සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වෑහෙන හිම මැද අපේ ළමා ජීවිත රසවත් කළ “හයිඩි” විසූ මයින්ෆෙල්ඩ් ගමට ගියෙමි…

by editor
ජනවාරි 11, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

ඡායාරූප හා සටහන – සුනේත්‍රා ඇතුගල්පුර-

හාත්පස  එක පැහැර විසිරුණ මුදු හිම රැසින් වැසී ගොස්ය.  දුබල මුත් දීපතිමත් හිරු  රැස් කැරළි  එම හිම පියලි මත වැටී මහා චමත්කාරයක් මවමින් ඇත. මයින්ෆෙල්ඩ් ගම්මානය  පැටි අවධියේ කියැවූ සුරංගනා කතාවක එන සුදු පැහැ වලාකුළු තුළ ගිලී ගිය සුර ලොවක් සේය.

සීතල හිරු එළියේ දිලිසෙන හිම යාය අතර හයිඩිගේ නිවස…

මේ ලොකප්‍රකට ගම්මානය ගැන ස්විස් වැසියෝ ආඩම්බර වෙති.  මයින්ෆෙල්ඩ් යනූ ස්විට්සර්ලන්තයේ ග්ල්ව්බුන්ඩන් පළාතේ පිහිටි ගම්මානයකි. එහි ජීවත් වූ බව කියන කුඩා දැරියක පිළිබඳ කතාව ලෝකයක් ආනන්දයට පත් කළේය. ඇයගේ දිවි පවත ඇසුරෙන් ලියැවුණු  ඒ කෘතිය බයිබලය හා දොන් ක්වික්සෝට් (Don quixote) යන කෘති හැරුණුකොට ලෝකයේ වඩාත් මුද්‍රණයවු පරිවර්තන කෘතිය ලෙස ඉතිහාසගත වී ඇත්තේය .එම කෘතිය භාෂා පනහකින් පරිවර්තනය වී ඇත්තේය. ඒ කෘතියේ  කතා නායිකාව ඔබගේ මගේත් ළමා කාලය චමත්කාරයෙන් පිරවූ  හයිඩි  (Heidi )ය. හයිඩි ජීවත් වූයේ මේ මයින්ෆෙල්ඩ් ගම්මානයේ ය.

අප මේ මොහොතේ ඉන්නේ ඇය විසූ ඇයගේ නිවස අසලය. එය පුරාවෘතයක් සාධනය කරන ගැඹුරු කෞතුක පෙනුමක් සහිත සිහින නිවසකි. හයිඩි කෘතිය ලියන්නේ මීට වසර 145කට පෙරය. එනම්  1880 දි ය. ඒ විශිෂ්ට කෘතිය ලියන්නේ  යොහාන්නා ස්ප්රි (yohanna spyri) විසිනි. ඇය එම කෘතිය ආරම්භ කරන්නේ මෙසේය.

” මිත්‍රශීලී මයින්ෆෙල්ඩ් ගම්මානයේ සිට හරිතවර්ණ රුක්ෂලතා වලින් වැසී ඇති කුඩා අතු පාර හරහා උස අඩි පාර දිගේ ඉහළ සිට මිටියාවත දෙස බැලූ විට එය විශාල හා බැරෑරුම් ලෙස දිස් වේ ”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අප දකිමින් ඇත්තේ යොහාන්නා ස්ප්රි විසින් විස්තර කළ වසන්තයේ මයින්ෆේල්ඩ් ගම්මානය නොවේ.  එක්තරා වසන්තයක මම මේ බිමට පැමිණියෙමි.  එදින මා දුටු මන්ෆේල්ඩ් ගම්මානය යොහාන්නා විසින් විස්තර කරන වචන හරහා මැවෙන චිත්ත රූපවලටත් එහා ගිය චමත්කාරයකි.

මේ ශීත ඍතුවේ හාත්පස කිරි සුදු හිමෙන් වැසී ගිය ඒ පරිසරය වෙනස්ම  අසිරියක් සමග අපුරු ආනන්දයක් උපදවයි. එය කෘතියේ කියැවෙන කතාවේ නොකියැවෙන පරිච්ඡේදයක් තරම් රසවත්ය.  ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු කරයේ හැදී වැඩී   ලොව පුරා පරම්පරා ගණනාවක ගේ හදවත් ස්පර්ශ කළ ඒ කුඩා දැරියගේ ජීවිත අන්දරය සිහි කරමි.

