බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

කළුතර දැරියට ගේ මරණයට සමාජයක් ලෙස අප සියලු දෙනා වගකිවයුත්තේ ඇයි?

by editor
මැයි 11, 2023
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

  • අනාරක්ෂික සහ අවිශ්වාසී සමාජයක අපේ දරුවනුත් අනාරක්ෂිතව සිටිද්දී ඒ අනාරක්ෂිත බවින් වින්දිත දැරියක් දෙස අප බලන ආකාරය පෙන්වා දෙන්නේ මේ සමාජයේ යථාව ය….

නාගොඩ ප්‍රදේශයේ පාසැල් දැරියක් අවසනාවන්ත අන්දමින් ජීවනගමන අවසන් කළ  ආකාරය මාධ්‍ය මගින් රටටම කියන ලදී. එම මරණයත් සමග සමාජජාලාහි  පැන නැගුනු ඝෝෂාව තුළ,  මියගිය අය සහ ඇගේ පවුල  කෙරෙහි සානුකම්පිත බවක් දක්නට නොවීය. සමාජයේ වැඩිහිටි මිනිස්සු මියගිය දැරියටත්, මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇගේ මවටත් ඉතාම රළු ලෙස ප්‍රතිචාර දැක්වූහ.

සමාජය කළඹවන යම් සිදුවීමක් වූ සැණින් , ඒ සිදුවීමට මුහුණ දුන් පුද්ගලයාට, ඔහුගේ පවුලට දොස් නගා වරදේ සමස්ත වගකීම ඔවුන් වෙත පවරා නිදහස් වීමට අපට හැකිවන්නේ  අප සිටින සමාජය  අන්තර් පුද්ගල සම්බන්ධතා, සමාජ යුතුකම් සහ වගකීම් වලින් වියුක්තව ඇත්නම් පමණි.

මෙම සිද්ධිය සම්බන්ධව මියගිය දැරිය සහ ඇගේ පවුලේ අයට ඇති වගකීම ගැන කිසිම විවාදයක් නැත. එහෙත් එසේ වූ පමණින්ම සමාජයේ වෙසෙන පුරවැසියන්ට, රටේ නීතියට, පාලන තන්ත්‍රයට වගකීමක් නැතැයි කිව හැකිද?

ඔබ මදකට සිතා බලන්න

ඇගේ වයස 16 කි. නොමේරූ ළමයෙකි. ඇගේ වයස අනුව ඇයගේ භාරකාරිත්වය ඇත්තේ පළාතේ අධිකරණයටය. පළාතේ අධිකරණයේ භාරකාරිත්වය ඇති වයස 18, අඩු සියලු දරුවන් සමාජයේ වැඩිහිටියන් විසින් ආරක්ෂා කළ යුතුය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අප ඒ වගකීම නිසි පරිදි දරනවාද? ඔබේ දරුවන් , නිවසින් බැහැර වූ අවස්ථාවක ඔවුන් පූර්ණ ලෙස ආරක්ෂිත බවට ඔබට විශ්වාසද?.  මේ සමාජයේ කිසිම මවකට පියෙකුට ඒ විශ්වාසය නැත.

ඔබ සිතා බැලුවාද? අපගේ දරුවන්ගේ ආරක්ෂාව සිතද්දී, අපට නිවසේ සිටින්නන් විශ්වාස නැත.  අසල්වැසියෙක් විශ්වාස නැත. මිතුරන් ඥාතීන් විශ්වාස නැත.  පාසල , ආගමික සංස්ථා විශ්වාස නැත. අප අන් අය අවිශ්වාස කරනවිට, ඒ අයුරින්ම අන් අය අපව අවිශ්වාස කරමින් සිටිති. අප සිටින තැන ඔබට වැටහේද?

නාගොඩ සිදුවීමේදී,  එම දැරිය තවත් තිදෙනෙකු සමග ගියා යැයි පැවසෙන  හෝටලයේ වැඩිහිටි සේවකයන් ඇයව ආරක්ෂා කළාද.

