බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

“සීත කාමරේ ඉඳන් හදපු සෞඛ්‍ය නිර්ණායක එක්ක ඡන්ද කරන්න බෑ”

by Lanka Sara Editor
ජූනි 26, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ පැවැත්වීමට සූදානම් වන මහ මැතිවරණය සහ රටේ වත්මන් තත්වය පිළිබඳව හිටපු සෞඛ්‍ය ඇමති, සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග ‘ලංකාසර’ සිදුකළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය- මේ මැතිවරණය වෙනුවෙන් හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය නිර්ණායක සම්බන්ධව සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ලෙස මේ නිර්ණායක ඔබ අනුමත කරනවාද?

පිළිතුර – කිසිසේත් මේ නිර්ණායක අනුමත කළ නොහැකියි. මේ සෞඛ්‍යය නිර්ණායක සකස් කර තිබෙන්නේ කොළඹ ශීත කාමරවල ඉන්න අය. මේවා ප්‍රායෝගික විය යුතුයි. මෙහි කිසිම ප්‍රායෝගික බවක් පෙනෙන්නේ නැහැ. මේ නිර්ණායක ගමේ ක්‍රියාත්මක කරන්න බැහැ .

මැතිවරණය වෙනුවෙන් මෙම සෞඛ්‍ය නිර්ණායක සකස් කර තිබෙන්නේ කොරෝනා ගැන හිතලා නෙවෙයි. ආණ්ඩුවේ දේශපාලන අණට බයවී ඒවා සකස් කර තිබෙන බව පැහැදිලියි. අද මේ රටේ පාසල් හැර අනෙකුත් සියලු කටයුතු සම්පූර්ණයෙන් විවෘත කර නැහැ. නමුත් මැතිවරණය පමණක් රට පුරා පැවැත්වීමට කටයුතු කරනවා. අන්න ඒ උවමනාවට තමා මේ සෞඛ්‍ය නිර්ණායක සකස් කර තිබෙන්නේ. මේවා මෙරට මැතිවරණ ක්‍රමය අනුව කිසිම ප්‍රායෝගික බවක් නැහැ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ප්‍රශ්නය- මෙවර මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයින්ට තම ඡායාරූපය සහිත මනාප අංක ප්‍රදර්ශනය නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. ඔබ මේ උපදෙස පිළිගන්නවාද?

පිළිතුර- තමන්ගේ මැතිවරණ කාර්යාලයේ තමන්ගේ රූපය තම අංකය නැතුව ජනතාව ඔහු හඳුනා ගන්නේ කොහොමද? මේවා හරිම විහිළු සහගත තීරණ. තමන් ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම සහ අංකය ආදී අනෙකුත් තොරතුරු දැන ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයක ඡන්දදායකයා සතු අයිතියක්. ඒ අයිතිය මේ උපදෙස්වලින් කඩකර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. අපි මේ යෝජනාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

ප්‍රශ්නය- මහ මැතිවරණය දිනෙන් දින ළං වෙමින් තිබෙනවා. මැතිවරණයට මුහුණදීම සඳහා සමගි ජනබලවේගයේ සූදානම මොනවගේද?

පිළිතුර- සමගි ජන බලවේගය ඉතා සැලසුම් සහගතව පියවරෙන් පියවර මහ මැතිවරණය සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන් කළ යුතුයි. අපේ වැඩකටයුතු ඉතාම සාර්ථකව කරගෙන යනවා. අපිට ලොකු සංවිධාන ශක්තියක් තිබෙනවා. මොකද පසුගිය ආණ්ඩුවේ සිටි සියළු දේශපාලන පක්ෂ හා අනෙකුත් බලවේග අප සමග එකට සිටිනවා. හිටපු මන්ත්‍රීවරු අසූ දෙනෙක් සමග සමගි ජන බලවේගය යටතේ මේ මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. අපි ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට මැතිවරණ කටයුතු දියත් කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුල කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මා සංචාරය කළා. එහිදී හොඳ ප්‍රතිචාරයක් තිබෙන බව දැනගන්න ලැබුණා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දායකයින්ගෙන් 99%ක් සිටින්නේ සමගි ජන බලවේගය සමග. නාගරික ප්‍රදේවල කිහිපදෙනෙක් එජාපයට සිටිනවා. ග්‍රාමීය ප්‍රදේශවල එක්කෙනෙක් දෙන්නෙක් නැති ගානට පත්ව තිබෙනවා.

ප්‍රශ්නය- නමුත් සමගි ජන බලවේගය තුළ මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී සමගිය අසමගියක් බවට පත්වන ලකුණු පහළවී තිබෙනවා නේද?

