සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

සුරංගනා ලෝකයක් වැනි මයින්ෆෙල්ඩ් ගමට හයිඩි සොයා ගෙන ගියෙමු…

by editor
ඔක්තෝබර් 28, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

ඡායාරූප හා සටහන – සුනේත්‍රා ඇතුගල්පුර-

වයස අවුරුදු හැට තුනක් පමණැති සුසාන,අපගේ අසල්වැසි ස්විස් ජාතික කාන්තාවකි .ඇය හා අප අතර පවතින්නේ ඉතා කුළුපගු සමීප සබඳතාවයකි. සුසානා අපගේ දරුවන්ට දැඩි කැමැත්තක් දැක්වීම හා ස්ව්ස් සංස්කෘතික තොරතුරු ඔවුන් සමග බෙදා හදා ගැනීමට රුචිකත්වයක් දැක්විම ඊට ප්‍රධාන හේතුවයි. වසර අටකට පෙර ඇය සිය සැමියා සමග අපි ජීවත් වන ග්ලාරුස් පළාතට පැමිණියත් ඇගේ උපන් ගමවන මයින්ෆෙල්ඩ් ගම්මානය ලෝක ප්‍රකටය. ඇය අවස්ථා කීපයකදීම අප සමඟ එම ගම්මානයට ගිය අතර ඒ සෑම අවස්ථාවකදීම දරුවන් හා අපට ගම්මානයේ තොරතුරු රසවත්ව කියා දෙයි.

ගමට ප්‍රවේශවන ස්ථානයේ පිළිගැනීමේ පුවරුව

මයින්ෆෙල්ඩ් යනූ ස්විට්සර්ලන්තයේ ග්ල්ව්බුන්ඩන් පළාතේ පිහිටි ගම්මානයකි. එහි ජීවත් වූ බව කියන කුඩා දැරියක් ඇසුරෙන් ලියැවුණු කෘතිය බයිබලය හා දොන් ක්වික්සෝට් (Don quixote) යන කෘති හැරුණුකොට ලෝකයේ වඩාත් මුද්‍රණයවු පරිවර්තන කෘතිය ලෙස ඉතිහාසගත වේ .එම කෘතිය භාෂා පනහකින් පරිවර්තනය වී ඇත .
“අද අප කතා කරන කතානායිකාව හයිඩ්ය.(Heidi ). මයින්ෆෙල්ඩ් යනු හයිඩ් උපන් ගම්මානයයි.”
” මිත්‍රශීලී මයින්ෆෙල්ඩ් ගම්මානයේ සිට හරිතවර්ණ රුක්ෂලතා වලින් වැසී ඇති කුඩා අතු පාර හරහා උස අඩි පාර දිගේ ඉහළ සිට මිටියාවත දෙස බැලූ විට එය විශාල හා බැරෑරුම් ලෙස දිස් වේ ”

ඉහළ සිට මිටියාවත දෙස බැලූ විට එය විශාල හා බැරෑරුම් ලෙස දිස් වේ

1880 දි යොහාන්නා ස්ප්රි(yohanna spyri) විසින් රචිත ලෝක ප්‍රසිද්ධ හයිඩ් කෘතිය ආරම්භ වන්නේ මෙම වාක්‍යයෙනි.

“එතැන් සිට ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු කරයේ හැදී වැඩුණු මෙම කුඩා දැරිය ලොව පුරා පරම්පරා ගණනාවක ගේ හදවත් ස්පර්ශ කිරීමට සමත් වී තිබේ “.
හයිඩි නැමැති කුඩා දැරිය සිය සීයා සමඟ ඇල්ප්ස් කඳුවැටියක ගෙවූ ජීවිතය අලලා මෙම කෘතිය දිව යයි .සිය පුංචි අම්මා විසින් හයිඩ් සීයා වෙත භාරදෙන විට ඇය වයස අවුරුදු පහක දැරියක . හයිඩි ගේ මව මිය යෑමෙන් පසුව පුංචි අම්මා හයිඩි ව වසර හතරක කාලයක් හදාවඩා ගත්තාය .ඇල්ප්ස් කඳු වැටියට පැමිණීමෙන් අනතුරුව හයිඩ් ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර ඇය ස්වභාධර්මය හා සතා සිවුපාවන් සමග දැඩි සමීප සබඳතාවයක් ගොඩනගා ගත්තාය ..මෙම කාලයේ ඇගේ හොඳම මිතුරා වූයේ පිටර්ය. ඇය එලුවන්ට බෙහෙවින් ආදරය කළාය. පීටර් හා හයිඩ් එලුවන් සමඟ ඉහළ තණබිම් වල නිතර දුව පැන සෙල්ලම් කරන්නට විය. ඇල්ප්ස් කඳු වැටිය පුරා ඇය මහත් සතුටින් දිවි ගෙව්වාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හයිඩි සිය ප්‍රියතම එළු රෑණ සමග සිටින අයුරු පිළිරුවකින්…