වැඩිහිටියෙක් බව පෙන්වීමට වෙනත් අයෙකුගේ හැඳුනුම්පතක් ඇය විසින් ලබා දුන්නද  ඒ හැඳුනුම්පතේ හිමිකාරිය ඇයම දැයි තහවුරු කරගැනීමේ වගකීම හෝටල් පාලනාධිකාරිය සතු කාරියකි. ඔවුන් ඒ වගකීම ඉටු කළේද?

අවේලාවේ කාමර ලබාගැනීමට  එන ජෝඩුවලට මුදල් ලාභය පමණක් සලකා කාමර ලබාදෙන හෝටල් සහ නවාතැන් පවත්වාගෙන යන වැඩිහිටි මිනිස්සු පාසල්වියේ දරුවන්ට තරවටු කර එළවා දමන ස්ථාන තිබේද?

හැඳුනුම්පතේ සිටි ඇයද යන්න තහවුරු කරගැනීමට ඇගේ මුව ආවරණය ඉවත්කර පෙන්වන මෙන් ඉල්ලා සිටීමට හෝටලට සෑම අයිතියක්ම ඇත. එහෙත් ආදායම ගැන විනා නීතිය, යුක්තිය, සදාචාරය ගැන ඔවුන්ට වගවීමක් නොතිබූ බව පැහැදිලිය.

වැලැන්ටයින් දිනයේදී බාලවයස්කාර දරුදැරියන්ට කාමර කුළියට දෙන්නට සැදී පැහැදී සිටින මිනිස්සුන්ට  මියගිය දැරියට ගරහන්නට හැකියාවක් තිබේද?

බාල වයස්කාර දැරිය කාමරයකට ගෙනගිය පුද්ගලයා  බාල වයස්කාරයෙකු නොවේ. ඔහු වැඩිහිටියෙකි. ඔහුට කායික අවශ්‍යතා සපුරාගන්නට උවමනා නම් නොමේරූ  පාසැල් දැරියක වෙනුවට වෙනත් ක්‍රමයක් සොයාගත හැකිව නොතිබුණිද?

සිදුවී තිබුණේ සැකකරු විසින් කළ පාපොච්ඡාරණයට අදාල සිදුවීම ම ද?. නිරුවතින් දැරිය කවුළුවෙන් බිමට පනිනු ලැබුවේ , තමාට සිදුවීමට යන විපත පිළිබඳව අවසන් මොහොතේ ඇයට   තේරුම් ගිය නිසා විය නොහැකිද?

ඇයව කැටුව ආවේ ඇගේ පාසල් මිතුරියකි.   මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා දැරිය හෝටලයේ තබා පිටව ගිය පසු හැඩිදැඩි මිනිසකු සමග තනිවූ පසු සිදුවූ දේ ගැන  හරියටම දන්නේ දැනට පොලීසියට බාරව සිටින එම පුද්ගලයාය. ඔහු කියන  කතාවේ සත්‍ය අසත්‍ය බව ඉදිරියේදි හෙළිවීමට ඉඩ ඇත. නීතිඥයින්ගේ දක්ෂතා මත හෙළි නොවීමටත් ඉඩ ඇත.

එහෙත්,  ඇය අතවරයට ලක්වීමට ගිය බව අපට උපකල්පනය කරන්නට නොහැකි තරම් අප දුෂ්ට විය යුතුද?. අපට දරුවෙක් පිළිබඳව මෙසේ සිතන්නට බැරි තරම් අමාරු තැනකට අපේ යහ ආකල්ප තල්ලුවී ගොස්ද?.

ඇගේ පවුලේ අයට ඇතිවූ අහිමිවීමත්, අවමානයත් ඉදිරියේ මානසික කම්පනයට පත්ව සිටින මොහොතක , ප්‍රවෘත්ති වටිනාකම විනා, සමාජ වටිනාකම, යුතුකම සහ සානුකම්පිත බව නොතකා ඒ මවට මයික් දිගු කළ ජනමාධ්‍ය දොස් ඇසිය යුතු නැද්ද.?.