පිළිතුර – සමගි ජන බලවේගය තුළ කිසිම අර්බුදයක් නැහැ. එහෙම අර්බුදයක් නිර්මාණය කරන්න ඇතැම් පාර්ශ්ව උත්සාහ ගන්නවා.

ප්‍රශ්නය- නමුත් සමගි ජනබලවේගයේ නාමයෝජනා දුන් මංගල සමරවීර ඇතුළු තිදෙනෙක් මේ වන විට ඔය බලවේගයෙන් ඉවත්ව ගොස් තිබෙනවා නේද?

පිළිතුර- ඔව්. මංගල ඇතුළු තුන් දෙනෙක් ඉවත් වුණා ඒක අභ්‍යන්තර අර්බුද ඇති කරගෙන නෙවෙයි. ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්න නිසයි. ඉතින් සන්ධානය තුළ ඒ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. මේ අය ඉවත් වුණා කියලා අපේ මැතිවරණ ව්‍යාපාරය අඩාල වෙන්නේ නැහැ.

ප්‍රශ්නය- මේ මැතිවරණය යටතේ සමගි ජන බලවේගය තම ප්‍රතිවාදියා බවට පත් කරගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය නේද ?

පිළිතුර- අපට එක්සත් ජාතික පක්ෂය සමග කිසිම සටනක් නැහැ. අපිට සටන තිබෙන්නේ පොහොට්ටුව සමග. අඩුම ගානේ මේ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ගැන කතා කළ යුතුවත් නැහැ. එදා මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා ගත්තනේ. ඊටත් වඩා බලයක් අද සමගි ජන බලවේගයට තිබෙනවා. එවැනි පසුබිමක එක්සත් ජාතික පක්ෂය ගැන කතා කිරීමෙන් පළක් නැහැ.

ප්‍රශ්නය – මේ මැතිවරණයට සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රධාන වශයෙන් අන්තර්ගත කරන්නේ මොනවගේ කරුණු ද?

පිළිතුර – ඔව් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම සම්බන්ධව අදත් අපි අපේ බලවේගයට අයත් පක්ෂවල නායකයින් අතර සාකච්ඡා පැවැත්වූවා. කොරෝනා වසංගතය සමග ලෝකයම අද වෙනත් මාවතකට යොමුව තිබෙනවා. අලුත් අභියෝග පැමිණ තිබෙනවා. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන කොරෝනා වසංගතයෙන් පසු රටක් වශයෙන් අප ඉදිරියට යන්නේ කෙසේද කියා අවධානය යොමු කරමින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ළඟදී ම එළි දැක්වීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කළ යුතුයි.

ප්‍රශ්නය -එක්සත් ජාතික පක්ෂයේ සිටි ඔබලා සමගි ජනබලවේගය නිර්මාණය කලේ ඇයි?

පිළිතුර – සමගි ජන බලවේගය පිහිටවිය යුතු බවට මුල්ම අනුමැතිය ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන්. එහි තීරණයකට අනුව මේ බලවේගය පිහිටුවා සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා ලෙස නම් කළා.

ප්‍රශ්නය – නමුත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දුන්නේ සන්ධානයක් හදන්න. නමුත් ඔබලා හදලා තියෙන්නේ පක්ෂයක්. ඒ නිසා තමන්ට පක්ෂයක් සමග එක්විය නොහැකි බව තමා එජාපය කියන්නේ?

පිළිතුරු – නැහැ මේක පක්ෂයක් නෙවෙයි. සියලු පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත බලවේගයක්. සජිත්ලා අපි හැමෝම එකතු වී සිටින්නේ බලවේගයක් ලෙසයි.

ප්‍රශ්නය – ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් නොගොස් අවසන් මොහොත එනතෙක් එජාපය සමඟ සමග සමගි ජන බලවේගය එකතු කිරීමේ උත්සාහයක නිරතව සිටියා. ඒ සමගිය ඇති කිරීමට නොහැකි වීම ගැන ඔබ අද වන තෙක් කතා කර නැහැ. ඇත්තටම මේ දෙපාර්ශ්වය එකතු කිරීමට නොහැකි වුණේ ඇයි?

පිළිතුර – ඔව් ඇත්ත. මම අන්තිම මොහොත වන තෙක් දෙපැත්ත සමඟ සාකච්ඡා කළා. ඒ කතා කරන්න පෙර කළුතර දිස්ත්‍රික්කයේ ආයතනවලට ගොස් අපිට උදව් කරන ප්‍රධානීන් සමග රැස්වීම් 200ක් පමණ පවත්වා කරුණු එක් රැස් කළා. ඒ අයගෙන් 99%ක්ම කීවේ රනිල් වික්‍රමසිංහ මහතාට වඩා සජිත් ප්‍රේමදාස සමඟ යන්න කියන එකයි. මෙහි හරි වැරැද්ද කුමක් වුවත් ජනතා මතය එයයි.

