බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

අපට මග හැරෙන තැන්…

by editor
දෙසැම්බර් 23, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා- එෂාමා කාරියකරවන –

වයස 10 ක දියණිය මනා සෞඛ්‍ය සම්පන්න වූවාය.  එහෙත් මව්පියන්ට ඇය ගැටළු රැසක් ඇති දරුවෙකි මා හා දෙපැයක් ඇය ඉතා ආදරණීය කතා බහක නිරත විය ළමා වියේ පසුවන දරුවකු අසන සියලු ප්‍රශ්න ඇයට තිබුණි. එයට අමතරව මිනිසුන් විසින් වපුරන බොහෝ මිත්‍යාවන් පිළිබඳ අනියත බියකින් ඇය පෙළුනි එනම්  වතුරේ ගිලී නිදා සිටින රාවණා නැගිටීම තනිවම සිටින විට යකුන් පසුපස ඒම හොල්මන් මිනිස්සු මැරීම එවන් හොල්මන් නමින් කෞතුකාගාර තිබීම  විවිධ කතාමාලා, ඉන්දියානු නාට්‍ය ඇයට මේ නිමිති සපයා තිබුණි.

ඒ සැම අස්සේ හැරී පොටර් ප්‍රබන්ධයක් බව ඇය කියුවාය මේ සියලු ප්‍රශ්න ඇගේ හිතේ පිරී පිළිතුරු නැතිව දෝලනය වෙමින් පැවතුනි. මව්පියන් වැඩිහිටියන් ඇගේ මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා නැත. ඒ වෙනුවට කටවසාගෙන සිටින ලෙස දඬුවම් දී දොස් පවරා ඇත එහෙත් ඇයට ඒ ප්‍රශ්න වලට උත්තර  අවැසිය  පාසැලේ පාඩම් අතරදී , හෝම් වර්ක් අතරදී ඇයට මේ ප්‍රශ්න මතුවී ආයේය.

එවිට සටහන් ලියාගන්නට බැරිවිය, අවධානය නොදී ඇගේ ලෝකයේ සරිසැරීම  නිසා ගණන් වැරදුනි. ඒවාට අසන්නට වූ බැණුම් නිසා ඇතිවූ දුක, කෝපය, ලැජ්ජාව තව තවත් ඇය දුර්වල කරවීය. මව්පියන්ට ඇය තේරුම් ගත නොහැකි  විය. අවසානයේ ඇගේ ප්‍රශ්නවලට  පිළිතුරු දෙන්නට  සිදුවූයේ  මටය. පිළිතුරු දෙන ගමන්  උපදේශන කාර්‍යයද පවත්වා ගතිමි. උපදේශනයට, මා දුන් ක්‍රියාකාරකම්  කරන්නට ඇය  එකඟ  වූවාය. ඇය අවසානයේ මට මෙසේ කීවාය “ආන්ටි, තව ප්‍රශ්න ටිකක් තියනව මතක නෑ, මං  අනිත් දවසෙ  ලියං එන්නම්”

බොහෝ මව්පියෝ දරුවන්ට ඉතාම ඉස්තරම් ලෙස ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිදියහන, සෙල්ලම් භාණ්ඩ ආදී කීනොකී බොහෝ දෑ මහත් උවමනාවෙන් සපයා දෙති. තම ශක්ති ප්‍රමාණයටත් වඩා වියදම් කර ඒවා ලබාදෙති. එපමණක් නොව ඉතාම සුළු දේටත් පවුලේ වෛද්‍යවරයා වෙත රුවා යොමු නොකර විශේෂඥ වෛද්‍යවරුන් වෙත ගෙනයති. මේවා එකක්වත් නරක ඒවා නොවේ. එහෙත් දරුවා වෙනුවෙන් අවශ්‍යයෙන්ම කළයුතු වෙනත් බො‍හෝ දේ පිළිබඳ එතරම් අවධානයක් යොමු නොකරති.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

  • දරුවාට සවන් දෙන්න.

දරුවන්ට සවන්දීම සහ ඔහු සමග අදහස් හුවමාරුව දරුවාගේ පෞරුෂ සහ ප්‍රජානන සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙයි. විශේෂයෙන් බහ තෝරන වයසේ දරුවන් කුතුහල බෝල වැනිය. සෑමවිටම දරුවා ‘ඇයි?’ යන වදන භාවිතා කරයි. ඔහුට ලෝකය පුදුමයකි. ඒ පුදුමය ඔහුට දැනගැනීමේ උවමනාව ඇත. සෙල්ලම් බඩු කඩා බලන්නට හදන්නේ ඒ නිසාය. රූපවාහිනියේ පෙනෙන රූප ඉදිරියෙන් බලා යන්ත්‍රය පිටිපසිනුත් එබී බලන්නට හදන්නේ ඒ නිසාය.

