බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ආණ්ඩුවෙන් පඩි අරන් දෙහි බාලේ මල්ලීගේ සිකියුරිටි ජොබ් එක කළ බවට චෝදනා ලද නාකොටික් ලොක්කා ඉදිරියේ පොලිස්පතිත් ඇඹරෙන්නේ ඇයි?

by editor
මැයි 10, 2026
in සමාජ
Police-Officer
Share on FacebookShare on Twitter

 ජානක ලියනආරච්චි 

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය   සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන සැපයුම්  මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළ ඉතිහාසයක් තිබේ.   මුහුදු මාර්ගය ඔස්සේ අන්තර්ජාතික  ජාවාරම් කරුවන් විසින් සපයන  හෙරොයින්, අයිස් (Crystal Methamphetamine) සහ අනෙකුත් මාරාන්තික මත්ද්‍රව්‍ය  ධීවර  බෝට්ටු සහ බහුදින යාත්‍රා මගින් රහසිගතව මෙරටට ගෙන එන රටාව මේ වනවිට  මුලුමනින්ම පාහේ හෙළිදරවු වී ඇත. එහෙත් මේ ජාවාරම නවතින්නේ නැත.  ඉවත් වනු කීවාට උන් ඉවත් වන්නේත් ඉවත් වන්නට සුදානම් වන්නේත් නැති බව පමණක් සන්නිවේදනය වෙමින් තිබේ.

රට්ටු අපෙන් අසන්නේ  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන්ම මත්ද්‍රව්‍ය  ජාවාරම්කාර අපරාධකරුවන්ට රැකවරණය සහ විශ්වාසය ලැබෙන විට උන් මොකා ඉවත් වෙනු කීවත් ඉවත් වන්නේ අහවල් දෙයකට ද කියාය.

මිනිස්සු දිගින් දිගටම මේ කතාව කියන්නේ කට කහනවාට නොවේ.  මේ තරම් භයානක සිද්ධි ගැන ආතල් ගන්නට මිනිස්සු ජිවිත පරදුවට තබා කැමරා ඉදිරියට ඇවිත් කතා කරන්නේ නැත. මෑතකදී එල්ල වූ ප්‍රසිද්ධ චෝදනා මගින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) හිටපු  ඉහළ පෙළේ නිලධාරියෙකු සහ දකුණේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙහි බාලේ මල්ලි’ (සෙහාන් සත්සර) නමැත්තා අතර පවතින ගැඹුරු සහ භයානක සබඳතාවයක් ගැන තොරතුරු  කියැවෙමින් ඇත.

.දෙහි බාලේ මල්ලි සහ  නාකොටික් ලොක්කාගේ එක ගෙයි කෑම

පොලිස් සහ අධිකරණ වාර්තාවලට අනුව දෙහි බාලේ මල්ලි යනු දකුණු පළාතේ දෙවිනුවර සහ ගන්දර ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඔහු සහ ඔහුගේ සහයකයෙකු වන “කළු මල්ලි” අත්අඩංගුවට ගන්නා ලෙස 2025 ඔක්තෝබර් මාසයේදී අධිකරණ නියෝග නිකුත් විය.

ජාත්‍යන්තර මුහුදේ සිට හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් සිය ගණනක් ගෙන ඒම සඳහා ඔහුගේ ජාලය මසුන් ඇල්ලීමේ ට්‍රෝලර් සහ කුඩා බෝට්ටු භාවිතා කරන බවට චෝදනා එල්ල වූයේය. මෑතක දී  පොලිසිය විසින් ඔහුට අයත් යැයි කියන බෝට්ටු කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, රුපියල් මිලියන ගණනක් වටිනා හෙරොයින් සහ අයිස් සමඟ ඔහුගේ සමීප සගයන් ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ දෙහි බාලේ මල්ලිගේ මත්කුඩු  අඩංගුවට ගැනීම් සිදුවන්නේ හිටපු නාකොටික් ලොක්කෙක් එම තනතුරින් ඉවත් කර වෙනත් නිලධාරියෙකුට අදාල වගකීම පැවරුන පසුවය. ඉන් පෙර දෙහි බාලේ නැමැති අපරාධකරුවෙක් මේ මත්ද්‍රව්‍ය ජාලයේ හිටියේත් නැතිවා වගේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මාධ්‍ය මගින්   අනාවරණය කරන ලද විමර්ශනාත්මක තොරතුරු අපව බියපත් කරවන සුළුය. හිටපු නාකොටික් ලොක්කෙකුගේ  මැදිහත්වීමෙන්    දෙහි බාලේ මල්ලිගේ මත්ද්‍රව්‍ය තොග රට පුරා ප්‍රවාහනය කර බෙදා හැරීම් කර ඇත්තේ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට  අයත් නිල වාහනවලින් බවට චෝදනා එල්ල වූයේය. මෙම චෝදනා ලිඳ ලඟ කතාවෙන ඕපා දූප මට්ටමේ එවා නොව,  මිනිස්සු සිය අනන්‍යතා හෙළිකරමින්  කැමරා ඉදිරියට පැමිණ  ජීවිත අවදානමක් රැගෙන  කළ අනාවරණයන්ය.