හයිඩි විසූ නිවස…

හයිඩිගේ කතාව

හයිඩි නැමැති කුඩා දැරිය සිය සීයා සමඟ ඇල්ප්ස් කඳුවැටියක ගෙවූ ජීවිතය අලලා හයිඩි කෘතිය ලියැවි තිබේ. සිය පුංචි අම්මා විසින් හයිඩ් සීයා වෙත භාරදෙන විට ඇය වයස අවුරුදු පහක දැරියක . හයිඩි ගේ මව මිය යෑමෙන් පසුව පුංචි අම්මා හයිඩි ව වසර හතරක කාලයක් හදාවඩා ගත්තාය . ඇල්ප්ස් කඳු වැටියට පැමිණීමෙන් අනතුරුව හයිඩ් ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර ඇය ස්වභාධර්මය හා සතා සිවුපාවන් සමග දැඩි සමීප සබඳතාවයක් ගොඩනගා ගත්තාය .. මෙම කාලයේ ඇගේ හොඳම මිතුරා වූයේ පිටර්ය. ඇය එලුවන්ට බෙහෙවින් ආදරය කළාය. පීටර් හා හයිඩ් එලුවන් සමඟ ඉහළ තණබිම් වල නිතර දුව පැන සෙල්ලම් කළේය. ඇල්ප්ස් කඳු වැටිය පුරා ඇය මහත් සතුටින් දිවි ගෙව්වාය.

හයිඩ් ගේ මෙම සූන්දර ළමා වියට කණකොකා හඩන්නට වූයේ ඇයට ජර්මනියේ ෆන්ක්පට් නගරයට යාමට සිදු වීමත් සමඟය.

ඇල්ප්ස් කඳු, තණබිම් වලින් වටවූ ස්වභාවික පරිසරයට ඇලුම් කළ හයිඩිට ෆන්ක්පට් හීදී දැකගන්නට ලැබුණේ විශාල පාරවල් සහිත  ජනාකීර්ණ පරිසරයකි. එහිදී ඇයට ක්ලාරා හමුවේ.  ක්ලාරා ඇවිදීමට නොහැකි අංශභාග රෝගි  ,දෛවය විසින් සිය ජීවිතය රෝද පුටුවකට සීමා කළ දැරියකි. හයිඩි ගේ සම්ප්‍රාප්තිය ක්ලාරා ජීවිතයට ආලෝකයක් ගෙන දුන්නද නව ජීවිතය හයිඩිට එතරම් සතුටුදායක එකක් නොවීය. එහි ප්‍රතිඵලය වූයේ හයිඩි රෝගාතුර වීමයි.

ගෙවත්තේ නිර්මාණය කර ඇති හයිඩි ගේ පිළිරුව අසල…

වෛද්‍ය උපදෙස් මත හයිඩිට යළිත් ස්වභාවධර්මයෙන් පරිපූර්ණ මයින්ෆෙල්ඩ් ගම්මානයට පැමිණීමට හැකි වේ . ඇගේ මේ නැවත සම්ප්‍රාප්තියෙන් පීටර් වඩාත් සතුටට පත්වන අතර හයිඩ් අහිමිවීම ක්ලාරා ගේ ජීවිතයට අඳුරු කාල පරිච්ඡේදයක් විය. අවසානයේ ක්ලාරා සිය පියා සහ ආච්චි අම්මා සමඟ හයිඩ් බැහැදැකීමට එන්නිය.  ඒ කාලය තුළ ක්ලාරට රෝද පුටුවේ ජීවිතයෙන් මිදී සිය දෙපා වලින් නැගී සිටීමට අවස්ථාව උදාවේ. මෙමගින් කතුවරිය පෙන්වා දීමට උත්සාහකරන්නේ ස්වභාවධර්මයට හා ආදරයට කලනොහැක්කක් නොමැති බවය.

