අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

හොරා කන්න පාර කපලා පොඩි ආයතන ඇතුළෙ මීඩියා ෂෝ පෙන්වන්නෙ කාට ද?

හිටපු කෝප් කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අසයි...

by editor
සැප්තැම්බර් 27, 2020
in දේශපාලන
Sunil-Hadunneththi

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති

Share on FacebookShare on Twitter

රාජ්‍ය මූල්‍ය පරිපාලනය පිළිබඳව දැනට නීතිය බවට පත් කර ඇති බලතල  විනාශ කර ඒ බලය ජනතාවට අහිමි කිරීමට යෝජනා කිරීමෙන් පසු, කෝප් කමිටුව වැනි ආයතනයක් මාධ්‍යයට වසා දමා හොරකමට පාර කැපීමෙන්  පසු, තමන්ගේ වචන චක්‍රලේඛ සේ සලකා රාජ්‍ය සේවකයන්ට කටයුතු කරන සේ නියෝග දෙන ජනාධිපතිවරයෙක්  මාධ්‍ය කණ්ඩායම් සහිතව පොඩි පොඩි ආයතනවලට රිංගා මීඩියා ෂෝ පෙන්වීමෙන් ප්‍රයෝජනයක් නැති බව හිටපු කෝප් කමිටු සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද (27) විශේෂ පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය.

20වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය ආයතන 117ක කෝටි හැත්තෑ හතර දහස් තුන්සීයක වත්කම් හා කෝටි තිස්  හතර දහස් හාරසිය හැත්තෑ එකක ආදායම් විගණයෙන් ඉවත් කර, එම මුල්‍ය පරිපාලනය සම්බන්ධ ජනතාවගේ ඇති වගකීම ඉවත්කර විගණකාධිපති රූකඩයක් කරන්නට ආණ්ඩුව යෝජනා කර ඇතැයි  මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කෝප් කමිටුවට ආධුනික මන්ත්‍රීවරයෙක් පත් කිරීම හා එහි කටයුතු සජීවීව වාර්තා කිරීම මාධ්‍යයට තහනම් කිරීම සිදු නොවිය යුතු දෙයක් සේ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“ 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විගණනයෙක් ඉවත් කරන ආයතන 117 ගැන ශ්‍රි ලංකා විගණන සේවා සංගමය කියනවා.  ඔවුන්ට අනුව මේ ආයතනවල වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 74,300ක්.  ආදායම් ප්‍රමාණය රුපියල් කෝටි 32,471ක්. මේ සියලු රාජ්‍ය මුදල් විගණනයෙන් ඉවත් වෙනවා. ඒ කියන්නෙ ඒ මුදල් ගඟේ මුදේ දැම්මා වගේ . මේ මුදල් පරිපාලනය සම්බන්ධව ජනතා වගකීමක් ඉන් පසුව නෑ. පාර්ලිමේන්තුවට වගකීමක් නෑ. සිදුවන දෙයක විනිවිද භාවයක් නෑ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මේ ඉවත්වන ආයතන  117 අතර කෝප් කමිටුව හරහා පරීක්ෂණ පවත්වපු මිහින් ලංකා ආයතනය, දැවැන්ත එයාර් බස් ගනුදෙණුවක් සිදුවුනු ශ්‍රි ලංකන් ආයතනය, ශ්‍රි ලංකා ක්‍රිකට් ඒඩ් ආයතනය, රක්නා ලංකා ආයතනය, සීනොර් ආයතනය, ලංකා හොස්පිට්ල් ආයතනය වැනි   ඇති ආයතනත් තිබෙනවා. ඒ පරීක්ෂණත් එතනින් ඉවරයි.“Sunil-Hdunneththi

“ඒ වගේම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසම ඉවත් කරන්න යෝජනා වෙනවා. විගණකාධිපතිවයා මෙතෙක් වගකීවේ පාර්ලිමේන්තුවට. ඔහු රාජ්‍ය සේවකයෙක් බවට පත්කරලා ප්‍රශ්න කළ නොහැකි රූකඩයක් කරනවා. ඔබ මොහොතක් කල්පනා කළ යත්තේ විගණන කොමිසමක් තියනකොට, ස්වාධීන විගණකාධිපතිවරයෙක් ඉන්නකොට රටේ සිදුවූ දූෂණ මේ තරම් ප්‍රමාණයක් තියනවා නම් එසේ නොවන තත්වයක මේ රටට අත් විය හැකි ඉරණම කුමක් ද යන්නයි.  උදාහරණයක් කියන්නම්. හම්බන්තොට වරායට එම කාර්යාලයේ ගිණුමක් නෑ, මුදල් අමාත්‍යංශයෙත් ගිණුමක් නෑ….“

තමන්ගේ වාචික ප්‍රකාශ චක්‍රලේඛණ සේ සලකා කටයුතු කරන්න කියලා රාජ්‍ය සේවයකන්ට කියන ජනාධිපතිවරයෙක් බවට ඔහු පත් වෙලා. මොනවද මේ වෙන්නේ. ජනාධිපතිවරයාට මිනිස්සු ආදරේ තමයි. ඔහු සහිත ආණ්ඩුවට ජනතාව තුනෙන් දෙකක බලයක් දුන්නා තමයි. ඒත් මිනිස්සු බලය දුන්නේ මේ විදිහෙ ජනතා ද්‍රෝහී විනාශ කරන්න නෙමෙයි.“

“මේක පැහැදිලිව තේරුම් ගත යුතුයි. දැනට නීතිය බවට පත් කරලා තියන මෙවැනි බලතල උඩ ලැගලා, ඒ බලය ජනතාවට අහිමි කරලා, මීඩියා ටීම් අරන් ජනාධිපතිවරයා කොහෙ රිංගුවත් වැඩක් නෑ“

20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවීමට නියමිත විනාශය සිදු වූ පසු කතාකර ප්‍රයෝජනයක් නොමැති බැවින් සිදුවන්නට යන ව්‍යසනය හඳුනාගෙන මේ පාප කර්මයට හවුල් නොවන ලෙස පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හා මහා සංඝරත්නය ඇතුළු ජනතාවගෙන් රට වෙනුවෙන් ඉල්ලා සිටින බව හිටපු මන්ත්‍රී වරයා තව දුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දන් පින් කරමින් වව්නියාවේ දී බාලසුබ්‍රමනියම්ට පින් අනුමෝදන් කරයි…

Next Post

කොවිඩ් නිසා වැසුණු මන්නාරම දුම්රියපල අද යළි විවෘත වේ

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.