‘හඳ කොහොමද වැටෙන්නේ නැතුව ඉන්නෙ”

“ අහසට කොහෙන්ද වතුර”

“ අපි යනකොට හඳත් යනවා ඒ කොහොමද”

“කවුද මුහුද මෙතනට ගෙනත් තිබ්බේ” 

මේ ආදී වශයෙන් ඔහු විවිධ දේ පිළිබඳ විවිධ ප්‍රශ්න අසයි. මේ ප්‍රශ්න ඇසීමෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ චින්තනය ගොඩ නැගෙන ආකාරයයි. එවිට අපි ඔහුට චින්තනය පුළුල් වීම සඳහා උපකාරී විය යුතුය. අපේ උපකාරය නම් ඔහුගේ ප්‍රශ්නවලට හැකිතරම් නිවැරදිව ඔහුට තේරුම් යන ආකාරයට පිළිතුරු සැපයීමයි. හැකිනම් රූප සටහන් ආකාරයෙන් පෙන්වන්න, පරිසරයට කැඳවා ගොස් පෙන්වන්නට වඩාත් ඵලදායී වේ. 

  • දරුවා සමග සංවාදයේ යෙදෙන්න

මේ පිළිතුරු සැපයිම නිසා වාසි කිහිපයක් අත්වේ. දරුවා විමසිලිමත් වීමට පුරුදු වෙයි. තම ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට ඕනෑම මොහොතක සූදානම් මව්පියන් කෙරේ ඔහුගේ විශ්වාසය සහ බැඳීම වර්ධනය වේ. මව්පියන්ට වඩාත් සමීප වේ. ඕනෑම දෙයක් ඔවුන්ට පැවසිය හැකි බවත් ඒවාට මව්පියෝ පිළිතුරු දෙන බවත් නිසා මව්පියන් තමා වෙනුවෙන් සිටින බව ඔහුට දැනේ. එසේම දරුවාගේ පරිකල්පන ශක්තිය දියුණූ වේ. තියුණූ වේ. එය අධ්‍යාපනයේදී විශාල උපකාරයක් වෙයි. පාඩම් තේරුම් ගැනීමට. කෙටියෙන් කියූදේ විස්තර ඇතුව අවබෝධයට උපකාරී වේ. එසේම ඔහුගේ භාෂා දැනුම, වාග්කෝෂය දියුණු වේ. වාග් කෝෂය සහ භාෂා දැනුම දියුණුවීම චින්තනය පුළුල් වීමට පිටුවහලක් වේ. 

එමනිසා ඔබ දරුවාට සවන් දෙන්න. දරුවා සමග සංවාදයේ යෙදෙන්න. දරුවාගේ ප්‍රශ්නවලට දන්නා පමණින් නිවැරදිම පිළිතුරු දෙන්න. නොදත් දේ දැනගෙන පවසන්න. අපට සිදුව ඇත්තේ අප දරුවාගේ ප්‍රශ්න දෙස අපේ මට්ටමින්, අපේ ඇසින් බලා  ඒවා ‘මෝඩ, නොඇසිය යුතු’ දේවල් යැයි සිතා පිළිතුරු නොදි සිටීමයි. මගහැරීමයි. නැතිනම් එවන් දේ නොඅසන ලෙස තරවටු කිරීමයි. අප කිසිවිට දරුවාගේ වයස, ඹහුගේ වයසට තිබිය හැකි සීමිත දැනුම, ඔහු තුළ ඇති කුතුහලය, ඔහුගේ බුද්ධිය වර්ධනය වන එක් අංගයක් නම් ප්‍රශ්න ඇසීම බව නොසලකා හැරීම පමණක් නොව ඒවාට පිළිතුරු ලබාගැනීමට දරුවාට අයිතියක් ඇති බවද නොතකා හැරීමයි. 

මේ නිසා බොහෝ දරුවෝ මව්පියන්ගෙන් සිය ගැටලුවලට පිළිතුරු බලාපොරොත්තුවීම අතහැර දමති. නිහඬ වෙති. තමන් ප්‍රතික්ෂේප වන බව ඔවුහු සිතති. ඔවුන්ව පිළිගන්නා ඔවුන් සමග සංවාදයේ යෙදෙනා අයට ඔවුන් සමිප වෙති. ආච්චී සීයා මාමා වැනි ඥාතීන්ට මව්පියන්ට වඩා ආදරය කරන දරුවන් උපදේශනයේදී මුණගැසේ. ඔවුන්ට ආදරය කරන්නට ප්‍රධානම හේතුව අසීමිත ආදරයත් දරුවන් හා සංවාදයේ යෙදෙන්නට ඔවුන් දක්වන කැමැත්තත් බව විමසන විට පෙනේ.