මේ තත්ත්වය මත මම රනිල් වික්‍රමසිංහ මහත්මයා මුණ ගැසී පාක්ෂිකයන්ගේ මේ සැබෑ තත්ත්වය ගැන දැනුවත් කළා. හරි වැරැද්ද කුමක් වුවත් අද ජනතාව ඉල්ලන්නේ ඔබ නොවෙයි සජිත් යයි මා ප්‍රකාශ කළා. ඒ අනුව අපටත් ජනතාව සමඟ තීරණයක් ගන්න සිදුවන බවත් මම එතුමාට දැනුම් දුන්නා. පසුව කරූ ජයසූරිය මහතා තාවකාලිකව හෝ පක්ෂ නායකත්වයට පත් කරමු යැයි මම යෝජනා කළා. ඊට එතුමා එකඟ උනා. ඊට පසු මේ ගැන මම සජිත් ප්‍රේමදාස මැතිතුමා සමඟත් කතා කළා. එයත් එකඟ වුණා.

මේ සම්බන්ධව සජිත් හා රනිල්ගේ එකගත්වය පිළිබඳව මා කරූ ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ එතුමා දිගින් දිගටම මගෙන් විමසා සිටියේ සජිත් හා රනිල් යන දෙදෙනාම එකඟ නම් තමා නායකත්වය බාර ගන්න සුදානම් බවයි. මේ අනුව අපි සියලු දෙනා එකට එක බලවේගයක් යටතේ ඡන්දයට යෑමට සූදානම් වුණා. නමුත් දින තුන හතරක් ගත වන විට රනිල් වික්‍රමසිංහ මහතා මේ එකඟත්වයෙන් ඉවත් වුණා. එනිසා අපේ උත්සාහය අසාර්ථකවී අන්තිමට ජන පදනමක් තිබෙන සමගි ජන බලවේගය සමග එක් වීමට මම තීරණය කළා.

ප්‍රශ්නය- ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතා ඔබ ඔය කියන යෝජනාවට එකඟ නොවුණේ ඇයි?

පිළිතුර- එතුමා ළඟ ඉන්න දෙතුන් දෙනෙකුගේ උවමනාවට තමයි එහෙම වුණේ?

ප්‍රශ්නය- නමුත් එජාපය පසුව ප්‍රකාශ කර තිබුණේ සන්ධානයක් හෝ පෙරමුණ සමග එක්වෙනවා මිස තවත් එක් දේශපාලන පක්ෂයක් සමග එජාපයට එක්විය නොහැකි බව නේද?

පිළිතුර- මේක පක්ෂයක් වෙන්නේ කොහොමද? මෙය අපි හැමෝම සිටින සමගි බලවේගයක්. බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ.

ප්‍රශ්නය- එහෙම නම් සමගි ජන බලවේගය සමග එක් උන සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න එජාපය පියවර ගන්නේ කොහොමද?

පිළිතුර -ඒක තමයි ප්‍රශ්නය. එහෙම කරන්න බැහැ. නාමයෝජනා අහෝසි කරන්න කියා ඉල්ලමින් එජාප අපේක්ෂකයෙක් අධිකරණයට ගියා. ඒ නඩුව විභාගයටවත් නොගෙන විසි කළා. ඒ වගේ තමයි ඉතිරි ඒවත්. මේවා ගැන හොඳ නීතීඥයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා දන්නවා. ඒ නිසා තමයි ඔහු නිහඬව බලන් ඉන්නේ. අතීතයේ මෙවැනි කටයුතු සම්බන්ධව ක්‍රියා කර හොඳ පලපුරුද්දක් එතුමාට තිබෙනවා. එහෙම නැති අය තමයි අද උසාවි ගානේ ගොස් දඟලන්නේ. එවැනි ක්‍රියා මගින් අපේ ජයග්‍රාහී ගමන වැළැක්විය නොහැකියි.

ප්‍රශ්නය- 2015ට පෙර පැවති ආණ්ඩුවෙන් ඔබ ඉවත්ව යහපාලන ආණ්ඩුව පිහිටුවීමට ඔබ කැපවුණේ දූෂණයට සොරකමට විරුද්ධවයි. දූෂිතයන්ට සොරුන්ට දැඩි දඬුවම් දෙන බව එදා මැතිවරණ වේදිකාවේ පොරොන්දු වුණත් යහපාලනය තුළ එවැන්නක් අපට දකින්න ලැබුනේ නැහැ. එහෙම වුණේ ඇයි? ඩීල් දේශපාලනය නිසාද?

