අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

“ඔබ විකිණුනා ද? “… “මේ පජාත දේශපාලන කතා නිසා තමයි එළියට බහින්න බැරිව 225ම ගුටි කන්නෙ

මේ කැබිනට් එකට ආවෙ “ගෝඨා ගෝ හෝම්“   ක්‍රියාත්මක කරන්න...

by editor
මැයි 20, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

සංවාදය – පියසේන දිසානායක –

මනුෂ නානායක්කාර නව ආණ්ඩුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අද (20) දිවුරුම් දුන්නේය.  මේ අවදානම් අවස්ථාව කළමනාකරණය කිරීමේ වගකීම සමගි ජනබලවේගය විසින් භාරගත යුතු බවට මුල සිටම පක්ෂය තුළ  සංවාදයක් ඇති කළ  ඔහු අද පක්ෂයෙන් ස්වාධීන වී නව ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුරය භාරගෙන ඇත. එහෙත් මනුෂ නානායක්කාර  මුදලට සමගි ජන බලවේගය පාවා දුන් බවට එම පක්ෂ අභ්‍යන්තරයෙන්  චෝදනා එල්ලවෙමින් තිබේ.  වරප්‍රසාද තබා වැටුප්වත් නොගෙන රට වෙනුවෙන් මේ තනතුරු භාරගත් බව අමාත්‍යවරයා කියයි.  ඇත්තටම මනුෂ විකිණුනා ද?. අමාත්‍ය ධුරය ලබා ගත් පසු ලංකාසර සමග ඔහු කළ  කෙටි සාකච්ඡාව මෙසේ පෙළ ගස්වමු.

ප්‍රශ්නය – පක්ෂයේ තීරණයට පිටින් ගියෙ ඇයි?.

පිළිතුර –  “පක්ෂයට මෙච්චර දවසක් කිව්වා කිව්වා….  මිනිස්සු මෙච්චර මැරෙන්න වැටිලා ඉන්න වෙලාවෙ  කන්න බොන්න නැතිව රට මහා ව්‍යසනයකට යන්න හදන වෙලාවෙ මුලින්ම අපි  කිව්වා අගමැතිකම ගන්න කියලා.  ඇහුවෙ නෑ. දෙවනුව කිව්වා එකතුවෙලා වැඩ කරන්න කියලා.  ඒත් කරන්නෙ නැති වෙනකොට මොකද කරන්නේ. “

“කොතැනට ද යන්නේ  කොහොමද මේ රටේ මිනිස්සුන්ගෙ දුක තේරුම් අරගෙන වැඩ කරන්නෙ කියන අරමුණක් අපට පෙනුනෙ නෑ.  රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීමක් අපි දැක්කෙ නෑ.  ඒ නිසා අපට තීරණයක් ගන්න වුනා. “

“දැන්  මේ රටේ අවශ්‍යතාවයක් තියනවා සියලු දෙනාම එකතු වෙච්චි කැබිනට් එකක්.  ඒකට අපේ සහයෝගය  දෙන්න ස්වාධීන වුනා. ස්වාධීන වෙලා සහයෝගය දුන්නා.“

ප්‍රශ්නය – මීට කලින් සාමුහිකව කණ්ඩායමක් එක්ක ඔබ රනිල් වික්‍රමසිංහ මුණගැහෙන්න ආවා. ඇයි ඒ අය  වෙන් වුනේ?

පිළිතුර –  සාමුහිකව හැමෝම එකතුවෙලා මේ වැඩේ කරමු කියන තැන තමයි අපි හිටියෙ.  අපිට තනියෙන් එන්න හෝ තනතුරු ගන්න ඕන වුනේ නෑ. අපට ඕන වුනේ     කවුරු හරි නායකයා ලෙස නම් කරන කෙනා එක්ක සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න.  පක්ෂයේ අති  බහුතරයම ඒ බලපෑම නායකත්වයට කළා. ඒක සාර්ථක වුනේ නැතිවෙනකොට අපි ස්වාධීන වුනා. තවත් කණ්ඩායම් කීපයක් මේ විදිහටම වැඩ කටයුතු කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ප්‍රශ්නය – ඒ කියන්නෙ සමගි ජන බලවේගයෙන් තවත් පිරිසක් එන්න ඉන්නව ද?

පිළිතුර –  තවත් එන්න ඉන්නවා.  බොහෝ දෙනෙක් පහුගිය දවස්වල කතා කළා. නායකයා මේ තීරණය ගත්තෙ නැතිනම්  අපි ගත්ත තීන්දුව ගන්න ඕන කියලා කියපු අය ගොඩක් ඉන්නවා.

ප්‍රශ්නය –  දැන් ස.ජ.බ.  කියනවා ඔබේ    පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා කියලා. එහෙම කරන්න පුලුවන් ද?

පිළිතුර –  “බොහොම හොඳයි.  මේ තියෙන්නෙ  අපි එකතුවෙලා හදාපු පක්ෂයක්.  ඉබ්බො කටු ඇතුළෙ ඉන්නකොට උන්ව කටු ඇතුළෙන් එළියට ගන්න හැමෝම එකතුවෙලා ගොඩ නගපු පක්ෂයක්.  මේ පක්ෂය ගොඩනැගුවේ ඉතාම අමාරුවෙන්. ඔවුන් අප සම්බන්ධව  එහෙම තීන්දුවක් ගත්තු එක ගැන අපි සන්තෝෂ වෙනවා. හරි ෂෝක් වැඩක් ඒ අය කරලා තියන්නෙ.“

“අපි පක්ෂය වෙනුවෙන් තමයි  තවදුරටත් හිතන්නෙ. අපේ මන්ත්‍රී ධුරය දේශපාලන අනාගතය  කැප කරලා මේ තීන්දුව ගත්තෙත් ඒ වෙනුවෙන්. “

ගොඩක් අය හිතුවෙ තමන් අගමැති වෙන්නෙ කොහොම ද?. . ජනාධිපති වෙන්නෙ කොහොමද කියල. මේ වගේ දේකට කර ගහලා අසාර්ථක වුනොත් මට අගමැති වෙන්න බෑ. මට ජනාධිපති වෙන්න බෑ. මට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න බෑ කියලා.

අපි මේ  අභියෝගය භාරගත්තේ පක්ෂය වෙනුවෙන්  යුතුකම ඉටු කරන්න. පක්ෂය නියෝජනය කරන්නයි   අපි එතෙන්ට ගියෙ.  ඒකට එහෙම තහනම් කිරීමක්  කරනවා නම් අපි සන්තෝසෙන් බලාගෙන ඉන්නවා. පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න. එතනදි  ඩයනට දැන් මොකද වුනේ කියලත් අපිට අහන්න තියනවා.

ප්‍රශ්නය –  ඔබ  ගියේ මුදලට කියලා දැන් චෝදනාවක් තියනවා… මුදලට පක්ෂය පාවලා දීලා ගියා කියල තමයි සජබ ඇතුළෙන් ඔබ දෙදෙනාට චෝදනා කරන්නේ.  මේ සම්බන්ධව පැහැදිලි උත්තරයක්   රටට අවශ්‍යයයි.

පිළිතුර –  පැහැදිලිව කියන්නම්.  අපේ වත්කම් බැරකම්වල ප්‍රමාණ අපි හෙට ඉදිරිපත් කරන්නම් .  පරීක්ෂා කරලා බලන්න.  ඒ  පජාත දේශපාන සංස්කෘතිය ගැන සමහර අයට කටින් කියන්න  කිසි හිරිකිතයක් නෑ. එහෙම දේවල් කරලා තමයි  225ම හොරු කියන තැනට පත් කරගෙන මේ කට්ටියම එක්ක ගුටි කන්නේ.

මේ මාතෘකාවෙ අපි පෙනී හිටියෙ මාස කීපයක ඉදලා.   නායකයාගේ මතය නිසා,  ඔහුට වගකීම් බාරගන්න තියන මැලිකම නිසා මේ තීන්දුව ගත්තා මිසක්  කිසිදු වරප්‍රසාදයක් බලාගෙන නෙමෙයි.

අඩුම තරමෙ   ඇමති ධුරයට හිමි වරප්‍රසාදවත්  වැටුපවත් නොගෙන තමයි අපි මේ කැපවීම කරන්නෙ. ඒක තේරෙන්නෙ නැතිව  ඊට කලින් දවසෙත් අපිත් එක්ක යමු කියලා කතාකරපු අය අපට මේ අභූත චෝදනා කරනවා.  ඒ අයගෙ හිත්වලයි මේ ප්‍රශ්නය තිබෙන්නෙ.

ප්‍රශ්නය – අද මේ රට යන විදිහට මේ අභියෝග ජයගන්න පුලුවන් කියලා ඔබ විශ්වාස කරනව ද?

පිළිතුර –  ඔව්.. විශ්වාස කරනවා. ඒ විශ්වාසය නිසා තමයි අපි මෙතෙන්ට ආවෙ. විශ්වාසයක් නෑ කියලා පැත්තකට වෙලා රට තවත්  වැටෙනකම්  මිනිස්සු මැරෙනකම් බලාගෙන නොසිට අපි මේක බාරගත්තේ අපිට මේක කරන්න පුලුවන් කියලා විශ්වාස කළ නිසා.

ඒකෙදි අපි විදේශ විනියම ගෙන්වන්න ඕන ආයතන දෙකක්  බාරගත්තේ. මම විදේශ ශ්‍රමිකයන් සම්බන්ධව. හරීන් සංචාරක…  ඒ කාරණා දෙක හරහා අපි රටට පූර්ණ සහයෝගය  දෙනවා.

අපි පිළිගන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් මේ වගේ තත්ත්වයක් හසුරුවාගන්න   අවශ්‍ය  පලපුරුද්ද තියනවා. ජාත්‍යාන්තර වශයෙන් තිබෙන සබඳතා සියල්ල ගත්තට  පස්සෙ ඒ අත්දැකීම් එක්ක ඔහුට මේක කළමනාකරණය කරගන්න පුලුවන් .

ප්‍රශ්නය – පෙරේදා  ඔබ පාර්ලිමේන්තුවෙ දි   අප්‍රසාදය පලකිරීමේ යෝජනාවක් ගෙනත් ඊට ඡන්දය දුන්නා. ඊට පසුදා ඔබ ඒ ජනාධිපතිතුමා අතින්  ඔහු යටතේ ඇමති ධුරයක් භාරගන්නවා.  මොකක්ද ඒ ඇමති ධුරය ගන්නකොට හිතුනෙ?

ප්‍රශ්නය –  පළවෙනිම කාරණාව එදා ගෙනාවෙ අප්‍රසාදය පල කිරිමේ යෝජනාව නොවෙයි.  ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව.  ඔය කියන පනත ගෙනෙන්න  ස්ථාවර නියෝග අත්හිටුවීමටයි ඒ ඡන්දය තිබුනෙ. ඒක  පැත්තකට තියන්න.

අපි ගෝඨා ගෝ හෝම් කියන එකෙන් අයින් වෙලා නෑ.  අපි  කලින් ඉඳලා කියපු කාරණාව ඔහුට මේක කරගන්න බෑ කියන එක. ඔහු ෆේල් කියන එක. ඒක රටම දන්න කාරණාවක් නේ. ඒ කාරණාවත් එක්ක කිසිදු තර්කයක් නෑ. ඔහු ඒ තනතුරින් ඉවත් වී යා යුතුයි.

හැබැයි යන්න ක්‍රමයක් තියනවා. ඒ විදිහට යැවීමේ වගකීම  අපි මේ කැබිනට් එක ඇතුළෙ ඉඳගෙනම   කරනවා. අපි මහජන  මතය, අරගලයේ මතය නියෝජනය කරනවා. එය කිසි ලෙසකින්වත් වෙනස් වෙන්නෙ නෑ.

ඒ කොලය  ගත්තේ රටේ  ජනාධිපතිවරයා අතින්. ගෝඨාභය රාජපක්ෂ අතින් නොවෙයි. අනෙක    අපි ආවෙ පුද්ගල බද්ධ ප්‍රශ්නවලට නෙමෙයි. මෙතන ගෝඨාභය ඉන්නකම් මට දිවුරුම් දෙන්න බෑ කියලා  ඉන්නවා නම් එතකොට අපි  කවුද?.

පුද්ගලික ප්‍රශ්නවලට  එහා ගිය දේශපාලන ප්‍රශ්නයක් අපට තියනවා. ඒක බේරගන්න පොඩි ළමයි තරහා වෙලා වගේ වැඩ කරන්න බෑ. ඒ වගේ අවස්ථාවල සබුද්ධික වෙන්න ඔනෙ.  වෘත්තීය මට්ටමින් වැඩ කරන්න ඕන.

ප්‍රශ්නය – අවසාන වශයෙන් ඔබෙන් අහන්නම්.  ගෝඨා ගෝ හෝම් කියන එක ඇතුළෙ ඔබ ඉන්නවා නම් කැබිනට් එක තුළ කළ හැක්කෙ එක්කො දෝෂාභියෝගයක්  ගෙන ඒම. නැතිනම් ව්‍යවස්ථානුකූලව ඔහුගේ බලය අඩු කිරීම.  ඒක සැලසුම් කරගෙන යනව ද?

පිළිතුර –  ලබන සතියේ  පළවෙනි කැබිනට් රැස්වීමට  21 වැනි සංශෝධනය එනවා. ඒ 20 අහෝසි කිරීමේ යෝජනාව විදිහට. අමාත්‍ය මණ්ඩලයම එකතුවෙලා වැඩ කරනවා ඒකට. ඒකට වෙනම කමිටුවක් වැඩ කරනවා.  ජනාධිපතිවරයාතෙ ස්ව කැමැත්තෙන්ම 19 දක්වා ආපහු යන්නෙ.  එතැනින් විධායකය අහෝසි කිරීමේ පනත දක්වා අපි යන්න  ඕන  ක්‍රමානුකූලව.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

Next Post

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.