හයිඩ් ගේ මෙම සූන්දර ළමා වියට කණකොකා හඩන්නට වූයේ ඇයට ජර්මනියේ ෆන්ක්පට් නගරයට යාමට සිදු වීමත් සමඟය.
ඇල්ප්ස් කඳු, තණබිම් වලින් වටවූ ස්වභාවික පරිසරයට ඇලුම් කළ හයිඩිට ෆන්ක්පට් හීදී දැකගන්නට ලැබුණේ විශාල පාරවල් ,ජනාකීර්ණ පරිසරයකි .එහිදී ඇයට ක්ලාරා හමුවේ .ක්ලාරා ඇවිදීමට නොහැකි අංශභාග රෝගි ,දෛවය විසින් සිය ජීවිතය රෝද පුටුවකට සීමා කළ දැරියකි. හයිඩි ගේ සම්ප්‍රාප්තිය ක්ලාරා ජීවිතයට ආලෝකයක් ගෙන දුන්නද නව ජීවිතය හයිඩිට එතරම් සතුටුදායක එකක් නොවීය .එහි ප්‍රතිඵලය වූයේ හයිඩි රෝගාතුර වීමයි.

වෛද්‍ය උපදෙස් මත හයිඩිට යළිත් ස්වභාවධර්මයෙන් පරිපූර්ණ මයින්ෆෙල්ඩ් ගම්මානයට පැමිණීමට හැකි වේ .ඇගේ මේ නැවත සම්ප්‍රාප්තියෙන් පීටර් වඩාත් සතුටට පත්වන අතර හයිඩ් අහිමිවීම ක්ලාරා ගේ ජීවිතයට අඳුරු කාල පරිච්ඡේදයක් විය .අවසානයේ ක්ලාරා සිය පියා සහ ආච්චි අම්මා සමඟ හයිඩ් බැහැදැකීමට එන අතර ඒ කාලය තුළ ක්ලාරට රෝද පුටුවේ ජීවිතයෙන් මිදී සිය දෙපා වලින් නැගී සිටීමට අවස්ථාව උදාවේ. මෙමගින් කතුවරිය පෙන්වා දීමට උත්සාහකරන්නේ ස්වභාවධර්මයට හා ආදරයට කලනොහැක්කක් නොමැති බවය.

හයිඩි විසූ බව කියන නිවස…

යොහන්නා ස්පිරි මයින්ෆෙල්ඩ් ගම්මානයේ අපූර්වත්වයෙන් කුල්මත් වී ලෝකක් ප්‍රකට කෘතියක් රචනා කළ ද ඇය මෙම පළාතට පැමිණෙන්නේ අහම්බෙනි .ඒ බාඩ්_රාගන්ස් පළාතේ සිය හිතවතෙකු බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය .ස්වභාවධර්මයාට දැඩි රුචිකත්වයක් දැක්වූ වත් කතුවරියට සිය කාර්යබහුල සැමියා සමඟ ජීවත් වීමට සිදුව ඇත්තේ සූරිච් පළාතේය.නමුත් ඇය මෙම නාගරික ජීවිතයට ඇලුම් නොකළ අතර ඒ නිසාම කතුවරියට සතුටුදායක ජීවිතයක් නොතිබූ බවට කියවේ .තමන්ට පෞද්ගලික මුහුණදීමට සිදු වූ මෙම අත්දැකීම යොහන්නා ස්පිරිට හයිඩි කෘතිය ලිවීමට මග පාදන්නට ඇතැයි විශ්වාස කෙරේ .