යොහන්නා ස්පිරි මයින්ෆෙල්ඩ් ගම්මානයේ අපූර්වත්වයෙන් කුල්මත් වී ලෝකක් ප්‍රකට කෘතියක් රචනා කළ ද ඇය මෙම පළාතට පැමිණෙන්නේ අහම්බෙනි . ඒ බාඩ් රාගන්ස් පළාතේ සිය හිතවතෙකු බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය. ස්වභාවධර්මයට දැඩි රුචිකත්වයක් දැක්වූ   කතුවරියට සිය කාර්යබහුල සැමියා සමඟ ජීවත් වීමට සිදුව ඇත්තේ සූරිච් පළාතේය. නමුත් ඇය මෙම නාගරික ජීවිතයට ඇලුම් නොකළ අතර ඒ නිසාම කතුවරියට සතුටුදායක ජීවිතයක් නොතිබූ බවට කියවේ. තමන්ට පෞද්ගලික මුහුණදීමට සිදු වූ මෙම අත්දැකීම යොහන්නා ස්පිරිට හයිඩි කෘතිය ලිවීමට මග පාදන්නට ඇතැයි විශ්වාස කෙරේ .

එහි ප්‍රතිඵලය වූයේ හයිඩි කෘතිය යොහන්නා ස්පිරිට අයිති එකක් පමණක් නොව මුළු ලෝකයේ ම කෘතියක් බවට පත්වීමය.. එහි තවත් අපූර්වත්වයක් වන්නේ මෙම කෘතිය ඇමරිකාව ,ජර්මනිය . ප්‍රංශය, ස්පාඤ්ඤය  හා ජපානය වැනි රටවල් තමන්ගේම සංස්කෘතික අංග ලක්ෂණ ද ඇතුළත් කොට පරිවර්තන එළි දැක්වීමය. එයිනුත් ජපන් ජාතිකයින් මෙම කෘතියට ලෝකයේ කිසිදු රටකට වඩා වැඩියෙන්ම ඇළුම් කරන බව කියවේ. ඒ හයිඩි කෘතියේ ස්වභාධර්මයේ සාරාත්වය, ඒකායන අධිෂ්ඨානය, පිළිවෙළ  ඔවුන්ගේ ජීවිතයට වැදගත් වීම නිසාය .

එමෙන්ම හයිඩි කෘතිය පාදක කොටගෙන මෙතෙක් චිත්‍රපටි 12ක් ,කාටුන් චිත්‍රපට අටක් ,ටෙලි කතා මාලා හයක් , චිත්‍රකතා අටක්, හා සංගීත වැඩසටහන් හතරක් නිෂ්පාදනය කර තිබේ.

අතීත ස්විස් ජන ජීවිතයේ පැතිකඩක්

මේ මා දකිමින් ඇත්තේ ඒ චිත්‍රපට රූප රාමු අතර හමුනොවුන, ඒ පොතේ පිටු අතර නොදුටු වෙනස්ම දැකුමකි. සුදු පැහැයෙන් වැසී ගිය හිම පියලි මත පා ඔබමින් කුඩා කල අප සිහිනවලින් පිරවු සුරංගනා කෙල්ල හයිඩි ගේ නිවසට ප්‍රවේශ වෙමි. ඇය සහ පීටර් ද ඇයගේ මිතුරු එළුවන් ද ගෙමිදුලේ පසක අඹා ඇති අයුරු පෙනේ. මේ පරිසරයේ හයිඩි තවමත් ජීවමාන සේ හැඟේ.

දැව මුවා නිවසේ හයිඩිගේ කාමරය සහ කුඩා ඇඳ පෙනේ. ඇයගේ ඇඳුම් අල්මාරිය, හයිඩිගේ  පාඩම් මේසය ඇයගේ සීයාගේ ආම්පන්න, සොල්දරයට දිවෙන පඩිපෙළ,  දැව උඳුන, කුස්සිය සහ කෑම මේසය පුරාණ සිවිස් ගැමියන්ගේ ජීවන සංස්කෘතියේ කතාවක් කියයි.

