බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

GMOA ලෝකය ඉදිරියේ වෛද්‍යවරුන් නිරුවත් කර යන එන මං නැති කරන්නට පෙර….

වෛද්‍යවරුන්ද මේ රටේ පුරවැසියන්ය... එදා වේල ගැන සිතා ගොබ්බ තීන්දු ගැනීමේ පුරවැසි නැමියාව ගැන වෛද්‍යවරයෙක් ලෙස කල්පනා කරන්න...

by editor
මැයි 22, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

රටේ පාලන තන්ත්‍රයට අනියමින් රිංගා ඒ තුළ අවුල් ජාලයක් නිර්මාණය කර රට බංකොලොත් භාවයට පමණක් නොව රටේ ජනතාවට කන්නට අදින්නට තැනක් නැති කළ තත්ත්වයට පත් කිරීමට දායක වීම පිළිබඳව පළා ගිය ජනපති ගෝඨාභයට පමණක් නොව ඔහු වටා සිටි  දොස්තර පාදෙණිය ප්‍රමුඛ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටද පොදු විවේචනයක් ඇත. 

විශේෂයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වැරදි තොරතුරු ලබා දෙමින් කිසිදු විද්‍යාත්මක පදනමකින් සහ සැලසුමකින් තොරව රටම කාබනික ගොවිතැනට පරිවර්තනය කරවන්නට ගත් පියවර ඉහළින්ම අගය කළේ මේ වෛද්‍ය සංගමයයි. එහි සභාපතිවරයාව සිටි ළමා රෝග පිළිබදව විශේෂඥ වෛද්‍ය අනුරුදධ පාදෙණිය  වෘත්තීය වපසරිය මෙන්ම සිය වෘත්තීය සංගම් පරාසයද අතික්‍රමණය කරමින් නොදන්නා කෘෂිකර්මයක් ගැන කතාවට ගොස් මුළු  රටේ සමස්ත වෛද්‍ය පරපුරම ජනතාව අතර  ගර්හාවට ලක් කිරීමේ බරපතල හානියක් සිදු කළේය.

මේ වෛද්‍ය සංගමය වරද්දා ගත්තේ එතැනදී පමණක් නොවේ.   1990 සුවසැරිය ගිලන් රථ සේවය ශ්‍රි ලංකාවට හඳුන්වා දෙන විට අතාර්කික බිල්ලකු මවමින් වෛද්‍යවරුන් සතු සිවිල් බලය අපහරණයට ලක් කර මහා කලබැගෑනියක් කළේය. සුවසැරිය ගිලන් රථ රෝහල් තුළට වද්දා ගැනීමටවත් ඉඩ දුන්නේ නැත.   එම ගිලන් රථ නවත්වන්නට සිද්ධවූයේ ලඟම ඇති පොලිසියේය.  අවසානයේ සුවසැරිය රටේ හුස්ම පොද උනේය. මේ සද්කාර්යය වළ දැමීමට පාදෙනිය ඇතුළු  GMOA නිලධාරී නඩය දැරූ වෛරී සහගත ලාභ උත්සාහය  අවසානයේ සමස්ත  GMOA සාමාජිකත්වයම  රටහමුවේ හෑල්ලු කළේය.

වෛද්‍යවරයකු නිරායාසයෙන් සමාජයෙන් එන පිළිගැනීම, ගෞරවය සහ සමාජ තත්ත්වය තවදුරටත් ආරක්ෂා කිරීම වෙනුවට වෛද්‍ය වෘත්තියට  හිමි ඒ සිවිල් බලය සිය බල ව්‍යාප්තියේ සහ අසාධාරණ අධිපතිවාදයක වාහකයක් බවට පත් කිරීමට GMOA   ගන්නා   උත්සාහයන් නිසා තවදුරටත් වෛද්‍ය වෘත්තියට හිමි ගරුත්වයට සිදු වන්නට ගිය හානිය මෙම නිලධාරීන් ඉවත් වී යෑමත් සමග යම් පමණකට සමනය වුනේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෛද්‍ය සභාවේ බලය ඇල්ලීමේ  GMOA සැලසුම

එහෙත් අද  GMOA සඳහා පත්ව ඇති නව නිලධාරී නඩය ද   ලංකාවේ වෛද්‍ය වෘත්තියේ ගරුත්වය ජාත්‍යන්තර තලයේ දී  කෙළෙසීමේ ප්‍රයත්නයක යෙදී සිටින්නේද යන සැකය  මේ වනවිට නිර්මාණය කර   ඇත.

එයට හේතු වන ප්‍රධාන කාරණය වන්නේ ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය  වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය සහ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් නියාමනය කෙරෙන ස්වාධීන වෘත්තික ආයතනය වන ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ බලය ඇල්ලීම සඳහා රජයේ වෙද්‍ය නිලධාරීන් සංගමය විසින් මේ දිනවල සිදු කරෙගන යන සංවිධානාත්මක ප්‍රචාර වැඩපිළිවෙළ නිසා ය.

මෙම වෛද්‍ය සභාවට සමාජිකයන් අට දෙනකු පත් කිරීම සඳහා නිලවරණයක් මෙම සතියේ යෙදී තිබේ. ඊට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය නියෝජනය කර වෛද්‍යවරුන් කිහිප දෙනකුම තරඟ කරති. ඔවුන් සිය ප්‍රචාරණ ක්‍රියාවලදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කියුම් කෙරුම් මතින් ඡන්දය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ප්‍රසිද්ධියේම දියත්කර ඇත. මීට පෙර 2018 වසරේදීද වෛද්‍ය සභාවේ නිලවරණයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතත්වය ප්‍රකට වීම තුළ යම් යම් අර්බුද නිර්මාණය වී ඇත.‍

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට GMOA කරන්න යන දේ…

පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය  අවධාරණය කර සිටියේ කිසියම් දේශපාලන පක්ෂයක හෝ වෘත්තීය සමිතියක නියෝජිතයන් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව වැනි ස්වාධීන මණ්ඩලයක සාමාජික ධුරයට පත් නොවිය යුතු  බවය. එයින් එම ව්‍යූහයේ ස්වාධීනත්වය බිඳ වැටී  බැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය වන බව ඔවුන් පෙන්වා දී තිබුණි.

මෙරට තුළ වෛද්‍ය වෘත්තිය සිදු කරන සෑම වෛද්‍යවරයකුගේ ම ලියාපදිංචිය සහතික කරන්නේ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවය. වෛද්‍ය සභාාවේ ලියාපදිංචියකින්  තොරව කිසිදු වෛද්‍ය වෘත්තිකයකුට ශ්‍රි ලංකාව තුළ කිසිදු ආකාරයක ප්‍රතිකාරයක් ලබා දිය නොහැකිය.

එසේම වෛද්‍ය වෘත්තිය තුළ සිදුවන අකටයුතුකම් විනය විරෝධී හෝ සදාචාර විරොධී ක්‍රියා නියාමනය කරන්නේ ද  ශ්‍රි ලංකා  වෛද්‍ය සභාවය. 1928 දී විශේෂ ආඥා පනතක් මඟින් ස්ථාපනය කරන ලද මෙම වෛද්‍ය සභාව මෙතෙක් කලක් ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට සාධනීය  භාරයක් සිදුකළේය. එසේම වෛද්‍ය ආචාර ධර්ම බිඳ හෙළමින් අනීතිකව වෛද්‍ය වෘත්තිකය තුළ කටයුතු කරන අයගේ ලියාපදිංචිය අහෝසි කිරීම වැනි  දඬුවම් ලබා දිමටද සෘජුවම ක්‍රියා කළේය.

මේ ස්වාධීන ක්‍රියාකාරීත්වය නිසාම මේ වනවිට ශ්‍රි ලංකාවෙ වෛද්‍යවරයකු ලෝකයේ ඕනෑම තැනක පිළිගන්නා ලෙස ක්‍රියා කිරීමේ අවස්ථාව නිර්මාණය වී ඇත.

එහෙත් සිය සාමාජිකයන් සඳහා පක්ෂපාතීව කටයුතු කරන වෘත්තීය සමිතියක ප්‍රධාන නිල තල උසුලන්නන් හෝ ක්‍රියාකාරීන් මෙවැනි ස්වාධීනව පැවතිය යුතු වියත් සභාවක සාමාජිකත්වය ලබා ගන්නේ නම් ඒ සඳහා පවත්වන නිල වරණයක ස්වකිය ප්‍රචාරණ කටයුතු සිදු කරයි නම් එයින් ගම්‍ය වන්න් ඔවුන් සිය වෘත්තියේ නියාමනය සිදු වන ආයතන ය තුළ ඔවුන්ගේ නියෝජිතතත්වය වර්ධනය කිරීමට දරන ප්‍රයත්නයි.

නරක ප්‍රතිවිපාක

මේ ප්‍රයත්නය තුළින් ඉදුරාම සිදුවිය හැකි දේ වන්නේ තමන්ට බැදියාවක් ඇති පාර්ශ්ව සමග ගැටුමක් නිර්මාණය වීමය. (Conflict of Interest) මෙම තත්ත්වය එහි ස්වාධීනත්වයට බරපතල ප්‍රශ්නයත් වන අතර එලෙස ස්වාධීන නොවන වෛද්‍ය සභාවන් කෙරෙහි ලෝකයේ පිළිගැනීමක් ලැබෙන්නේ නැත.

විශේෂයෙන් වෛද්‍ය වෘත්තිය සහ ශ්‍රි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේදී  ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විසින් දෙනු ලබන සහතිකය සහ වගකීම ලෝකයම දැනට පිළිගන්නා අතර යම් හෙයකින් එහි ස්වාධීන භාවය බිඳ වැටුණහොත් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව පිළිගත් ප්‍රතීතන පරාමිතීන් යටතට පත් වේද යන්න පිළිබඳව ගැටලුවක් නිර්මාණය වෙයි. එවැනි තත්ත්වයක් පැමිණියහොත් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිළිගැනීම සැණෙකින් අහෝසි විය හැක්කේ මේ වනවිට දේශපාලනය මැදිහත් වීම නිසා ශ්‍රි ලංකාවේ රග්බි මෙන්ම  පාපන්දු ක්‍රිඩාවද ජාත්‍යන්තර  තලයෙන් කොන් වී ඇත්තා සේය.

බැලූ බැල්මටනම පක්ෂපාතී අසමතුලිත බවත් පෙන්වන වෛද්‍ය සභා සාමාජික නියෝජනයක් නිර්මාණය වුවහොත් එය වෛද්‍ය වෘත්තිකයන්ට වෛද්‍ය අධ්‍යාපනයට සේම සුරක්ෂිත මහජන සෞඛ්‍ය සේවයක්ටද දැඩි අභියෝගයක් එල්ල කරන බව අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වුවද මෙම පත් කිරීම් සහ වෛද්‍ය වෘත්තියේ ගරුත්වය සහ සදාචාර සම්පන්න භාවයේ අනාගතය පිළිබඳව තීරණය ගැනීමේ බලයද ඇත්තේ වෛද්‍යවරුන් අතමය. හේතුව මෙහි ඡන්ද බලය හිමි වන්නේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරන්ට පමණක් වීමය.

එබැවින් සිය වෘත්තීය ගරුත්වය සහ අභිමානය නොකෙළෙසා ගැනීමේ පරම වගකීමද මේ මොහොතේ හිමිව ඇත්තේ වෛද්‍ය වෘත්තිකයන්ට පමණි.  අපි මේ දෙස බලා සිටිමු

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් සහ අනුරාධා ආණ්ඩුකාරධූරවලින් විසිවුන හේතුව නව යඹ ආණ්ඩුකාරවරයා කියයි!

Next Post

දැරියන් රැසක් ලිංගික අපයෝජනයට ලක් කළ පොළොන්නරුවේ ටියුෂන් ගුරා රිමාන්ඩ්!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.