අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

by editor
අප්‍රේල් 16, 2021
in දේශපාලන, සමාජ
Share on FacebookShare on Twitter

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න  –

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ බොරුව, වංචාව සහ මිථ්‍යාව මත මිස, ඉන්දියන් සාගරයෙහි නොවේ. හේතුව   විසි තිස් ලක්‍ෂයක් පමණ පවුල් දිළින්දන් ලෙස සලකා, සමෘධිලාභින් ලෙස නම් කර රුපියල්  එක් දහස් පන් සීයක් දෙදහස් පන්සියක් ආදි ලෙස මාසිකව මුදල් බෙදාදීමය. මේ බෙදිල්ල මෙන්ම නැති බැරි තේරීමත් මිථ්‍යාවකි. බොරුවකි. වංචාවකි.  ග්‍රාමීය ජනතාවගේ ආර්ථික විග්‍රහය අනුව, ලංකා රුපියල් පනහක් යනු බුලත් විටක මිලට සමානය. සමෘධිය යනු රටේ මිනිසුන් හිඟනකම සංස්ථාපනය  කිරිමකි. එය හරිටමට, නගරයේදී දකින, කිසි දවසක සුව නොවන හිඟන තුවාල වැනිය.

දශක දෙකක් පුරා ලංකාවේ ආර්ථිකය යම් තරමකට දියුණුව ඇත. 2013දී ලංකාවේ උපරිම දරිද්‍රතාවය 15.4%වූ අතර, 2016දී එය 2.7% තෙක් පහත වැටී ඇත. එසේ වීමට හේතු විමසා බැලීමට උනන්දු නොවන පාලකයන්  සමෘධිය වැඩි කිරීමට පමණක් දක්වන උනන්දුව පුදුම සහගතය. මොකක්දෝ වුණත් නිකම්මනේ කියා කටේ දමා ගැනීමට  අනුගතව ජීවත්වන ජනතාව  එහි පවත්නා බරපතල අවදානම විමසා බලන්නේ නැත. එහෙත් රට මුහුණ දී ඇති තත්වය අනුව අපි යථාර්තය දැකිය යුතුවේ. තේරුම් ගත යුතුවේ.

වසර විස්සක් පමණ කාලයක් තමන් සතු වාහනයෙන් හයර් දුවන, හැට පිරි වැඩිහිටියෙකුට, රුපියල් පන්දාහේ කොවිඩ් දීමනාව ලැබිණ. තමන් කිසි විටෙකත් අයදුම් නොකළ මේ මුදල  සාක්කුවේ දමාගත් හෙතෙම, තමා සුදුස්සෙකුවූ  ආකාරය ගැන විමසූ කළ ග්‍රාම නිලධාරිගේ ලැබුණ පිළිතුර මෙසේය.

“ලැයිස්තුව හැදුවේ  ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා…“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මිනිසුන්ගේ නැතිබැරිකම තීන්දු වන්නේ එහෙමය.  සමෘධි බෙදිල්ල මිථ්‍යාවක් බොරුවක් වංචාවක් කියන්නේ ඒ නිසාය. සජිත් ප්‍රේමදාස, කොවිඩ් දීමනාව  විසි පන් දාහක් විය යුතුය යයි කියන්නේත් බලය ලබා ගැනීමට හෙයින් ඔහු  රටේ නායකත්වයට නුසුදුසුය නේද  ඇසීමෙන්  ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ කෙසේද?  සුළඟටත් බදු ගැසීමේ දැක්ම යනු වැඩ පිළිවෙලක් මිස, තවත් පුද්ගලයෙකු ඔසවා තැබීමක් නොවේ. කවුද නොව කුමක්ද හරි යයි කල්පනා කිරිම විශිෂ්ඨ මෙන්ම ශක්තිමත් අභ්‍යාසයකි. සංස්කෘතික  ඇමති ලෙස සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘති අරමුදල හිස් කළ ආකාරය ගැන රාජපක්‍ෂ පාලනය ආරම්භ කළ විගණන විමසුම  20 වෙනි සංශෝධනය සම්මතවීම සමග නතර විය. සිදුවුණේ කුමක්ද? පොදු අරමුදලක් අවභාවිතා කළ සජිත්ගේ ක්‍රියාවට සමගාමිව, රාජපක්‍ෂලාට තුනෙන් දෙකට අවශ්‍ය ඔලු ගෙඩි සමගි ජන බලවේගයෙන් ලබාදීමය. දැන් ඩයනා ගමගේ ලවා සමගි ජන බල වේගයම දඬුකඳේ ගසා ඇත.