හයිඩිගේ කාමරය

නිවස ලාම්පුවකින් උපදින එළියට සමාන ආලෝකයකින් ආලෝකමත් කර තිබේ. නිවසේ කුඩා වීදුරු ජනේලයෙන් පෙනෙන අසිරිමත් ඇල්ප්ස් කඳු යායේ දැකුම වසන්තයේ මොනතරම් රමණීය දසුනක් මවනු ඇතිදැයි සිතේ.  එය දැන් සීතල හිරු එළියෙන් දීප්තිමත්වන හිම පලසක දැකුම් මවයි. එම හිම යාය එක පැහැර දිව ගොස් ඇල්ප්ස් කඳු යායම වසාගෙන ඇත්තේ අතර මැද වන දහනේ සීතලින් මැලවෙන තුරු පත් සිප ගනිමිනි.

සියවස් එක හමාරකට වඩා පැරණි ඒ ඉපැරණි නිවස හයිඩි ගේ මතකය යථාර්ථයක් කරනවා මෙන්ම අතීත ස්විස් වැසියන්ගේ ජීවිත සම්බන්ධ දැනුම් ප්‍රවාහයක් උපදවන්නේය.  තැනෙක කුඩා පුවරුවකි. ඒ පුවරුවේ අතීත ස්විස් ගැමි දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ වටිනා කතාවක් කියමින් ඇත.

1880 වනවිට පිටර් සහ හයිඩි මයින්ෆෙල්ඩ් ගමේ පාසලට යන්නේය.  එකල සිට දරුවන්ට අධ්‍යාපනය නොමිලේය.  පාසලේ පන්ති 08කි. පන්ති අටටම උගන්වනු ලබන්නේ එක් ගුරුවරයෙකි.  එක් පන්තියක සිසුන් 60ක් සිටීම සාමාන්‍යය.

එකල පාසල් අධ්‍යාපනයේ  අනිවාර්ය විෂය ආගමය. කියැවීම, අංක ගණිතය, ගායනය සහ ලිවීමේ හැකියාව ප්‍රගුණ කිරිම මේ අධ්‍යාපනයේ පරමාර්ථය ය.  දරුවන්ට කඩදාසි සුලබ නැත. එබැවින් ඔවුහු ස්ලයිට් පුවරු මත ස්ලයිට් පැන්සල්වලින් ලියති.

මේ වකවානුවේ පාසල් වසරක් සරත් ඍතුවේ සිට වසන්තය දක්වා පැවතිනි. වසන්ත සහ ගිම්හාන ඍතුවල දරුවෝ සිය දෙමව්පියන්ට ගොවිතැන් සඳහා උදවු කරති. ගුරුවරුන්ගේ ගුරු තනතුරු ශීත ඍතු අධ්‍යයන වාරය සඳහා පමණි. ගිම්හානයේ සහ වසන්තයේ ඔවුහු ජිවිනෝපය ලෙස ගොවීන්ගේ සහාකයකයින් ලෙස වැඩ කරති. නැතහොත් වෙනත් විකල්ප රැකියාවලට යති.

හයිඩිගේ නිවස තුළ…

පාසල් අධ්‍යාපනය නොමිලයේ වුව ද පාසලේ උඳුන රත් කිරීම සඳහා  සෑම පවුලක්ම පාසලට දර සැපයි යුතු වූයේය.

එකල මේ ඇල්ප්ස් ජන ජීවිතය පසුපස අප දකින සුන්දරත්වයට වඩා ගැඹුරක් තිබුණු බව සිතේ.  විටෙක එය හෙළි නොවුන කඳුලක් ලෙස මේ පරිසරයේම රැඳී ඇති අයුරු හඟිමි.  ඒ කඳුළු මතින් සිනාසෙන ආදරය පිරුණු සැහැල්ලු මිනිසුන්ගේ ජීවිත චමත්කාරය ලියැවී ඇත. හයිඩි ඒ කතාවේ සොඳුරුම හා  ආදරණීය කතාව කියන්නීය.

නිවසින් පිටතට පැමිණ යළිත් හැරී බලමි. මේ අපූරු පරිසරය ඉපදවූ සාහිත්‍යය තවත් යුග ගණනාවක්  මහා ගැඹුරු කතාවක් අපේ දරු පරම්පාරවට කියා දෙනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“දිට්වා” නිසා අත් හිටවූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් හෙට සිට…

Next Post

විමලේ ගේ විගඩම…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.