බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

අංශභාගයේ වගවිභාගය

by Lanka Sara Editor
ඔක්තෝබර් 30, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

කර්තෘ: මදාරා සරසි ද සිල්වා.

මදාරා සරසි ද සිල්වා! ඔව්, ඒ නම 80 දශකයේ අගභාගයේ ත්, 90 දශකයේ මුල්භාගයේ ත් විදුසර පාඨකයන්ට නම් නුහුරු නුපුරුදු නමක් නොවේ . එකල විදුසර පත්තරය බලන්න අපට තිබුණු හදිසියට හේතු වූ එක් කරුණක් ලෙස තාම මගේ මතකයේ ඇත්තේ ඇය විසින් රචනා කරන ලද විවිධ විද්‍යා ප්‍රබන්ධයන් ය. පාඨකයා ඇද බැඳගන්නා සුළුවූ අතිශය රමණීය ලේඛන රටාවක් ඇයට හිමි ය. කාලයත් සමඟ විදුසරෙන් නික්මුණු මදාරා සරසි ද සිල්වා ඉන්පසුව මට මුණ ගැසෙන විට මදාරා සරසි කොඩිතුවක්කු නම් විය. දශක දෙකකට අධික කාලයක් එක්සත් රාජධානියෙහි ජීවත්වන ඇය වෘත්තීයයෙන් වරලත් භෞතචිකිත්සක වරියකි. රට හැරදා වෙනත් රටකට ගොස් සේවය කරමින් සිටිය ද තවමත් සිය අක්මුල් විසිරී පැතිර පවතින මේ පුංචි රටේ මිනිසුන් වෙනුවෙන් කුමක් හෝ කළ යුතු යැයි ඇගේ සිතේ කැකෑරෙන ආශාව මා දුටුවේ මා අතට පත් වූ ‘අංශබාගයේ වග විබාග – භෞතචිකිත්සක ප්‍රතිකාර’ නම් වූ ඇය විසින් රචිත පොතත් සමඟිනි. පිටු 420කින් සමන්විත වන මෙම පොතෙහි පිටු 347 ක් පුරා දිවෙන්නේ අංශභාගය හා අංශභාග රෝගියකු රැකබලා ගැනීමේ ලා වැදගත් වන පෘථුල වූ දැනුම් සම්භාරයකි.