ඩයනාගේ සැමියා පොන්සේකා වෙනුවෙන් හිරේ ගිය සේනක සිල්වාය. 2010 පොදු අපේක්‍ෂකයාගේ පුද්ගලික ලේකම්ය. අපට බොහෝ ප්‍රාතිහාර්ය ඉදිරියේදී දැකගත හැකිය. සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනයේදී ෆොන්සේකා කීවේ ගෝඨාභයගේ අසමත්භාවය  ගැන තමන්ට දුක හිතෙන බවය. ෆොන්සේකාට අනුව  ගෝඨා අසාර්ථක නැත. නරක වටේ සිටින එවුන්ය. ඒ කියන්නේ ගෝඨා පාස්ය. රටම පේල් කියන ගෝඨාභය ෆොන්සේකා සුද්ධ කරන හේතුව කුමක්ද? දේශපාලනයේ නියුක්ත නායකයන් වෙන්න සිහින දකින සිඤ්ඤෝලා ඔක්කොම එහෙමය. පොන්සේකා යනු මතයක් නොව මතකයක් පමණකි.    ටෙස්ට් කරන්න කිසිවෙකු ඉතිරිව නැත. අවශ්‍ය පලදායි වැඩ පිළිවෙලක් දැක්මක් හඳුනා ගැනීමය.

ලී ක්වාන් යූගේ  සුළඟට බදු ගහන අපේක්‍ෂාව බරසාර දැක්මකි.  සමෘධි දීමනාව ගැන කතා කිරීම වැඩ සටහනක් විමසා බැලීමකි. මේ උත්සාහය රටේ සිදුවන නාස්තිය දූෂණය හඳුනා ගැනීමය.   වසර විස්සක්  ලෑලි දිරා ගොස් කම්බි සැකිල්ලේ එල්ලෙන  තිහක් පැරණි  සංගිලි පාලමෙන් එගොඩ මෙගොඩ යන මිනිසුන්ට කතා කිරිමය. තුට්ටු දෙකක් බෙදා දෙමින් කරන රැවටිල්ල තේරුම් කර දීමය. පස් අවුරුද්දටක සමෘධි මුදල් නතර කර පාලම හදා දීමට පාලකයන්ට බල කරවීමය. ඒ හරහා පිලිසකර වන සංගිලි පාලම දේශපාලනඥයා දෙන කරුණා සහගත දීමනාවක් නොව, තමන්ට හිමි සමෘධිය පරිත්‍යාග කිරිමේ ප්‍රතිපලයක් බව තේරුම් ගැනීමය.ගම්පහ දිස්ත්‍රික්කයේ නුවර පාරට ආසන්නයේ  වසර  තිස් ගණනක් එක දිගට පවත්නා වෙළඳ සැලකි. වසර හැට ඉක්මවූ මුදලාලි සමෘධි වැඩිහිටි දීමනා දෙකම  ලබන්නෙකි. ඒ නාස්තිය අපරාධය ප්‍රශ්න කිරිමය. තොරතුරු පනත හරහා සමෘධිලාභින්ගේ ඇතිනැති බව විමසීමය. සමහර විට එදාට පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ උගත්කම ප්‍රසිද්ධ කරනවාට අපොස සමත් නැති රණවීරලා විරුද්ධවුණා මෙන් ආණ්ඩුවට හිතැති සීනි තෙල් මුදලාලිලාගේ පැලැන්තිය විරුද්ධ වෙනවාය. ඇත්ත සහ බොරුව දෙපිල බෙදී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරේ නොව මහා බොරුවක් මැද බව තේරුම් යනවාය.