විපතට පත් පවුලේ මිනිස්සුන්ට යම් ඉසඹුවක් දීමට සදාචාරවත් බවක් නැති ප්‍රවෘත්ති ගිජු සමාජයට දොස් පවරාගත යුතු නැද්ද. බලවතුන්ගේ වැරදි වසාදමන මාධ්‍ය, ඒ දැරියගේ ඡායාරූප සිත්පිත් නැති ලෙසින් ප්‍රසිද්ධ කිරීම අනුමත කළ හැකිද?

මෙවන් අන්පේක්ෂිත, අපරාධ, අනතුරුවලදී විපත අත්විඳින මියගිය අයගේ සමීපතමයෝ කම්පනයට පත්වෙති. ඔවුන් හැඟීම් විරහිත තත්වයකට පත්වෙති. මනෝවිද්‍යාත්මක වශයෙන් මෙය සනාත කර තිබේ. ඒ අවස්ථාවට අනුචිත වූ හැඟීම් , ඉරියව් ඔවුන් පළ කරති. සමහරු හොඳින් සිනාසී කතාබහ කරන්නට, කිසිම ශෝකයක් නොපෙන්වාසිටිති. ඒ ශෝකයක් නැති නිසා නොවේ. කම්පනය නිසාය.

ඒ මවට සිදුවන්නට ඇත්තේද එයයි. ඇය ඒ මොහොතේත් විපත පිළිබඳව සම්පුර්ණයෙන්ම සවිඥානිකව සිටියායැයි කියන්නට නොහැකිය. ඉදින් අප දොස් කීමට පෙර ඒ පිළිබඳව සිතිය යුතුය.

ඇයට ඇගේ දියණිය අහිමි වී තිබේ. දියණියගේ මරණය අපකීර්තිමත් එකකි. ඒ නින්දාව සමග ඒ මවත්, ඒ පවුලේ අයත් ඉදිරි ජීවිත කාලයම ගෙවිය යුතුය. එම නිසා ඇය හැඬුවේ නැත, ගාණක්වත් නැත, දැන දැන දුවට යන්නට දුන්නා යැයි කියන්නට පෙර මොහොතක් සිතන්න. අපට අපේ දරුවන් හදාවඩා ගන්නට බැරිවෙන අන්දමේ බාහිර කරදරවලට අපහසුතාවන්ට  අප දිනකට කෙතරම් මුහුණ දෙනවාද?  මහමගදි, නිවසේ රූපවාහිනිය නැරඹීමේදී, අන්තර්ජාල භාවිතයේදි, බස් රථයේදී , කෙතරම් වාර ගණනක් අප අපහසුවට පත්ව ඇද්ද?

ඒ සියල්ල දැන දැන “දරුවන් කීකරුව හදාවඩා ගත්තා නම් මෙසේ නොවේ , එසේ නොවේ” යැයි කියන අය බොහෝය. එහෙත් ඇත්තටම , මේ සමාජය , මේ සමාජයේ සිටින විකෘති අර්ධ මිනිස්සු , සංවිධාන දරුවන් හොඳින්  හදාගන්නට  ඉඩ  දෙන්නේද?  මව්පියන්ට වැඩිහිටියන්ට ගරු කළ යුතු නැත, ගුරුවරුන්ට ගරු කළ යුතු නැත, සංස්කෘතිය වැඩක් නැත,  මල්වර වූ පසු අවශ්‍ය නම් ලිංගික ජීවිත ගත කළ හැකිය. බියවිය යුත්තේ සමාජ රෝග සහ අනිසි පිළිසිඳ ගැනීම් ගැන පමණි. ඒ සඳහා ප්‍රසිද්ධ ස්ථානවල කොන්ඩම් මැෂින් තබනු හැකිය.

මෙවන් කතා කියන  මිනිස්සුම,  ඒ කතා අසන නොදරුවෝ  ඒවා අත් හදා බලන්නට ගොස් ජීවිතය වරද්දාගත් කළ ඒ දරුවන්ටම දොස් කියති.