එහි ප්‍රතිඵලය වූයේ හයිඩි කෘතිය යොහන්නා ස්පිරිට අයිති එකක් පමණක් නොව මුළු ලෝකයේ ම කෘතියක් බවට පත්වීමය .එහි තවත් අපූර්වත්වයක් වන්නේ මෙම කෘතිය ඇමරිකාව ,ජර්මනිය .ප්‍රංශය,ස්පාඤ්ඤය ,හා ජපානය වැනි රටවල් තමන්ගේම සංස්කෘතික අංග ලක්ෂණ ද ඇතුළත් කොට පරිවර්තන එළි දැක්වීමයි.එයිනුත් ජපන් ජාතිකයින් මෙම කෘතියට ලෝකයේ කිසිදු රටකට වඩා වැඩියෙන්ම ඇළුම් කරන බව කියවේ . හයිඩි කෘතියේ ස්වභාධර්මයේ සාරාත්වය, ඒකායන අධිෂ්ඨානය, පිලිවෙල ඔවුන්ගේ ජීවිතයට වැදගත් වීම නිසාය .

සොබාදහමේ අසිරයෙන් පිරුණු හයිඩි කතාවේ ගෙවත්ත

එමෙන්ම හයිඩි කෘතිය පාදක කොටගෙන මෙතෙක් චිත්‍රපටි 12ක් ,කාටුන් චිත්‍රපට අටක් ,ටෙලි කතා මාලා හයක් ,චිත්‍රකතා අටක් , හා සංගීත වැඩසටහන් හතරක් නිෂ්පාදනය කර තිබේ ..

යොහන්නා ස්පිරි සිය නවකතාව ආරම්භ කළ ආකාරයටම මාර්ගයේ සිට ඉහලට ඇදී යන කුඩා අතු පාර හරහා අප හයිඩි ජීවත්වූ බව කියන නිවෙස වෙත ගමන් කළේ ස්වභාධර්මයේ චමත්කාරය විඳ ගනිමිනි .මෙම ගම්මානය වෙත පා තබන අඩියක් අඩියක් පාසා සූසානා හයිඩ් පිළිබඳ විවිධ තොරතුරු අප සමඟ පැවසුවේ ඇගේ උපන් ගම ගැන මහත් ආඩම්බරයකිනි .හයිඩි ගේ නිවස හා ඒ අවට පරිසරය නරඹන සෑම මොහොතකම කෘතියෙ තොරතුරු චිත්‍රපටයක රාමු පෙළක් මෙන් මනසේ පෙළගැසුණු ආකාරය විශ්මයජනකය. හයිඩි අත්විඳි ස්වභාධර්මයේ චමත්කාරය තවමත් අඩුවක් නොමැතිව අදටත් රැකී තිබෙන අයුරු අපි සියැසින් දුටුවෙමු .

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

රජරට ගොවි රජවරු  එක පැයෙන් හාන්සි කරන රිලා වඳුරු සේනාව

Next Post

පොම්පියෝ එක්ක කතා කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ….

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

Comments 2

  1. Damayanthi says:
    වසර 6ක් ago

    හයිඩි චිත්‍රපටය මම කීප විටක් නරඹා ඇති අතර එහි සීයට ඇය දක්වන ආදරයට මා ඉතා ඇළුම් කළා. ඔබේ ලිය විල්ල ඉතා රසවත්.

    පිළිතුරු සැපයීම
  2. පී ඩී ජානක ශ්‍රී සමන්ත says:
    වසර 6ක් ago

    ඇත්තටම ඒ දැකීමෙන් පුදුමාකාර සතුටක් ලැබුවා.අවුරුදු හතළිස් දෙකක් වෙලත් මම අදටත් ඒ පොතේ මිහිර චමත්කාරය පුදුමාකාර විදිහට විඳිනවා .මටත් එතනට යන්න ඇත් නම්

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.