2021 අප්‍රේල් මස 3 වෙනි සෙනසුරාදා  ලංකාදිප පත්‍රයේ 15 වෙනි පිටුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘධිලාභීන්ට වැඩි ප්‍රතිලාභ  නම් වාර්තාව ගම්පහ සමෘධි අධ්‍යක්‍ෂ අයේෂ් පෙරේරාගේ  ප්‍රකාශයකි.  ගම්පහ සමෘධිලාභි පවුල්වල පළමු දෙවන තෙවන දරු උපත් සඳහා රුපියල් 10,000 බැගින්ද නිවුන් දරු උපත් සඳහා රුපියල් 10,000ට අමතරව වසරක් පුරා රුපියල් 5000 බැගින් ලබාදෙන බවය. තුන් නිවුන් දරු උපතකදී රුපියල් 10,000ට අමතරව වසරක් පුරා රුපියල් 10,000 බැගින් ලබාදෙයි. නිත්‍යානුකුල විවාහ දෙකකදී රුපියල් 10,000 බැගින්ද, ප්‍රතිකාර සඳහා දිනකට රුපියල් 350 බැගින්ද, වර්ෂයකට දින 30ක් ගෙවීම් ලබාදෙයි. මරණයකදී රුපියල් 20,000ක මුදලක්ද හිමිවේ. සිප්දොර ශිෂ්‍යත්වය නමින්, රුපියල් 1500 බැගින් වසර දෙකක කාලයකට ගෙවීමට නියමිතය. ඉකුත් වසරේ ගම්පහ සමෘධි දීමනා සඳහා මිලියන 140ක් වැය කර ඇත. 2009-10 දරිද්‍රතා සමීක්‍ෂණයේ දර්ශකය 3.0ක්වූ  ගම්පහට ලැබෙන මේ ප්‍රතිලාභ 2009-10 දරිද්‍රතා සමීක්‍ෂණයේ දර්ශකයේ පිළිවෙලින්  17.0ක්වූ   මඩකලපුවට සහ 13.9%ක්වූ මොනරාගලටත් ලැබෙනවාද?.

පාලකයන් කැප විය යුත්තේ ලැබෙන ඡන්ද අනුව නොව, රටේ ධනය නාස්ති නොකර රටට පලදායි ලෙස වැය කිරීමටය. සුළඟටත් බදු ගහන යෝජනාව 1973දී ලංකාවේත් ක්‍රියාත්මකවී ඇත. එකල ප්‍රතිකාර සඳහා  රජයේ රෝහලකට පැමිණේ නම්, ශත 15ක මුද්දරයක් අලවා අවලංගු කළ යුතුවිය.  ශත 15ක්  යනු  අද නම් ටොපියක් මිලදී ගත හැකි සල්ලියක් නොවේ. 1970 ගණන්වල ඩොලරයක වටිනාකම  ලංකා රුපියල් නවයකුත් ගණනකි. අද ප්‍රසූතිය සඳහා  සඳහා පුද්ගලික රෝහලකට ඇතුල් වන ගර්භණියක සමහර විට, ප්‍රසූතියට ආසන්න මොහොතක රජයේ රෝහලකට පිටත් කර යවන අවස්ථා ඇත. බොහෝවිට ඒ තීරණය ගන්නේ රජයේ රෝහලක සේවය කරන අතර, මුදලට සේවය විකුණමින් සිටින, රජයේ වෛද්‍යවරයෙකි. පුද්ගලික රෝහලකට ගියවිට ආණ්ඩුවේ රෝහලක ඇඳක් ලබා ගැනීම පහසුය. රජය සෞඛ්‍ය පහසුකම් මෙසේ අතයට විකුණා මුදල් ගරන්නේ රජයේ දොස්තරලාමය. එය දූෂණයකි. අදටත් පාදෙණිය රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ නායකයා වන්නේ අර බිස්නස් නිසාය. සජිත්ට ගහන්න එපා කියන කිසිවෙකු අනුරුද්ධ පාදෙණිය වෙනුවෙන් පෙනී නොසිටිති. පුද්ගලික රෝහල් පවා විශ්වාසය තබන තරමට රජයේ සෞඛ්‍ය සේවා ශක්තිමත් නම් රෝගියෙකුගෙන්  රුපියල් 50.00ක මුදලක් අය කිරිම පාපයක් නොවේ. එක් දිනකට රජයේ රෝහල් කරා ප්‍රතිකාර සඳහා ලක්‍ෂයක් දෙනා පැමිණේ නම්  දිනෙක රජයේ ආදායම රුපියල් මිලියන පහකි. වසරකට රාජ්‍ය භාණ්ඩාගාරයට  රුපියල් (1,825,000,000) මිලියන 1825ක් උපයාගත හැකිය. මේ යෝජනාව කොයි ආණ්ඩුව ගෙනාවත් විපක්‍ෂය විරුද්ධ වෙනවාය. හරියට පාදෙණියලා හරහා රාජපක්‍ෂලා ඉන්දියන් ගිලන් රථ සේවය සවුත්තු කළා වාගේය.