එක් අවස්ථාවක මෙරට උසස් අධ්‍යාපන ආයතනයක උපදේශන සැසියක් සඳහා කණ්ඩායමක් සමග මම සහභාගි වීමි. අපගේ කුටියට අල්ලපු කුටිය වූයේ උපත් පාලනය පිළිබඳ උපදෙස් දෙන ප්‍රසිද්ධ ආයතනයකි. අප සිටින උපදේශන කුටියට නොඑන සිසුන් අනෙක් කුටියට පෝළිමේ යන හේතුව පිළිබඳ  අපි විමසිලිමත් වූයෙමු.

එහි ඉදිරිපස විශාල වීදුරු බෝතල් දෙකක් තුළ උපත්පාලන කොපු බහා තිබුණි. ළමුන් පෝළිමේ ගොස් නොමිලේ ලබාගත්තේ ඒවාය.

” ඉතිං මොකද? ඔවුන් වැඩිහිටියන්.  ” කියා මේ සමාජයේ සිටින ඉහත කී ආකාරයේ වැඩිහිටියෝ තර්ක කරනු ඇත. එහෙත් , එයට වඩා වැදගත් පණිවුඩයක් සිසුන් වෙත එම ආයතනයට දිය නොහැකිද?

හැඟීම් පාලනය, ආරක්ෂා කිරීම, ගෞරවය රැකීම, නිසි මොහොත තෙක් බලාසිටීම, සැබෑ ආදරය අපට කියා දිය නොහැකිද? අපි තර්ක කළෙමු.

එහෙත් මිනිස්සුන්ට අවශ්‍ය ක්ෂණික උත්තර පමණි.

ඒඩ්ස් නොහැදේ නම්, අනිසි පිළිසිඳ ගැනීම් නොවේ නම්  ඉතිරි ඕනෑම දෙයක් වලංගුය.

මිනිස්සු  දරුවන් මෙවලම් සේ සිතති. ඔවුන්ගේ දරුවන්  හැර ලෝකයේ සියලුම දරුවන් දෙස කාමයෙන් ,අවඥාවෙන් බලති.  දරුවන්  යනු මොළය සම්පූර්ණයෙන්ම නොවැඩුනු, අත්දැකීම් අඩු, පුද්ගලයන්ය. එමනිසා ඔවුහු ලෝකය අවබෝධ කරගන්නේ ඔවුන්ගේ මට්ටමිනි. ඔවුහු කුතුහලය නැමති ප්‍රේරණයෙන් උපරිමව සන්නද්ධව සිටිති.

ඒ නිසා අවදානම් දේ අත් හදා බලන්නට උත්සුක වෙති. ඒ නිසා අප දරුවන් ආරක්ෂා කළ යුතුය.  නිරන්තරයෙන් ඔවුන් ගැන විමසිලිමත් විය යුතුය. අප ඉන් මොහොතකට බැහැරවීම දරුවාට අනතුරක් වීමට හොඳටම ඉඩ ඇතිය. එතරම් ලෝකය තුළ වෙසෙන බොහෝ වැඩිහිටියෝ වංචනිකය.

අප දරුවන්ට නිර්මාණය කර ඇත්තේ එවන් පරිසරයක්ය.

බලන සෑම අතම කාමය අලෙවි කිරීම්ය. වැඩිහිටියෝ නොදරුවන්ට  මත්ද්‍රව්‍ය විකුණති කාම සඟරා, කාම චිත්‍රපට නිපදවා අලෙවි කරති. දරුවෝ මුළාකර ඔවුන් අපයෝජනය කරති.  අපචාරයන්ට ගොදුරු කරගනිති.  දුර බැහැර අසරණ මව්පියන් රවටා දරුවෝ කොළඹට ගෙනවිත් අලෙවි කරති. මෙහෙකාර සේවයට ලාබාල දැරියන් ගෙනවිත් දූෂණය කරති.

ප්‍රසිද්ධ සහ නිලලත් බලලත් පුද්ගලයන් රාශියකගේ නම් ඈඳුනු දහසය හැවිරිදි දැරියකට අතවර  වූ සිද්ධියක්    කලකට ඉහත සමාජය කැළඹීය.එහෙත් නීතියෙන් දැරියටවූ සාධාරණයක්, දූෂකයන්ට දුන් දඬුවමක්  අසන්නට ලැබුණේ  නැත.