පොතේ හැඳින්වීම කියවන කල්හි මට දැනුණේ කුඩා ගැහැණු ළමයෙක් වූ මා විදුසර පුවත්පතේ මා කැමති මේ කතුවරිය ලියූ තවත් එක් ප්‍රබන්ධයක් කියවනවා වැනි හැඟීමක් ය. රෝගියා ප්‍රමුඛ වූ රෝහල් සේවාවක රෝහල් සේවකයින් වශයෙන් හෙද, වෙද, භෞතචිකිත්සක, වෘත්තීය චිකිත්සක, කථන චිකිත්සක, සාත්තු සේවක ආදී මෙකී නොකී විවිධ කණ්ඩායම් සහ රෝගීන් රැකබලා ගන්නා අයවලුන්ගේ යුතුකම් සහ වගකීම් සම්භාරය ද, රෝගියාට පූර්ණ සුවය ලබාදීම සඳහා ඔවුන් විසින් කළ යුතු කාර්යයන් ද මෙම පොතෙහි ඉතා පැහැදිලිව, සරලව, සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් ලියා තිබේ. මේ සා දැනුම් සම්භාරයක් සිංහල පාඨකයා අතට පත් කිරීම උදෙසා ඇය දැරූ මහන්සිය වසර දෙකකටත් වඩා දිගු කාලයකට දිවේ. මහන්සියේ තරම හඳුනා ගැනීම සඳහා ඇය මෙම පොත ලිවීමට පරිශීලනය කරන ලද වෛද්‍ය සාහිත්‍යය ම මනා සාක්ෂියකි.
සැබැවින්ම කිවහොත්, ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවය ගතහොත් එය කල්ලි වාදයෙන් පිරී තිබෙන සංස්ථාවක් බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. වෛද්‍යවරුන්, හෙද හෙදියන්, භෞතචිකිත්සකවරුන්, වෘත්තීය චිකිත්සකවරුන්, රසායනාගාර කාර්මික නිලධාරීන්, සාත්තු සේවකයින් ආදී මෙකී නොකී සියළුදෙනා සිය තනතුරු අතර කිසියම් පරතරයක් ද පවත්වා ගෙන යාමට රුචිකත්වයක් පෙන්වති. එහෙත්, රෝගියාගේ අභිවෘද්ධිය වෙනුවෙන්, මේ සියළු විෂමතා පසෙක ලා, රෝගියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවයක් උදෙසා සාමූහික මානයකට යොමු වීමට මෙම කරුණු අනර්ඝ දායකත්වයක් සපයතැයි මට සිතේ.
සැබැවින්ම, රෝගී සාත්තුව යනු එක් වෛද්‍ය කණ්ඩායමකට පමණක් සීමා වූ දෙයක් නොවේ. සියලුම සෞඛ්‍ය සේවකයන් අත්වැල් බැඳගෙන කලයුතු රාජකාරියක් බව මේ පොත කියවන විට වඩාත් තදින් හැඟේ. මා හෙදියක් වන නිසාවෙන් මට එය තදින් ම දැනිණ.
ශ්‍රී ලංකාවේ ද, වසරකට ඉතා විශාල මිනිසුන් ප්‍රමාණයක් අංශභාගය නිසා මියැදෙති. නැතහොත් සදහටම එක්තැන්ව ජීවත් වන රෝගීන් ගණයට වැටෙති. සෞඛ්‍යය සේවකයන් වන අප අංශභාග රෝගීන් උදෙසා සුවිශේෂී උනන්දුවක් දැක්වීය යුත්තේ රෝගය කළමනාකරණයෙහි ලා සුවිශේෂී වගකීමක් අප සතුව ඇති බැවිනි. තවදුරටත් රෝගයේ අසාධ්‍ය බව වැඩි වන්නට දෙනවාද නැතහොත් ආරම්භක අවස්ථාවේදී ම රෝගය පාලනය කරගෙන ඒ මිනිසාට සැපවත් ජීවිතයකට ඉඩකඩ සලසනවා දැයි යන්න තීරණය වනුයේ අප ඔහුට ලබාදෙන ප්‍රතිකාර හා සාත්තුව මත බැවිනි.
අංශභාගය වැළඳුණු රෝගියෙකු වෙනුවෙන් කළ යුතු සත්කාර සහ ඔහු වෙනුවෙන් අප එකමුතු විය යුතු ආකාරය මේ පොතෙහි පෙන්වා දෙන්නේ ඉතාමත්ම සරළව සහ සිත් අලවන සුළු ආකාරයෙනි. එකිනෙකාට අයිති විවිධ කාර්යභාරයන් හි අගයයන් ද ඉතා විශිෂ්ට ලෙස මෙහි පැහැදිලි කෙරේ. සැබවින්ම, රෝගී සත්කාරය යනු තනි පුද්ගලයෙකුට පමණක් සීමා වූ හෝ තනි පුද්ගලයකුට පමණක් ඉටු කළ හැකි කර්තව්‍යයක් නොවේ. ඉතින් මෙම පොත ශ්‍රී ලංකාවේ භෞතචිකිත්සාව හදාරන දරුවන්ට පමණක් නොව, වෙද හෙද ආදී සියලුම ක්ෂේත්‍රවල දුවා දරුවන්ට ද, අංශභාගයෙන් පෙළෙන මව්පියන් සහෝදර සහෝදරියන් බලාගන්නා හිතවතුන්ට ද කියැවීමට කදිම මෙවලමකි. මෙමගින් ලැබෙන දැනුම, අංශභාගය තවදුරටත් පුද්ගලයකු එක්තැන් නොකරන, කිසිවක් කර කියා ගත නොහැකි වූ පුද්ගලයන් ඇති කරන රෝගයක් බවට පත්වීම වළක්වාලයි. අංශභාග රෝගීන් යනු පුනරුත්ථාපනය කළ හැකි පිරිසක් බව තේරුම් ගැනීමට අපට උපකාර කරයි.
එපමණක් ද නොව, අප වෙනුවෙන් තීරණ ගැනීමට අප පත්කරන පාලකයන් හා සෞඛ්‍ය බලධාරීන් විසින් සිය අවධානය යොමුකළ යුතු ජාතික අවශ්‍යතාවයක් ද එහි වටිනාකම ද ඇය ගෙනහැර පා තිබේ. ඒ අනෙකක් නොව, දීපව්‍යාප්ත ව ආඝාත ඒකක(stroke units ) ස්ථාපනය කිරීම යි. අංශභාගය හෙවත් මස්තිෂ්ක ආඝාතය කළමනාකරණයෙහි ලා ආඝාත ඒකකයන් හි වැදගත්කම අවිවාදයෙන් ම, ලොවපුරා පිළිගැනුනකි. අංශභාගය හෙවත් මස්තිෂ්ක ආඝාතය කළමනාකරණයෙහි ලා සේවය කරන විවිධ සෞඛ්‍යය වෘත්තිකයින් ගෙන් සුසැදි රෝගී සත්කාරක සේවා කණ්ඩාය‌ම් වල(Multi-Disciplinary Teams) සියළු ම සාමාජිකයන්හට වෘත්තිය භේදයකින් තොරව වැඩිදුර පුහුණු අවස්ථා ලබා දීමේ අවශ්‍යතාවය හා වටිනාකම ද ඇය ඉස්මතුකර තිබේ.