ඔවුන්ට අනුව  රාජ්‍ය රැකවරණය    දෙහිබාලේගේ කුඩු වලට ලැබී තිබිණි. ඒ අනුව  කිසිදු බාධාවකින් තොරව පොලිස් මාර්ග බාධක පසුකර යාමට එම මත්ද්‍රව්‍ය තොගවලට අවස්ථාව ලැබී ඇත.

2025 ඔක්තෝබර් මාසයේදී විකාශය වූ වීඩියෝවක් මගින් චෝදනා කෙරෙන්නේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉන්දියාවට සම්බන්ධ මාර්ග හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට පෞද්ගලිකවම උදව් කර ඇති බවය. එම වීඩියෝවට අනුව මෙම නිලධාරියා අදාළ අංශය භාරව සිටි කාලය තුළ, දෙහි බාලේ මල්ලිගේ ව්‍යාපාරය පෙරට වඩා ශක්තිමත් වුනේය. නාකොටික් එක  ඔහුව  විශේෂ වරප්‍රසාදිත පුද්ගලයෙක් ලෙස නඩත්තුකරමින් නීතිය අවලමේ යවා තිබුණේය.  එම කාලය තුළ දෙහි බාලේ මල්ලීට ගෙන්වන ලද කුඩු ග්‍රෑම් එකක්වත්  අත් අඩංගුවට ගෙන තිබුණේ නැත.  එමෙන්ම   දකුණු ප්‍රදේශයෙන් විශාල මත්ද්‍රව්‍ය වැටලීම් කිසිවක් වාර්තා වී තිබුණේත් නැත. මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුනොවීමට හේතුව පසුව අනාවරණය වුනේය.

එනම් පසුව අත් අඩංගුවට ගත් ටොන් ගණනකට ආසන්න මත්කුඩුවලින් වැඩිම ප්‍රමාණය දෙහිබාලේ මල්ලිගේ  අන්තර්ජාතික ජාවාරම්කරුවන් හරහා රට තුළට ගෙන්වූ ඒවා වීමය.

නාකොටික් ලොක්කා මාරු වූ පසු

දිගින් දිගටම එල්ලවන මේ මහජන පැමිණිලි නිසා පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට මේ විෂමක පුද්ගලයා මාරු කර යැවීමට සිද්ධ වූයේය.  ඔහු ස්ථානමාරු කර යැවීමෙන් පසු තත්ත්වය වෙනස් වූ බව අපටත් පෙනුණි. නව නිලධාරියෙකු වැඩ භාර ගැනීමෙන් පසුව, එම ප්‍රදේශයෙන්ම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ඉන් අනතුරුව මතුවන  මහජන සාකච්ඡා පෙන්වා දෙන්නේ මෙම හදිසි වැටලීම් වැඩිවීම අහම්බයක් නොවන බවයි.   එක් පුද්ගලයෙකු ඉවත් කිරීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාලය ආරක්ෂා කරමින් තිබූ ” රාජ්‍ය ආවරණය” ඉවත් වූ බවය.

මෙම චෝදනා තවදුරටත් ඉදිරියට යමින් පවසන්නේ, ඇතැම් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් දෙහි බාලේ මල්ලිගෙන් අල්ලස් ලබා ගත් බවත්, අත්අඩංගුවට ගැනීම් නතර කළ බවත්, අවසානයේ තොරතුරුකරුවන් සඳහා වෙන් කර ඇති පාරිතෝෂික මුදල් පවා අවභාවිත කර ඇති බවත්ය.  ඇතැම් චෝදනා   දෙහි බාලේ මල්ලි විසින්ම ප්‍රතික්ෂේප කර තිබුණ ද පොදුවේ ජනතාව මතුකළ චෝදනා අඛණ්ඩව මතුවෙමින් තිබිණි.

චෝදනාවල බරපතලකම

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ස්වකීය ජාවාරම කරගෙන යෑමට  හැම විකල්පයක්ම අත්හදා බැලීමකි. ඒ ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන කාටලවල ස්වරූපය ය. පොලිසියත්දේ ශපාලනයත්  සම්බන්ධ නොමැති කිසිම මත්ද්‍රව්‍ය ජාවාරමක් ලෝකය තුළ පවතින්නේ නැත. ඒ සත්‍යය දෙහි බාලේ මල්ලි ලංකාවේ ප්‍රමාණය අනුව අපට පෙන්නුවේය. චෝදනා එල්ල වන්නේ මත්ද්‍රව්‍යයට එරෙහිව ක්‍රියා කිරීම සඳහාම පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටය. එම ආයතනයේ ලොක්කා ආණ්ඩුවේ පඩි පිට දකුණේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සිකියුරිටි ජොබ් එක සහ මත්ද්‍රව්‍ය කිලෝ ගණන් සිය නිල රථයේ පටවාගෙන ගොස්  කුලී ඩිලිවරි වැඩේ කර ඇති බවටය. අප විශ්වාස කරන පරිදි  ඉතිහාසයේ පොලිසියට එල්ලවන කුජීතම චෝදනාව මෙයය.

 දෙවිනුවර දේවාලය අසල ඝාතනය: තරුණ ජීවිත දෙකක් නින්දිත යථාර්ථය හෙළි කළ හැටි

නාකොටික් ලොක්කාගේ සහ දෙහි බාලේ මල්ලිගේ අපරාධ  සබඳතාවයේ සම්පූර්ණ බිහිසුණු බව මහජනයා හමුවට පැමිණියේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ  ඉදිරිපිට සිදු වූ ද්විත්ව ඝාතනයකින් පසුවය. සිද්ධිය මසේය.

2025 මාර්තු 22 වන දින රාත්‍රියේ, යෝමේෂ් නදීෂාන් සහ පසිඳු තාරුක  නැමැති  වයස අවුරුදු 28-29 පමණ වන තරුණයින් දෙදෙනෙකු මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු දොරටුව ඉදිරිපිට සිංහාසන පාරේදී වෙඩි තබා ඝාතනය කරන ලදී. වෑන් රථයකින් පැමිණි ඝාතකයින් මෝටර් බයිසිකලයකින් ගමන් කරමින් සිටි   වින්දිතයන්ට පන්න පන්නා  වෙඩි තබන ආකාරය සීසීටීවී දර්ශනවලින් රටම බලා සිටියේ තිගැස්මෙනි.  පූජනීය දේවාලය අසල කාර්යබහුල ප්‍රදේශයක මෙම ප්‍රහාරය සිදුවීම මුළු සමාජයම කම්පනයට පත් කළේය.

මුලදී පොලිසිය ප්‍රකාශ කළේ මෙය පෞද්ගලික ආරවුලක් බවය. නමුත් මෙම සිද්ධියෙන් ටික කලකට පසු චමුදිත සමරවික්‍රම තම ටෲත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාව ඔස්සේ    “දෙවිනුවර ඝාතනයේ නොකී ඇත්ත – දෙහි බාලේගේ සල්ලි වලට මත්ද්‍රව්‍ය නාශක පොලිසිය නැමෙයි” යන මාතෘකාව ඔස්සේ  වෙනස්ම හෙළිදරව්වක් කළේය.  එම විමර්ශනාත්මක වීඩියෝව රට ඉදිරියේ තැබූ කාරණා මෙසේය.

  • මෙම ද්විත්ව ඝාතනය දෙහි බාලේ මල්ලිගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් සහ ප්‍රදේශයේ පවතින පාතාල ගැටුම් සමඟ ඇති සෘජුව  සම්බන්ධතාවය.
  • දෙහි බාලේ මල්ලිගේ ජාලය විසින් පාලනය කරනු ලබන මත්ද්‍රව්‍ය වෙළඳාමේ බල අරගලවලට මෙම වින්දිතයන් මැදි වී ඇති ආකාරය.
  • ජාවාරම්කරුගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ, පොලිසිය,  අපරාධකරුවන් ආරක්ෂා කර ඇති අතර ඊට අදාළ අපරාධ වසන් කර ඇති ආකාරය.
  • වෙඩි තැබීමට පෙර “බාලේ මල්ලි” විසින් එවන ලදැයි කියන කෙටි පණිවිඩයක් (SMS) සහ පසුව වින්දිතයන්ගේ පවුල්වලට එල්ල වූ තර්ජන පිළිබඳව ද තොරතුරු.

අපරාධකාර සැකකරුවන් පසුව  අත්අඩංගුවට පත් විය. එහෙත් මහජන විරෝධය එල්ල වූයේ මීට වඩා පුළුල් කරුණු කෙරෙහි ය.  සැබෑ මහ මොළකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙන්ම පොලිසිය කටයුතු නොකරන්නේත් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්  ඉදිරියේ හිඟන්නන් ලෙස  අසරණ වන්නේත් කුමක් නිසා ද යන්නය.    මත්ද්‍රව්‍ය සල්ලි සහ පොලිස් ආරක්ෂාව හමුවේ සාමාන්‍ය ජනයා පූජනීය ස්ථානයකදී පවා අනාරක්ෂිත වීම පිළිබඳ සමාජය තීව්‍ර ලෙස ප්‍රශ්න කළේය.  මිනිසුන් මෙය අර්ථනය කළේ පොලිසිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එකගෙයි කෑමේ ප්‍රතිඵලයෙහි  බිහිසුණු සංකේතයක් ලෙසය.

මෙම තත්ත්වය  සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වැදගත් වන්නේ ඇයි?

මත්ද්‍රව්‍ය යනු දකුණට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ.   මුළු රටක් විකල් කරන ජාතික ප්‍රශ්නයකි. . පොලිස් නිලධාරීන් , විශේෂයෙන්ම  මත්ද්‍රව්‍ය  වැලැක්වීමේ ජාතික වගකීම දරමින් ඒ වෙනුවෙන් ජනතා බදු මුදලින්  පඩි ගන්නා  නාකොටික් ලොක්කන්   මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කුලී කරුවන් බවට චෝදනා එල්ල වීම හුදු චෝදනාවක් නොව,  සමස්ථ ජාතියක මළගම ප්‍රකාශ කරන නිවේදනයකි .

මේ වනවිට සමාජයක්  දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටින්නේ  මෙම වාර්තාවල නම් සඳහන් නිලධාරියාගෙන් මෙතෙක් ප්‍රශ්න කිරීමක් හෝ පරීක්ෂණයක් පවත්වා නැත්තේ කුමක් නිසාද යන්නය.  මේ චූදිත නිලධාරියට  එරෙහිව  සම්පූර්ණ සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නේ කවදාද යන්නය.  ඒ ක්‍රියාමාර්ග ගැනීමට තවත් ජීවිත කීයකින් වන්දි ගෙවිය යුතු ද යන්නය.  ඔහුව ස්ථාන මාරුවක් කර සුරතලේට තබා ගැනීමෙන් පමණක් පොලිස්පතිවරයා සෑහීමකට පත් වන්නේ කෙසේ ද යන්නය.  පොලිසියේ පහළ මට්ටමේ නිලධාරියෙක් මේ ආකාරයේ අපරාධයක් සම්බන්ධ යන්තමින් හෝ ගෑවී සිටියත් පොලිසිය ක්‍රියාත්මක වන ආකාරයට මේ නිලධාරියාට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ කුමක් නිසාද යන්නය.

තවමත් මේ චෝදනා ඇත්තේ සමාජයෙන් මතුවන විරෝධයන් ලෙසය. බිම් මට්ටමේ දී මරණීය අත්දැකීම් ලබන ජනතාව තුළ  මේ බිය   වර්ධනය වෙමින් ඇත.   මේ චෝදනා අධිකරණය ඉදිරියේ  විවරණය විය යුතුය. මිනිස්සු මේ මොරගාමින් ඉල්ලා සිටින්නේ වෙන කිසිවක් නොව අන්න ඒ ප්‍රවේශය ය.

වඩාත් විවෘතව සංක්ප්ත   කළහොත්  පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මේ චෝදනා ලබන නිලධාරියා අතර ඇති මේ සම්බන්ධය කුමක් ද යන්න මිනිසුන් අසන්නේය. අවසානයේ මේ හැසිරීම පිළිබඳ චෝදනාව යොමු වනු ඇත්තේ මාලිමා ආණ්ඩුවේ පොලිස් ඇමති ආනන්ද විජේපාලට සහ මාලිමා  ආණ්ඩුවටය.

“ඉවත් වනු “ යැයි මොරගෑම ජින්තුපිටියෙන් හෝ තුන්මුල්ලෙන්  ඇසෙන “සමනල හඬකට” පත්ව මිනිස්සු ඉදිරියේ කොමිටල් නොකිරීමේ වගකීම අඩුම තරමින් මාලිමා ආණ්ඩුවට ඇති බව  අවධාරණයෙන් යුතුව ලියා තබන්නේ ඒ නිසාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය උණුසුම් වෙයි: ඇමරිකානු ප්‍රහාරයට ඉරානයෙන් මිසයිල ප්‍රහාර මාලාවක්!

Next Post

අද දිවුරුම් දුන් තමිල්නාඩු මහ ඇමති විජේ ගැන කතාවක්! විජේට හිනාවෙන්නට පෙර උපේක්ෂා ස්වර්ණමාලි සිහි කරගන්න…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.