ළමාරක්ෂක අධිකාරිය වගකීම් සහිත නැති බවත්, ළමුන් ආරක්ෂා නොකරන බවත් සමාජයේ මතයයි. අධිකරණය භාරයේ දරුවන් තැබෙන්නේ  දරුවා එපමණට වැදගත් බැවිණි, සුවිශේෂී බැවිණි. රැකිය යුතු බැවිණි. එතරම් වගකීමක් නීතියට සමාජයට දරුවන් පිළිබඳ තිබුණද සෑම තැනකම සෑමවිටකම සෑම අයුරකින්ම  දරුවෝ පීඩාවට පත්වෙති.  අසාධාරණයට ලක්වෙති. දූෂණයට අපයෝජනයට පත්වෙති.

ඔවුනට ඒ විපත් සිදුවන්නට මග එළිපෙහෙළි කළ වැඩිහිටියන්ම දරුවාටම දොස්පවරා පිළාත් අතසෝදාගත් අයුරින් නිදොස් වන්නට උත්සහ කරති. අප  වැපුරූ දේ කෙතරම් භයානකදැයි දරුවන් නෙළන අස්වැන්න දැක හෝ තේරුම් ගත හැකි මානසිකත්වයක් වැඩිහිටියන්ට නැත. ඔවුහු සිටින්නේ අපායේ විවේකය ගතකරමින් සිටින ආකාරයෙනි.

ලිපිය අවසන් කරන්නට පෙර ආදරණීය මව්පියන්ට යමක් කියමි.

ඔබේ දරුවා සදාචාරවත් ලෙස හදාවඩා ගන්නට ඔබ කටයුතු ආරම්භ කළ යුත්තේ දරුවා මවුකුසයේ සිටියදීය. විනයක් , සීමාවක් ඇතුව දරුවා හදාගන්න. දරුවාට යහපත් තීරණ මව්පියන් දෙදෙනාම එක්ව ගන්න. කුඩාකාලයේ  දරුවා ඉල්ලන සියල්ල ආදරයේ නාමයෙන් නොදෙන්න.

ඉල්ලු සැනින් නොදෙන්න. අත්‍යාවශ්‍ය දේ පමණක් දෙන්න.

දරුවාට සදාචාර පණිවුඩ සහිත කතාන්දර කියා දෙන්න. ආගමානුකූල ජීවිතයකට හුරු කරන්න. දරුවා ඉදිරියේ ආදර්ශමත් ලෙස හැසිරෙන්න, කතාකරන්න. මුදල්, නිදහස,  තාක්ෂණික උපාංග  දරුවාට මාරාන්තික විස බව තේරුම් ගන්න. ඔහුගේ යහළුවන්, ඔවුන්ගේ මව්පියන් හඳුනාගන්න. ඔහුට නොදැන ඔහු පිළිබඳව විමසිලිමත් වෙන්න. පවට, වැරදි දේ නොකිරීමට ලැජ්ජා බය කුඩා කළ සිට  ඇති කරන්න. මව්පියන් ගෞරවයෙන් ජීවත්වීම ඔවුන්ට දකින්නට හරින්න. සෑම දරුවෙකුම ඔබේ දරුවා සේ සිතා කටයුතු කරන්න.

කුඩා කළ සිටම එසේ දරුවකු හදාගත් විට යොවුන්විය එළඹෙන විට තමාට තමන් හොඳින් බලාගත හැකි වන තරමට ඔවුන් දැනුවත් වී හිඳිනු ඇත.

එය සමාජයට විශාල සැනසීමක් ලබා දෙනු ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දින 03කට පෙර සමනලවත්තේ දී අතුරුදහන් වූ බව කී පුද්ගලයා ගම්වාසීන් විසින් පොලිසියට භාර දෙයි!

Next Post

ඊයේ රෑ පාර්ලිමේන්තුවේ විශේෂ රාජකාරිවල නියුතු අඩකට කෑම නෑ! ගැටලුව කතානායක දක්වා දුර යයි…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.