එසේ ම, අංශභාගයට යමකු ගොදුරු වී ඇතැයි සැක කෙරෙන විටෙක ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව කෙරෙන පැහැදිලි කිරීීීම ද පාඨකයා වෙත සුවිශේෂී පණිවුඩයක් ලබාදෙයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කවුරුත් දන්නා අංශභාගයේ හෙවත් මස්තිෂ්ක ආඝාතයේ ගොදුරක් බවට පත්වීමට පෙරාතුව ද සුවය ලද පසු නැවත එහි ගොදුරක් බවට පත් නොවීමට ද පවත්වා ගතයුතු යහපත් ජීවන රටාව පිළිබඳව ද කතුවරිය විශේෂ අවධානය යොමුකර තිබේ.
සෞඛ්‍ය වෘත්තිකයන්ට පමණක් නොව ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි සරල සුගම බසකින් ලියා ඇති මෙම වටිනා පොත දැනුම නොමසුරුව බෙදා ගන්නා යහපත් උත්සාහයක් බව සතුටින් ප්‍රකාශ කර සිටිමි.

මෙහි කංචුකය සහ පිටු සැකසුම ප්‍රවීන චිත්‍ර ශිල්පී දර්ශන කරුණාතිලකයන් ගෙනි. ඔහු ද විදුසර නිර්මාණයකි. මෙලෙස, මේ පොත ගැන සතුටින් වදන් එක්කිරීමට පෙළඹුනු මා ද දැනට විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් ලෙස සේවය කරන තවත් විදුසර නිර්මාණයකි. ඉතින් දයාබර මදාරා, තව තවත් ඔබ ලද දැනුම බෙදා හදා ගැනීමටත්, සෞඛ්‍ය සේවකයන් අතර වදනකින් හෝ සෙනෙහස සතුට සමගිය ඇති කරවන්නටත් ඔබ දැරූ මෙම උත්සාහය ඉතා අනර්ඝය. සිංහල පාඨකයා අතට පත් කළ මෙම දැනුම වෙනුවෙන් මම ඔබට හිස නමා ආචාර කරමි. ඔබේ පෑන් තුඩ තව තවත් තියුණු මුවහත් වේවා!

ලක්මාලි ධර්මවංශ
විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි
රිජ්වේ ආර්යා ළමා රෝහල
කොළඹ.

Share69Tweet43
Previous Post

ආබාධිතයන් වෙනුවෙන් යුග මෙහෙවරක් කළ ආචාර්ය අජිත් පෙරේරා දිවියට සමුදෙයි

Next Post

අද දවසට තවත් කොවිඩ් ආසාදිතයන් 633ක් වාර්තා වේ….

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.