ජනතාවාදි පලදායි වැඩ සටහනක් හමුවේ පුද්ගලයන් ප්‍රතික්‍ෂේප විය හැකිය.  මංගල සමරවීර වැඩ්ඩෙකි. රනිල් වික්‍රමසිංහ යනු තාර්කික දේශපාලන දැක්මක් ඇත්තෙකි. එහෙත් රනිල් නිසා එජාපය ඇද වැටිණ. රනිල් නිකමෙකු ලෙස හංවඩු ගැසූවේ  මංගලය.  2005දි මහින්ද වෙනුවෙන් මිනීමරු  ප්‍රභාකරන් ලවා උතුරු නැගෙනහිර ඡන්ද නතර කළේත් මංගලය.  ඒ අර්ථයෙන් පාදෙණියත් මංගලත් දෙදෙනාම කසඩයෝ වෙති. හෙට දවසේ මංගල රටේ ගැලවුම් කාරයාවේ නම් ඒ පිළිගැනීම පාදෙණියටත් ලැබිය යුතුවේ. ප්‍රතික්‍ෂේප කළ යුත්තේ මංගල හෝ පාදෙණිය නොවේ. ඔවුන් කරන කියන දේය. අප රටක් ලෙස මේ විඳින්නේ  එක එකා තම වාසියට කළ කී දේ අනුමත කළ කරුමය නොවේද?ඒ කරුමයෙන් ගැලවීමට නම් යථාර්ථය දැකිය යුතුවේ. නිවැරදි මග අප විසින් සොයා ගත යුතුවේ.

ලී ක්වාන් යූ  හුස්ම ගන්නා සුළඟටත් බදු අය කිරිමට කල්පනා කළේ පවිත්‍ර වාතාශ්‍රය සහිත  පරිසරයකින් ලැබෙන සුරක්‍ෂණයට මිලක් පැවතිය යුතු  නිසාය. එහි විලෝමය ආයෝජනය කරන මුදල් ප්‍රතිපූරණය කිරීමේ හැකියාව  විමසිය යුතු බවය. සිංගප්පූරුව දියුණු වීමේත්. ලංකාව  පිරිහීමෙත් හේතුව මේකය. රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා අයගෙන් රුපියල් 50.00ක මුදලක් අය කිරීම යනු හුස්ම ගන්නා සුළඟටත් බද්දක් නියම කිරීමට සමාන වේ. සුළඟට බදු ගහනවාට ජනතාව එක්වන යුගයක් උදා කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය එක් දෙයකි. ඒ රාජපක්‍ෂලා වෙනුවට තවත් හාල් පාරුවෙකු ගැන විශ්වාස නොකර සිටිමෙන් පමණකි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙල වැල ලාගෙන මිය ගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයෙක්…

Next Post

වස විස නැති පාරම්පරික භෝග උයනක් හදන්න වැඩ අල්ලපු ග්‍රාමසේවක මහත්තයා..  

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.