අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

by editor
මැයි 1, 2022
in විනිවිද
child
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා – එෂාමා කාරියකරවන-

” මම සාමාන්‍ය අයගෙන් වෙනස්. මම දන්නව ලිංගිකත්වය සම්බන්ධයෙන් මගේ කැමැත්ත අනිත් අයගේ කැමැත්ත නොවෙයි. මම සමලිංගික නැඹුරුවක් තියන කෙනෙක් ”

” හොඳයි. ඔබට තියන ගැටලුව කුමක්ද?”

” හැමෝම මාව වෙනස් කරන්න හදනවා. සමහරු මට හිනාවෙනවා. මං ඇවිදින විදිය, මං කතා කරන විදිය. මං පොත් මිටිය අල්ලන් ඉන්න විදිය  සේරම වෙනස් කරන්න ගුරුවරුන්ට ඕන. මම  උත්සහ ගන්නව එහෙම වෙන්න. ඒත් මට  බෑ. ඒක මට හරිම වදයක්. පාසලේ නපුරු ළමයි ඉතාම නරක විදියට මාව බුලි කරනව. මට ගොඩාක් හොඳ යාලුවන් කිහිප දෙනෙක් ඉන්නව. මං හැමෝම එක්ක මිත්‍රයි. ඒත් සමහර යාලුවෝ කියනව ඔයා වගේ එක්කෙනෙක් එක්ක ආශ්‍රය කරන්න එපා කියලා අපේ අම්මලා කිව්වා කියලා. එතකොට  අනිත් අය හිනාවෙනවා. ගුරුවරුන්ට කිව්වත් මට උදව්වක් නෑ. මට හරිම දුකයි. මගේ නෑදෑයොත් මං අනාගතේ කරන්න කැමති රැකියාව ගැන අහලා විවිධ දේ කියනව. මං දන්නව මට ඒ කාගෙවත් ප්‍රාර්ථනා ඉටුකරන්න බැරිවෙන බව. හැම තැනින්ම මට පීඩනයක් ලැබෙන්නෙ. මං හැම දේම එපාවෙලා ඉන්නේ”

මේ නව යෞවනයෙ ඉන්න පාසල් සිසුවෙක් අඬා වැටෙමින් මට කී දිගු කතාවේ පුංචි කොටසක් විතරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ කොටස ඇතුළේ අපේ වැඩිහිටියන් දරුවන් කෙරේ දක්වන ආකල්ප නිසා විශාල පීඩා දරුවෝ විඳින බවට එක් උදාහරණයකි.

ඔවුන් දන්නේ නෑ දරුවන් හදවතින් කඩා වැටෙන හැටි…. විශේෂයෙන් ගුරුවරු.

”  ඔයා ඇවිදින විදියට හිනාවෙන එක නවත්තන්න නම් ඔයා ඒ විදියට ඇවිදින්නෙ නැතුව ඉන්න”  යැයි උපදෙස් දෙන ගුරුවරු ගැන මට අනුකම්පා සිතේ.

එක විදියේ දෙන්නෙක් ලෝකේ නැති කළ වෙන කෙනෙක් වෙන්නට කීමම කවර විහිළුවක්ද?

ආදරණීය ගුරුතුමියනි, ගුරුතුමනි,

කුඩා කාලයේදීම අන් අය හට ගරු කළ යුතු බව, අන් අයව ඔවුන් සිටිනා අයුරින්ම පිළිගත යුතු බව අපේ මල් කැකුළුවන් දරුවන්ට  කියා දෙන්න. එසේම ඔවුන්ට කියා දෙන්න පෙර ඔබ එම තත්වය පිළිගන්න.

උපතින් නොන්ඩියක් ඇති අයෙකුට  කෙළින් ඇවිදින්න කීමෙන් සිදුවන්නේ කුමක්ද?

ඔබ ව්සින් උපදෙස් බොහෝ දෙද්දීත් කෙළින් ගමන් නොකිරීම ගැන ඔබ දොම්නස් වෙයි

එතරම් උපදෙස් ලැබෙද්දීත් තමන්ට කෙලින් ඇවිදීමට බැරිවීම ගැන ඔහු දොම්නස් වෙයි

දකින  අය “නොන්ඩියා”  කියා කරන ගැරහීම සාධාරණීයකරණ වෙයි.

අප කළ යුත්තේ ඔහුගේ නොන්ඩිය පිළිගැනීම නොවේද?

ඔහුගේ ආබාධය පිළිබඳව සිනාසීමට සරදම් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැතිබව පහදා දීම සහ එවන් විවිධ ආබාධිත අය ලොව දිනූ හැටි, ලොවට කළ යහපත් දේ ගැන කියා දී එම පුද්ගලයාට හිමි ගරුත්වය ආරක්ෂා කරදීම නොවේද?

වඩාම වැදගත් සුවිශේෂීම දෙය නොන්ඩි ගසමින් හෝ ඇවිදීම නොවේද? ඔහු නොන්ඩි ගසමින් හෝ ඇවිදීම අගය කළ යුතු නොවේද?

විෂය නිර්දේශයේ නැතත් සතියකට වරක් හෝ ගුණ ධර්ම, පුද්ගල අයිතිය ගැන කිසියම් සොඳුරු සංවාදයක් සිසුන් සමග කිරීමට උත්සහ ගන්න.

බොහෝ සිසුන් මේ පිළිගැනීම ගරුත්වය නැතිකමෙන් පාසල් හැර යති.

මේ පාඩම පාසලේදී නූගත් බැවින් විශ්වවිද්‍යාලයේදී සහෝදර සිසුන්ට අමානුෂික නවක වද දෙති

කිසිදිනක කවර හේතුවක් නිසා හෝ

මිනිස්සු අතින් මිනිස්සු කොන් නොවිය යුතුය

මිනිස්සු අතින් මිනිස්සුන්ගේ  කායික මානසික දුබලතාවලට අවමන් නොවිය යුතුය.

මේ වටිනා පාඩම මිනිස්සු ඉගෙන ගත යුත්තේ ළමා වියේදීය. වැඩිහිටි වූ පසු මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම අසීරුය.

මා වෙත පැමිණි ඒ දරුවා මම බලගන්වමි. ශක්තිමත් කරමි.

ඒ මා ළඟට පැමිණි නිසාය. එසේ නොඑන දරුවෝ ඔබ ළඟ සිටී නම් ඔවුන් බලගැන්වීම ශක්තිමත් කිරීම පමණක් නොව අනිකුත් දඟයන්ට මේ පාඩම කියා දීමට ඔබ ලද ඒ මහඟු අවස්ථාව ආදරෙන් බාරගන්න.

ගුරුවරු නොවන මව්පිය, වැඩිහිටියනි, ඔබත් මේ පාඩම ජීව්තයට ලැබගන්න. දිනක ඔබට මේ අත්දැකීම විඳින්නට සිදුවුවහොත් කලින් මේ පරිසරය සැකසී තිබීම ඔබට සැනසිල්ලක් වනු ඇත.

අපේ හැම දරුවෙකුටම බේදයකින් තොරව හොඳ හෙටක් ලැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහා නායක හිමිවරු ආරාධනා කළ පක්ෂ 23න් පැමිණියේ අටයි… තීරණයක් නැතිව සාකච්ඡා නිමයි…

Next Post

සජිත් ජනාධිපති වුණාම මොකද වෙන්නේ?

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.