බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

 අනාගත වැඩිහිටියාගේ ජීවිත සතුටත්  අහිමි කරමින් ළමා වියේදි  ළමා මනස තලා දමන අම්මලා තාත්තලා!  

by editor
මැයි 21, 2023
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

සිද්ධි අංක 1

“මගේ අම්මා මං වෙනුවෙන් ගොඩාක් දේ කරනවා. මගේ දරුවන් බලා ගන්නවා. ඔවුන් කවපොවා නහවා මං වැඩ ඇරී ගෙදර එනතුරු බලා ගන්නවා. සෙනසුරාදා ඉරිදා මං උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන්කරනවා. එදාටත් ඇය මගේ නිවසේ සියලු දේ කර දරුවන් බලා ගන්නවා. ඒත් මම ඇය සමග පොඩි දේටත් රංඩු වෙනවා. ඇයට බැණ වදිනවා. මගෙ යටි හිතේ ඈ ගැන තියෙන්නෙ අමනාපයක්.  මැඩම් , මට එහෙම වෙන්න ඕන නෑ . ඒත් ඒකමයි වෙන්නෙ”. තරුණ දෙදරු මවක් මා ඉදිරියේ හඬා වැටුණේ එසේ කියමිනි අමනාපයක් දැනෙන්න ගත්තෙ කවදා ඉඳල කියලද ඔයාට මතක”

”  මං ගොඩක් පොඩි කාලෙ ඉඳල මැඩම්. මගේ නංගි ඉපදුනාට පස්සෙ අම්මා මං ගැන බැලුවෙම නෑ. නංගි හරීම ලස්සනයි. අම්මා නංගි ගැනමයි වරුණාව. මං ඉගෙනීමට ගොඩක් දක්ෂයි. ඒත් අම්මා කිව්වෙම මට නංගි තරම් හොඳට වැඩක් කරගන්න බෑ කියලා. මම ඇම්පස් ගියා , MBA එකකුත් කළා . ඒත් අම්මා නංගි ඩෙන්ටිස්ට් කෙනෙක් නිසා නංගි ගැන තමා කතා කරන්නෙ.

පොඩිකාලෙ මට අමතක වෙන්නෙ නෑ ඒ සිදුවීම , මමයි නංගියි එකම විදියෙ ගවුම් දෙකක් තාත්තට කියලා අරගත්තා. ඒකෙ කළුපාට රිබන් දෙකක් තිබ්බා පිටිපස්සෙන් බෝ එකක් ගැටගහන්න.

දවසක් අපි දෙන්න ගවුම අඳින්න යද්දි මගෙ ගවුමෙ රිබන් දෙක නෑ. අම්මා ඒක කපලා අරන් නංගි ඉස්කොලෙ යනකොට කොණ්ඩෙ ගැටගහන්න. ඇයි එයා නංගිගෙ ගවුමෙ රිබන් කැපුවෙ නැත්තෙ”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිද්ධි අංක 2

“ මම පුංචි කාලෙ අම්මයි තාත්තයි නිතරම රංඩු වෙනවා. තාත්තා හරියට අම්මට බණිනව. අම්මා ඒ  වෙලාවට අඬ අඬ මට තාත්තගෙ වැරදි කියනව. මං ඒ නිසා පුංචි කාලෙ ඉඳළම තාත්තා එක්ක තරහයි. “

“ඒත් මට ලොකු වෙනකොට තේරෙන්න ගත්තා අම්මා , තාත්තා සමග හොඳින් කතා කරනවාට වඩා තාත්තාට තරහ යන විදියට තමා උත්තර දුන්නෙ කියලා. තාත්තාව අගය කිරීමක් දිරිගැන්වීමක් කළේ නෑ කියලා. ඒත් එහෙම තේරුණත් මට තාත්තව පෙන්නන්න බෑ. මං තාත්තා එක්ක කතා කරන්නෙම නෑ. මගේ බිරිඳ මගේ අම්මයි තාත්තයි  දෙන්න එක්ක හරිම ආදරෙන් ඉන්නව. ඇය මට කියනව පරණ දේවල් අමතක කරන්න කියලා. ඒත් මට හිත හදාගන්න බෑ”

මේ සිද්ධි දෙක ගැන ඔබට කියන්නට බොහෝ දේ මට තිබේ.

කුඩා කාලයේ දරුවන්ගේ සිත් තුළට ඔබ කාවද්දන හොඳ හෝ නරක හෝ අත්දැකීම්, හිංසන, හිත් රිදෙන වචන, ක්‍රියා දරුවාගේ ජීවිතයට පසුකාලීනව බලපෑම් කරයි.

ඔබ වැඩිදුර නොසිතා සිදුකරන වැරදි නිසා දරුවන් සිය වැඩිහිටි වියේදී දුක් විඳී.

ළමාකාලයේදී දරුවාට මිහිරි ළමාකාලයක් ලබා දෙන්නට මව්පියන් හිතට ගැනීම වැදගත්ය.

  • කිසිවිටෙක එක් දරුවෙක්ට අනිත් දරුවන්ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් සලකන්න එපා. සමානව සලකන්න
  • කිසි විටෙක එක් දරුවෙක් අනෙක් දරුවාට හෝ ඔහුගේ සම වයසේ වෙනත් දරුවන් හා සසඳමින් ඒ දරුවන් අගයමින් ඔහුට දොස් පවරන්න එපා. එක සමාන දරුවන් ලොව නැත.
  • දරුවන් ඉදිරියේ මව්පියන් දබර වන්න එපා. පියා විසින් මවගේ වැරදිත්, මව විසින් පියාගේ වැරදිත් දරුවන්ට පවසන්න එපා. දරුවන්ට මව්පියන් දෙදෙනාම අවශ්‍යයයි . වැදගත්.
  • දරුවන්ට මව්පියන් පෙන්විය යුත්තේ , මව්පියන් එකිනෙකාට දක්වන ආදරය, ගෞරවය ,රැකවරණය , සහයෝගය වැනි ගුණාංග පමණි
  • නිතර දරුවන් , සිපගන්න, ආදරයෙන් ස්පර්ශ කරන්න, අගය කරන්න, දවසේ පොඩි වේලාවක් හෝ ඔවුන් සමග ගත කරන්න. ඔවුන්ට සවන් දෙන්න. කතාන්දර, අත්දැකීම් මගින් ඔවුන්ට යහපත පෙන්වා දෙන්න.

ඔබ , දරුවන්ගේ කුඩා කාලයේ ඒ අයුරින් කටයුතු කළහොත් ඔවුන් අනාගතයේ යහපත්  ප්‍රීතිමත් මිනිස්සු ලෙසින් ජීවත්වේවි. අනුන්ව සතුටින් තබාවි. අනුන්ගේ හොඳ දකීවි. ඔවුන්ට ඒ සතුට යහපත දායාද කළ මව්පියෝ ආදරයෙන් රැකගනීවි.

අපව රැක නොගත්තත් ඔවුන් හොඳි ජීවත්වීම අපට හොඳටම ඇති නේද?

මේ ලිපියේ දෙවන කොටසින් ඉහත දෙදෙනාට දුන් උපදේශනය ඔබට කීමට අදහස් කරමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන 25 දා ශාෆ්ටර් ගේ සිරුර ගොඩ ගැනීමට සියල්ල සූදානම් … භූමිදාන ස්ථානයට පොලිස් ආරක්ෂාව…. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Next Post

විශේෂඥ වෛද්‍යවරු නෑ… රෝහල් දෙකක ශල්‍ය වෛද්‍ය ඒකකය සති අන්තයේ වැසෙයි…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.