ලලිත් චාමින්ද –
“වර්ෂාව නිසා ගෙදර එන්න ටිකක් පරක්කු වෙනවා. තනිවම ගෙදර ඉන්න එපා. ඉස්සරහ ගෙදරට ගිහින් ඉන්න කියා නිවසට එන අතරේ අම්මා දුරකථන ඇමතුමක් ලබාදෙමින් කිවා” යැයි ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍ර දේශයේ දි කැබ් රථයක යතුරුපැදියක් ගැටිමෙන් වු අනතුරකින් මියගිය අඹු සැමි යුවළකගේ වැඩිමහල් දියණිය වන සංජානි දිලෙන්යා ගුරුසිංහ (20) නැමති පාසල් ශිෂ්‍යාව කිවාය.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න ගුරුසිංහ (42) සහ දහනායක මුදියන්සේලාගේ ගංගා නිල්මිණි (38) නැමති අඹුසැමි යුවළකි.
මියගිය යුවළගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි අද (07) සිදුකරණු ලැබිය.
එහිදි සාක්ෂිකාරිය මරණ පරික්ෂණයේ දි තවදුරටත් සාක්ෂි ලබාදෙමින් මෙසේද කිවාය.
“මියගොස් ඇත්තේ මගේ මව සහ පියා. මා අම්පේගම විද්‍යාලයේ උසස්පෙළ පංතියේ ඉගෙනුම ලබනවා. මෙවර අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිටිනවා. මල්ලි එම පාසලේ හත ශ්‍රේණියේ ඉගෙනු ලබනවා.”
“අම්මා විදේශිය රැකියාවකට යාම සඳහා මතුගම ප්‍රදේශයේ ආයතනයක පුහුණුව ලබමින් සිටියා. ඊයේ (06) පුහුණුව අවසන් නිසා අම්මා රැගෙන එම සදහා තාත්තා යතුරුපැදියෙන් ගියා. නිවසට එන අතරේ අම්මා මට කථා කරලා කිවා වර්ෂාව නිසා ටිකක් පරක්කු වෙනවා කියා. ගෙදර තනිවම ඉන්න එපා ඉස්සරහ ගෙදරට ගිහින් ