අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ඉදිරියේ ගොඩ නැගෙන සන්ධානය මෙහෙයවන ප්‍රධාන පක්ෂය අපියි… හිටපු ජනපති මෛත්‍රී කියයි!

by editor
මාර්තු 27, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

මැතිවරණයකින් බලය ලබා ගැනීම සඳහා පක්ෂ එකතු වී ගොඩනගන ප්‍රගතිශීලි වැඩපිළිවෙළ තුළ වැඩිම ජනතාවක් නියෝජනය කරන ශ්‍රීලනිපය සෙසු පක්ෂ අතර ප්‍රධාන පක්ෂය ලෙස කටයුතු කිරීම සඳහා තවත් ශක්තිමත් කළ යුතු බව හිටපු ජනපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන   පවසයි.

ශ්‍රීලනිපයට මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 14 ක් හා පළාත් පාලන ආයතන වල 1600 ක පමණ නියෝජනයක් තිබෙන බවද ඔහු  කීය.

ගම්පොළ ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය ගල්ගෙඩියාව ප්‍රදේශයේදී විවෘත කරමින් හිටපු ජනපතිවරයා මේ බව පැවසුවේය.

එහිදී හිටපු ජනපතිවරයා මෙසේද කීවේය.

අද ජනතාව ඉන්නේ විශාල කළකිරීමකින්. ගෑස්,ඉන්ධන පෝලීම් නිර්මාණය වෙලා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන සතුටින් සිටින ජනතාවක් බිහිකරන්න ඕන. ඊළඟ මැතිවරණකින් ආණ්ඩුවක් ගොඩනගන තෙක් අනෙක් ප්‍රධාන බලවේග ඒකාරාශි කරලා පක්ෂ එකොළහ ශක්තිමත් කරගෙන ප්‍රගතිශීලි වැඩපිළිවෙළක්  ගෙනියන්න ඕන. ඒ සඳහා ශ්‍රීලනිපය ශක්තිමත් කළ යුතුයි. අනෙක් පක්ෂ හා සම්බන්ධ වෙනකොට ශ්‍රීලනිපය ශක්තිමත් වෙන්න ඕන. අපි ඒ පක්ෂ අතර ප්‍රධාන පක්ෂය ලෙස වැඩි ජනතාවක් නියෝජනය කරන පක්ෂය විදිහට  කටයුතු කළ යුතුයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රීලනිපය දුර්වල වෙලා කියලා සමහරු කියනවා. මේ පක්ෂය ආසන 08 ට බැස්සා. තුනට කැඩුණා. ඊට පසුකාලීනව අපි ශක්තිමත් ගොඩනැගිලා ආණ්ඩු පිහිටෙව්වා. අද මන්ත්‍රීවරු 14 ක් ඉන්නවා. පළාත් පාලන මන්ත්‍රීවරු 1600 ක් ඉන්නවා. අප වටා පුළුල් බලවේගයක් තිබෙනවා .මේක සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කරන සියලු ජනතාවට සමානත්වයෙන් සලකන පක්ෂයක්

සර්ව පාක්ෂික සමුළුවක් සඳහා ශ්‍රීලනිපය තමයි රජයට යෝජනා කළේ. කාරක සභාවේ සම්මත කරලා අපි යෝජනා 15 ක් බාර දුන්නා. ඒවා සකච්ඡා කරන්න ගිය අවස්ථාවේ රටේ පවතින  සමාජ, ආර්ථික අර්බුදය ගැන අපි කිව්වා. ආර්ථික ප්‍රශ්නයට, විදුලිය ප්‍රශ්නයට විසඳුම් යේජනා කළා.

අපට ජාත්‍යන්තර සහය නැතුව ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීම පහසු නැහැ. ලෝකයේ සියලු රටවල් එදා මට සහය දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝපා සංගමය මැදපෙරදිග රටවල් සියල්ල මට ශක්තියක් දුන්නා.

අද විදේශ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් තිබෙනවා. ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. එක්ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු ලෝකයේ අනිකුත් රටවල් රටක ආණ්ඩුවකට උදව් කරන්නේ ඒ රටේ නායකයා සුදුද කළුද කියලා බලලා නෙවෙයි. ඒ රටේ ජනාධිපති, අගමැති දිහා බලල  නෙවෙයි. නායකයාගේ පෞද්ගලික චරිතය එයාලට අදාළ නැහැ. ඔවුන් බලන්නේ මූලික වශයෙන් රට පාලනය කරන ප්‍රතිපත්ති මොනවද කියලයි.

මම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ යනවා කියලා එදා කිව්වා. ඒ තරමට මිනිස්සුන්ට නිදහස දුන්නා. මානව හිමිකම් ආරක්ෂා කළා. ස්වධීන කොමිෂන් සභා ඇති කළා. දූෂණ වංචා නැති කරන්න අල්ලස් හා දූෂණ කොමිසම ශක්තමත් කළා. විගණන කොමිසමක් හැදුවා. මේ ආණ්ඩුව 20 වැනි සංශෝධනයෙන් විගණන කොමිසම අහෝසි කළා.

අපි දුන්න යෝජනා ක්‍රියාත්මක කිරීම රජයට බාරයි. එවැනි විධිමත් සැළසුම් සහගත යෝජනාවලියක්. සර්වපාක්ෂික සමුළුවේදී වෙනත් කිසිදු පක්ෂයක් ඉදිරිපත් කළේ නැහැ. බොහෝ අය ඇවිත් කටින් මොනවා හරි කිව්වා. එක්කෙනක් දෙන්නෙක් කොළ කෑලි වල ලියාගෙන ඇවිත් කියෙව්වා. ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න සැළසුමක් අනුව වැඩ කරන්න ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශාන්ත තෝමස් – ත්‍රිත්ව රගර් තරගය අවසානයේ විනිසුරුට පහර දුන් තරුණියට පොලිසියෙන් කැඳවීමක්!

Next Post

හෙටත් පැය පහක විදුලි කප්පාදුවක්…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.