  • ලං වෙන්න හදනවිට පහුවෙලා..

මව්පියන් දරුවන් සමග කතාකිරීමට උත්සාහ කරන්නේ බොහෝ විට නවයෞවනය උදාවෙද්දීය. අනවශ්‍ය ආශ්‍රයන් සම්බන්ධතා, පෙම් සබඳතා වලට මැදිහත් නොවී අධ්‍යාපනය හොඳින් කරගෙන යෑමට අවවාද දීමටය. එහිදී මව්පියෝ කරන තවත් වරදක් නම් ඒ වනවිට දරුවාට සමීප දිගුකාලීන මිත්‍රයන් කෙරෙහි චෝදනා මුඛයෙන් කතා කිරීමය. එය දරුවා නුරුස්සන දෙයකි. එසේම නව යෙවනයෙදී දරුවන් සිතනුයේ තම ස්වාමියා තමන ලෙසය. එසේම දතයුතු සියල්ල තමා දන්නා බවත් ඔවුහු සිතති. මේ නිසා පරම්පරා ගැටුම්ද ඇතිවේ. මේ වයසේදී  වැඩිහිටියෝ කුමක් කිව්වත් දරුවෝ එහි වෙනස් මතකය සිටිති. තමා හා සමීපව නොසිටි මව්පියන් සමග ඔවුහු සුලබව ගැටෙති.

එමනිසා දරුවා හා කතාව පටන්ගත යුත්තේ බිලිඳු වියේදීය. ඔහුට නැලවිළි ගී ගයමින් පටන් ගත් ඒකපාර්ශවික සංවාදය නතර නොකර දිගටම ගෙන යන්න. ඔහු ඒවාට පිළිතුරු නොදුන්නද ශබ්දය ග්‍රහණය කරගනී. බහ තෝරදීදී ඔහු ඔබගේ ඒකපාර්ශවික සංවාදය කෙතරම් ඉහළින් ඩැහැගෙන ඇත්දැයි වැටහෙන්නේ ඔවුන් වචන අල්ලාගන්නා වේගය දකින විටය. බහ තෝරන වියේදී ඔහුට හැකිතරම් සවන්දෙන්න. ඔහුට පිළිතුරු සපයන්න. මේ සබඳතාව දියුණු කරමින් අඛණ්ඩව පවත්වා ගන්න. දරුවා ඔබව ඔහුගේ ඉතාම හොඳ ගෞරවනීය මිතුරා කරගනීවි. මෙය දිනකින දෙකකින් සිදුවන්නක නොවේ. දරුවාගේ වැඩීමත් සමග කාලය ගලායමින් සිදුවන්නකි. අනෙක් අතින් මව්පියන්ටද, වැඩිහිටියන්ටද එය ප්‍රීකි සමාගමකි. දරුවා කෙබඳු දැයි හඳුනාගැනීමට හැකිවන මගකි . එමනිසා එම අවස්ථාව මගහැර නොගන්න.  

දරුවන්ට සවන් දෙන්න. ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු  දන්න ප්‍රමාණෙන් දෙන්න. නොදන්නා දේ  සොයා දැනගෙන කියන්න. දරුවා ප්‍රශ්න අසනවිට බාධා නොකර සවන් දෙන්න. එය ඉතාම වැදගත් වේ. දරුවන් ප්‍රශ්න ඇසීම ස්වාභාවිකය අප ඒවාට පිළිතුරු  නොදීම දරුවාගේ  සංවර්ධනයට බාධාවකි. දන්නා  දේ කියාදී  නොදන්නා දේ  නොදන්නා බව  පවසන්න. පසුව සොයාගෙන දරුවාට පවසන්න.

ඡායා රූප – ඉන්දුනීසියානු ගැමි ජීවිතය රූපණය කරමින්  Herman Damar   අන්තර්ජාලයේ පළ කළ ඡායාරූප එකතුවකිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් නිසා සැලසුම්ගත දරු උපත් පහළ යද්දී අනපේක්ෂිත දරු උපත් ඉහළට

Next Post

සංචාරක හෝටල්වල ලයිට් කපන්න එපා!

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.