බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

“වැස්ස… එන්න පරක්කු වේවි… ඉස්සරහ ගෙදරට ගිහින් ඉන්න… කෝල් කරලා එහෙම කිව්ව අම්මා තාත්තා එක්කම යන්න ගියා…” උසස් පෙළ කරන දියණිය කී වේදනාත්මක කතාව!

by editor
ජනවාරි 7, 2024 - Updated on ජනවාරි 8, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“වර්ෂාව නිසා  ගෙදර එන්න ටිකක් පරක්කු වෙනවා. තනිවම ගෙදර ඉන්න එපා. ඉස්සරහ ගෙදරට ගිහින් ඉන්න කියා  නිවසට එන අතරේ  අම්මා දුරකථන ඇමතුමක් ලබාදෙමින්  කිවා” යැයි  ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍ර දේශයේ දි  කැබ් රථයක  යතුරුපැදියක් ගැටිමෙන් වු අනතුරකින් මියගිය අඹු සැමි යුවළකගේ වැඩිමහල් දියණිය වන   සංජානි දිලෙන්යා ගුරුසිංහ (20) නැමති  පාසල් ශිෂ්‍යාව  කිවාය.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ  බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ පදිංචි  ප්‍රසන්න ගුරුසිංහ (42) සහ  දහනායක මුදියන්සේලාගේ ගංගා නිල්මිණි (38) නැමති අඹුසැමි යුවළකි.

මියගිය  යුවළගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි  අද  (07) සිදුකරණු ලැබිය.

අනතුරට ලක් වුනු යතරුපැදිය…

එහිදි සාක්ෂිකාරිය මරණ පරික්ෂණයේ දි  තවදුරටත් සාක්ෂි ලබාදෙමින් මෙසේද කිවාය.

“මියගොස් ඇත්තේ මගේ මව සහ පියා. මා  අම්පේගම විද්‍යාලයේ උසස්පෙළ  පංතියේ ඉගෙනුම ලබනවා. මෙවර අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිටිනවා. මල්ලි එම පාසලේ හත ශ්‍රේණියේ ඉගෙනු ලබනවා.”

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“අම්මා විදේශිය රැකියාවකට යාම සඳහා මතුගම ප්‍රදේශයේ ආයතනයක පුහුණුව ලබමින් සිටියා.  ඊයේ (06) පුහුණුව  අවසන්  නිසා අම්මා  රැගෙන එම සදහා තාත්තා යතුරුපැදියෙන් ගියා. නිවසට එන අතරේ  අම්මා මට කථා කරලා කිවා වර්ෂාව නිසා ටිකක් පරක්කු වෙනවා කියා. ගෙදර තනිවම  ඉන්න එපා ඉස්සරහ ගෙදරට ගිහින් ඉන්න කියා කිවා.”

“රාත්‍රි 9.00ට විතර පොලිසියෙන් දැනුම් දුන්නා අම්මා  සහ  තාත්තා අනතුරකට ලක්වෙලා  ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව කිවා.  නැවත පොලිසියෙන් කිවා මව හා පියා කරාපිටිය රෝහලට වැඩිදුර  ප්‍රතිකාර සඳහා  ඇතුළත් කළ බව. කරාපිටිය රෝහලේ දි මව හා පියා මියගොස් ඇති බව දැන ගත්තා.” යැයි ඇය කිවාය.

අනතුර සිදුකළ කැබ්රථය පදවා ඇත්තේ ව්‍යාපාරිකයකුවන අතර  ඔහු මෙම අනතුරෙන් පසු කැබ්රථය නොනවත්වා ධාවනය කොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී  ඇත. ඔහු කැබ් රථය නිවස තුළ දමාගොස් ඇති අතර පසුව පොලිසිය විසින් අනතුරට අදාල කැබ් රථය පොලිසියට රැගෙන විත් තිබේ.

අනතුරට  අදාල පුද්ගලයා  අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරික්ෂණ පවත්වන අතර  ඔහු පුද්ගලික රෝහලකට ඇතුළත්වි ඇති බවද පැවසේ. ව්‍යාපාරිකාය විසින් පැදවු. කැබ්රථය  කුරුදුගහහැතැප්ම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබි ඇති අතර අඹු සැමි යුවළ ගමන්ගත් යතුරුපැදිය  ඇල්පිටිය දෙස සිට කුරුදුගහහැතැප්ම දෙසට ධාවනය වෙමින් තිබි ඇත.

කැබ් රථය හා යතුරුපැදිය එකිනෙක ගැටිමෙන් මෙම අනතුර වි තිබේ.  යතුරුපැදියෙන් ගමන්ගත් යුවළ කැබ්රථයේ ගැටිමෙන් පසු දෙපසට විසිවිගොස්  ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

මියගිය අඹුසැමි යුවළගේ . පශ්චාත් මරණ පරික්ෂණය  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය යු.සි.පි.පෙරේරා   විසින් සිදුකළ අතර   අනතුරට අදාල කැබ් රථයේ  රියදුරු තමන් හමුවට  ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ හදිසි මරණ පරික්ෂකවරයා මාර්ග අනතුරකින් අඹු සැමි යුවළගේ සිරුරුවලට වු බහුවිධ තුවාල නිසා මරණය වි ඇති  බවට තින්දු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහව ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය ගල්ගමුවෙන් ඇරඹෙයි…

Next Post

ඇස් වහන් ගහපු ගේම් ටික වහලා වැරදි තොරතුරු දීලා… දඹුල්ලට ගිය ක්‍රීඩා ඇමති ඇඳගත්ත ද?…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.