑම පුරවැසියෙකුගේම ජීවිත ආරක්ෂා කිරීමට අප රජය බලයට පත් වූ දා සිට අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් සිටිනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ පවුලේ ඥාතීන් වෙත රජයේ ශෝකය පළකරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT