සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සයිෆ් අලි ඛාන්ට පිහියෙන් ඇන්න අපරාධකරු සොයන මුම්බායි මෙහෙයුමේ දී පොඩි ලැසී කොටුවන හැටි….

by editor
මාර්තු 2, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

දකුණු  පලාතේ කුප්‍රකට අපරාධකරුවෙක් වූ    අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී පසුගිය සතියේ ඉන්දියාවෙන් මෙරටට එවනු ලබන්නේය.  ඔහු ඉන්දියාවෙන් රටට එවන්නේ ජාත්‍යාන්තර රතු නිවේදනයක් නොමැතිව ය.  ලංකාවට එවන්නට පෙර වසරකට ආසන්න කාලයක් ඔහු ඉන්දියානු අත් අඩංගුවේ බන්ධනාගාරගතව සිටියේය.     

ඉන්දියානු ආරක්ෂක අංශ තොරතුරුවලින් දැනගන්න ඇති ආකාරයට අනුව පොඩි ලැසී කොටුවන්නේ ඉන්දියාවේ මුම්බායි පොලීසියටය. ඒ 2025 වසරේ ජනවාරි අගය. ඔහු ලංකාවේ සිට ඉන්දියාවට පැන මාසයක් වැනි කාලයක් තුළය.

ඉන්දියාවට පැන්න හැටි

දීර්ඝ කාලයක් බන්ධනාගාරගතවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධි විධාන යටතේ වසරකට වැඩි කාලයක් රැඳවුම් නියෝග මතත් සිටි පොඩි ලැසී බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුට නියම වූ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 10ක් වූ මුදල් ඇපයක් මත නිදහස ලබන්නේ 2024 වසරේ දෙසැම්බර් 9 වැනිදාය. ඔහුට අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවා ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය සන්තකයට ගත්තේය. තවත් ඇප කොන්දේසි ගණනාවක් විය.

ඇප පිට නිදහස ලැබූ ලැසී  අධිකරණ භූමියෙන්   පිටව යන්නේ නීතිඥවරුන් පිරිසක් මැදි කරගෙනය. ඔහු   නගින්නේ  නීතිඥවරයකුගේ මෝටර් රියකටය. ඇප ලැබුණත් දීර්ඝ කාලයක් බන්ධනාගාරයේ  ආරක්ෂිතව සිටීම සඳහා සමාන්‍යයෙන් කුප්‍රකට අපරාධ කල්ලි නායකයෝ ඇප තැන්පත් නොකරති.  එසේ රැඳෙමින් ඇප මත නිදහස් වන්නේ  දීර්ඝ සැලසුමක් සහිත පලා යෑමක් සැලසුම් කරමින් බව අපරාධ වාර්තා අනුව පෙනේ. මේ දිනවල වැඩි වශයෙන් ඇසෙන පාතාලයේ කුප්‍රකට චරිතයක් වන කරන්දෙණිය  සුද්දාත් ඇප ලැබුණු පසු ඇප තැන්පත් නොකර බොහෝ කාලයක්  බන්ධනාගාරයේ සිටියේය. කල්යල් බලා ඇප තැන්පත් කර එළියට ආ සැණින් ඔහු රටින් පැන්නේය.  කංජිපානි ඉම්රාන් එසේය. මාකඳුරේ මධුෂ්, ගණේමුල්ලේ සංජීව, ගොනාකෝවිලේ රොහා වැනි අද මෙලොවත් නැති කුප්‍රකට පාතාල අපරාධකරුවෝද එකල මේ ක්‍රමය අනුගමනය කළහ.

වසර ගණනක් ඇප තැන්පත් නොකර බන්ධනාගාරයේ සිටි පොඩි ලැසීත්  ඇප ලබා ගන්නේත් සැලසුමක් සහිතවය. ඇප  ලැබුණු දාට පසුදාම ඔහු  ඉන්දියාවට පැන්නේය.  මන්නාරමෙන් බෝට්ටුවක නැඟුණු ලැසී තමිල්නාඩුවේ තූත්තුකුඩියෙන් ගොඩ බසින්නේ ඉන්දියානුවෙක් ලෙසය. ඒ ඔහුට ඉන්දියානු ජාවාරම්කරුවන් විසින් ඉන්දියානු පුරවැසියෙක් ලෙස හැඳුනුම්පතක් පවා සකස්කර දී තිබූ බැවිනි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

තමිල්නාඩුවේදී ලැබුණු ඉන්දියානු හැඳුනුම්පත

මෙරටින් ඉන්දියාවට පලා යන බොහෝ පාතාල අපරාධකරුවන් සිය වාසස්ථානය බවට පත්කර ගනු ලබන්නේ තමිල්නාඩුවය. ඔවුන් විශ්වාස කරනුයේ තමන්ට වැඩි ආරක්ෂාවක් ඇත්තේ තමිල්නාඩුවේ බවය. එහෙත් පොඩි ලැසී විශ්වාස කළේ තමාට වඩාත් ආරක්ෂාකාරීව සැඟව සිටීමට හැක්කේ මුම්බායි බවය. ඒ අනුව ඔහු තමිල්නාඩුවේ වැඩි දිනක් රැඳී සිටියේ නැත. මුම්බායි ගොස් එහි කාලය ගත කරන්න ගත්තේ රාත්‍රී සමාජ ශාලා සහ ගණිකා මඩම්වලට රිංගමිනි.

බොලිවුඩයේ ජනප්‍රියතම සිනමා තරුවක් වන  සයිෆ් අලි ඛාන්  පදිංචිව සිටි මුම්බායිහි පිහිටි නිවසට හොරු පනින්නේ මේ අතරතුරදීය. ඒ 2025 වසරේ ජනවාරි 16 වැනිදා රාත්‍රී කාලයේය. එම සොරා  සයිෆ් අලි ඛාන් ට එල්ල කළ පිහිපහරකින් ඔහු තුවාල  ලැබුවේය. මේ නිසාම මේ සිදුවීම ඉන්දියාවේ දැඩි ආන්දෝලනයටත් කතාබහටත් ලක්විය. ලෝකයේ බොහෝ රටවල බොලිවුඩ් සිනමා ලෝලීන්ගේ ද අවධානයද ඉන්දියාව දෙසට යොමු වන්න ගත්තේය.

මුම්බායි පොලීසියට මේ නිසාම නිදහසක් නොවීය. සිය සිනමා තාරකාවගේ නිවසට පැන දේපොළ සොරා ගනිමින් ඔහුව පිහියෙන් කැපූ සැකකරු සොයා මුළු මුම්බායි නගරයම පීරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි. මුම්බායි නගරයේ රැඳී සිටි ආගන්තුකයන් සහ සැක කටයතු පුද්ගලයන් සිය ගණනක් එම මෙහෙයුමේදී කොටුවිය. පොඩි ලැසීද ඒ අතර සිටියේය.

තමිල්නාඩු වැසියෙක් ලෙස සඳහන් ඉන්දියානු හැඳුනුම්පතක් ඔහු සතුව තිබුණ ද ඔහුගේ අනන්‍යතාව සනාථ කිරීමට ඔහුට හැකියාවක් නොවීය. අඩුම තරමින් තමිල්නාඩු වැසියන් බහුතරයක් භාවිත කරන භාෂාව වූ දෙමළ භාෂාව පවා කතා කිරීමට ඔහුට නොහැකි විය. තමිල්නාඩුවේ සිට මුම්බායි පැමිණි හේතුවත්, මුම්බායිහි රාත්‍රී සමාජ ශාලාවල ගැවසෙමින් විශාල වශයෙන් මුදල් වියදම් කරමින් විනෝද වීමට මුදල් ලැබෙන මාර්ගයත්  ඔහුට හෙළි කිරීමට එහිදී හැකියාවක් නොතිබිනි. මේ තත්ත්වය මත ඔහුට සිදුවන්නේ මුම්බායි පොලීසියේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ තමා ශ්‍රී ලංකිකයෙක් බව පවසන්නටය. රතු වරෙන්තු නොමැතිව පොඩි ලැසී මුම්බායිහීදී අත්අඩංගුවට ගැනෙන්නේ එලෙසිනි.

මුම්බායි පොලිස් බලධාරීන් මේ බව මෙරට පොලිස් බලධාරීන් දැනුවත් කරන තුරු පොඩි ලැසී ඉන්දියාවට පැන ගොස් සිටින බවට පැහැදිලි තොරතුරක්වත් අපේ විමර්ශන අංශ වෙත නොවීම විශේෂත්වයකි.

ප්‍රබල අපරාධකරුවන් 12 දෙනෙක් ගැන මෝදිගෙන් කළ ඉල්ලීම

මුම්බායි පොලීසියට කොටුවූ පොඩි ලැසීගේ අනන්‍යතාව මෙර‍ට ආරක්ෂක බලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ඉන්දියානු ආරක්ෂක බලධාරීන් විසින් තහවුරු කරගත්තද හැරෙන තැපෑලෙන් ඔහුව මෙරටට භාරදුන්නේ නැත. ඒ ඔහු ඉන්දියානුවෙක් ලෙස ව්‍යාජ හැඳුනුම්පතකින් පෙනී සිටි බැවින් ඒ ගැන විමර්ශනයක් පැවැත්වෙන නිසාය. ඒ සම්බන්ධයෙන් ඒ වන විටත් අධිකරණ ක්‍රියාවලියක්ද සිදුවෙමින් පැවතිනි.

මේ වනවිට  සින්යියා ගුණසේකරන් නොහොත් කිඹුලාඇළ ගුණා, අලහප්පෙරමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා නොහොත් කොටගාමිණි, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා, දීනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග නොහොත් අතුරුගිරියේ ලඩියා, කෙසෙල්වත්තේ ධනුක, ගමගේ සුරංග ප්‍රනාන්දු නොහොත් වැල්ලේ සුරංග, සින්නයියා දිලීපන් (කිඹුලාඇළ ගුණාගේ පුතා) පුෂ්පරාජා හෙවත් පූකුඩිකන්නා, මොහොමඩ් අස්මින්, ආමි අසිත ඇතුළු පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් විස්සක‍ට වැඩි පිරිසක්   ඉන්දියානු ආරක්ෂක අංශ භාරයේ  පසුවූහ. මේ අතරින් කිඹුලාඇළ ගුණා ඇතුළු 9 දෙනෙක්ම තමිල්නාඩුවේදී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සිය භාරයට ගනු ලබන්නේ 2021 වසරේ ජනවාරි මාසයේදීය. චන්ද්‍රිකා කුමාරතුංග  ජනපති ධුරයට දෙවැනි වරට තරග කරන අවස්ථාවේදී කොළඹ පුරහල් භූමියේ පුපුරා ගිය බෝම්බයට සැකකරුවෙක් ලෙසද කිඹුලා ඇළ ගුණා එකල නම් කර තිබුණි.

කිඹුලාඇළ ගුණා ඇතුළු අපරාධකරුවන්ට එරට අධිකරණවල මේ වන විටත් නඩු කටයුතු සිදුවෙමින් තිබේ. ඒ  මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙනි.  එරට එළිමහන් බන්ධනාගාරයක රඳවා සිටින ඔවුන් තවදුරටත් එහි සිට මෙරට පාතාල අපරාධ සහ මත්කුඩු ජාවාරම්වල නිරතව සිටින බව ආරක්ෂක අංශ අතර ඇති ප්‍රසිද්ධ රහසකි.   ඉන්දියානු අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදි   පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙරට කළ සංචාරයේදී ජනපති අනුර කුමාර දිසානායක  විසින් ඉන්දියාවේ සිටින මෙරටට අවශ්‍ය ප්‍රබල අපරාධකරුවන් 12 දෙනෙක් මෙරටට භාරදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබුණි. නඩු කටයුතු අවසන් වූ වහාම ඒ අතර සිටි පොඩි ලැසී මෙරටට භාරදීමට ඉන්දීයානු බලධාරීන් පියවර ගෙන ඇත්තේ එබැවිනි. ඉතිරි 11 දෙනාද ඉක්මනින්ම මෙරටට ලැබෙනු ඇති බව සඳහන්ය.

ඉන්දියාවේ නඩු විභාගය අවසන් වූ පසු  ඉන්දියාවෙන් කළ දැනුම්දීමට අනුව මුම්බායි බලා ගමන් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැසීව භාරගෙන මුම්බායි සිට මෙරටට ගෙන එන්නේ පසුගිය 27 වැනිදා අලුයම් කාලයේදීය. අධිකරණය විසින් පැනවූ ඇප කොන්දේසියක් කඩමින් , ආගමන විගමන නීති ද කඩා රටින් පැන්න තමාට ඇප නැතිව කාලයක් හිරේ ඉන්න සිදුවන බව දැන දැනම පොඩි ලැසී  සැහැල්ලුවෙන් එන ආකාරය පෙන්වීමට පොලිසිය අප්‍රමාන මහන්සියක් ගත් ආකාරය දැකිය හැකි විය. ඒ සියුම මාධ්‍ය කැඳවා මේ කාලකණ්ණියා රැගෙන එන අකාරය ගැන සජීවීව පෙන්වමිනි.  – දිනමිණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැදපෙරදි මේ මොහොතේ යුද ගිනි ඇවිලෙන හැටි…

Next Post

බූලිවලට ඉන්ධන නොදුන්නොත් අස්වැන්න විනාසයි… අස්වනු නෙලීම ආරම්භ කළ මහවැලි කලාපවල ගොවීන්ගෙන් තෙල් සංස්ථාවට විරෝධයක්!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.