පිළිතුර- ඇත්තටම ඔව්. ඩීල් දේශපාලනය නිසා සේරම විනාශ වුණා. දූෂිතයන්ට සොරුන්ට මහජන දේපොල තමන්ගේ බූදලයක් ලෙස පරිහරණය කරන්නන්ට විරුද්ධව අපි උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවා. දූෂිතයන්ට දඬුවම් කරනු ඇතැයි රටම බලා සිටියා. නමුත් ඩීල් දේශපාලනය නිසා බොහෝ අයට දඬුවම් කරන්න ලැබුණේ නැහැ. ඔවුන් වෙනුවෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඬුවම් දීමට අපට හැකි වුණා නම් අදත් අපි ආණ්ඩු බලයේ සිටිනවා.

ප්‍රශ්නය – කවුද මේ ඩීල් දේශපාලනයේ සිටියේ?

පිළිතුර – කවුද කියන එක අද මුළු රටම දන්නවා. ඒ නිසා මා ඒ ගැන කතාකරන්න යන්නේ නැහැ.

ප්‍රශ්නය- මේ මැතිවරණයට මුහුණ දීමට සිදුව තිබෙන්නේ කොරෝනා වසංගතය අනතුරක් සමග. ඔබ මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය ගැන මොනවද හිතන්නේ. සාර්ථකද? අසාර්ථකද?

පිළිතුර- සාර්ථකයි. එය අප කවුරුත් පිළිගත යුතුයි. මේ වසංගතයේ තවමත් අපි හතරවැනි අදියරට පැමිණියේ නැහැ. එවැන්නක් කිසිදා නොවේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

ලෝකයේ කොරෝනා වසංගතය පහසුවෙන් පාලනය කරගත හැකි එකම රට ශ්‍රී ලංකාවයි. එය එලෙස කිරීමට හැකි වන්නේ අපේ රට දූපතක් නිසා. මේ රටට ඇතුළු විය හැක්කේ ගුවන්තොටුපලින්. නිසි කාලයේදී එය වැසුවා නම් මේ තරම්වත් කොරෝනා ව්‍යාප්ත වන්නේ නැහැ. පසුගිය මාර්තු මස 11 -18 වැනිදා මාධ්‍ය සාකච්ඡාවල දී ගුවන්තොටුපල වහාම වසා දමන ලෙස මා ඉල්ලා සිටියා. අවාසනාවකට මෙන් එය සිදුවුණේ නැහැ. ආණ්ඩුව සංචාරක ප්‍රවර්ධනයක යෙදී සිටියා. එය ඉතා අභාග්‍යයක් කළා.

සුවසැරිය ගිලන්රථ සේවය ඇති කළා, රට පුරා රෝහල්වල දිගු කාලයක සිට අඩුපාඩුවක්ව පැවති වාහන ගිලන්රථ ගොඩනැගිලි පහසුකම් නවීන යන්ත්‍ර ආදිය ලබා දෙමින් රටේ රෝහල් පද්ධතිය ඉතා දියුණු තත්ත්වයකට පත් කළා, ඒ දියුණුව නිසාම කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණදීමට හැකි වුණා. එපමණක් නෙවෙයි 2015 සිට ඖෂධ 48 ක මිල අඩු කළා. ස්ටෙන්ට් නොමිලේ ලබා දුන්නා. රජයේ රෝහල් හරහා අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. පිළිකා රෝගීන් සඳහා පනවා තිබූ වියදම් සීමාව ඉවත් කර ඔවුන් ජීවිතය හැර යන තෙක් ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළා. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, පුද්ගලික රෝහල් නියාමනය කර රෝගී පරික්ෂා ගාස්තු රුපියල් 2000 දක්වා සීමා කිරීම, සුවනාරි මධ්‍යස්ථාන නමසිය හතළිස් දෙකක්, සුවදිවි මධ්‍යස්ථාන අටසිය හතළිස් හයක් රටපුරා ස්ථාපිත කිරීම, වකුගඩු රෝගියෙකුට මසකට රුපියල් 5000කින් ලබාදීම, දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල මෙරට ඉදි කිරීම, ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීම ඖෂධ ජාවාරමට තිත තැබීම ආදී වශයෙන් මා සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලය තුළ විශාල සේවාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කිරීමට හැකි වුණා. ඒ ගැන අද මා හදවතින්ම සතුටු වන බව කිව යුතුයි.

Tags: නවතම
Share87Tweet43
Previous Post

කොටුවේ සහ පිටකොටුවේ වෙළෙඳුන්ට වදයක් වුණු කප්පම් කරුවන් කොටුවේ

Next Post

චම්පික පරදවන්න කෝටි 5ක වියදමක් !

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.