බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්ෂි රෝහලේ රෝගීන්ගේ කෑම හොරකම වැලැක්වීමට ගිය නියෝජ්‍ය අධ්‍යක්ෂට මුළුතැන්ගෙයි සේවක මැරයින්ගෙන් තර්ජන!

by editor
පෙබරවාරි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

  • මාළු කෑල්ල බිත්තරය විතරක් නෙමෙයි, ගාපු පොල් ටිකත් හොරකම් කරන ආකාරය ෆොටෝ එක්කම ලැබිලා… මාස 03කට පෙර අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දුන්නත් කිසිම ප්‍රතිචාරයක් නෑ…

ජාතික අක්ෂි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබා දෙන ආහාර රෝහලේම මුළුතැන්ගෙයි සේවකයින් පිරිසක් විසින් ගසාකන පුවතක් වාර්තාවේ.

මෙම අප්‍රසන්න සිදුවීම සම්බන්ධයෙන් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මීට මාස තුනකට පමණ පෙර සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම්වත් කළ ද මේ දක්වා කිසිදු පරික්ෂණයක් සිදු නොකර පවතින පසුබිමක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මුළුතැන්ගෙයි ආහාර ගසා කන සේවකයින් කැඳවා අවවාද කිරිමක් පිළිබඳව මීට දින කීපයකට පෙර වාර්තාවිය.

මෙම අවාවාදයත් සමඟ උරන වූ සේවකයින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට බැන තර්ජනය කිරිම හේතුවෙන් රෝහල තුළ නොසන්සුන්තාවක් හටගත් බවද පැවසේ.

කෙසේ නමුත් ලංකාසර නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගෙන් විමසු විට ඔහු සඳහන් කළේ අසරණ රෝගීන්ට නොමිලේ ලබා දෙන ආහාර ගසාකෑම දිගින් දිගටම රෝහල් තුළ සිදුවන සිදුවීමක් බවය. මෙවැනි සිදුවීම් තමා රාජකාරි කරන ජාතික අක්ෂි රෝහල තුළ සිදුවනවාට දැඩිලෙස විරුද්ධ බවත් එය කෙසේ හෝ නතර කර අසරණ රෝගින්ට හිමිවිය යුතු පෝෂ්‍යදායී ආහාර වේල ලබා දිමට තමා කටයුතු කරන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

ඇතැම් අවස්ථාවන් වලදී රෝගීන්ට ලබාදෙන මාළු, එළවලු පවා රෝහල් මුලුතැන්ගෙයි පිට වන අයුරු ඡායාරූප සහිතව තමා වෙත රෝහලේ ඇතැම් සේවකයින් ලබා දී ඇති අවස්ථාවන්ද තිබෙන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලංකාසරට පැවසුවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

බොහෝ දිනවල ගාන ලද පොල් පවා අතුරුදහන් වන අවස්ථාවන් මෙන්ම ආහාර විශාල වශයෙන් අපතේ යවන බවද පෙන්වාදෙන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පළා මිටියෙන් හරි අඩක්ම අපතේ යවන බව උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය.

මීට ප්‍රථම රෝහල තුළ සේවය කල නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුද රෝහල තුළ සිදුවන සොරකම් අක්‍රමිකතාවන් නතර කිරීමට ගොස් සෞඛ්‍ය අමාත්‍යංශය එම වෛද්‍යවරයාට ස්ථානමාරුවක් ලබා දුන්නේය. පසුව ඔහුට එල්ල වුණ තර්ජනයන් හමුවේ හදිසි හෘදයාබාදයකට ලක්ව එම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ජීවිතයෙන් සමුගත් පුවතක්ද වාර්තා වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් ඉතිහාසයේ මුල්ම වරට පොලිස් ස්ථානාධිපතිවරු වැඩිම ගණනකට ස්ථාන මාරු…

Next Post

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිය අමතයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.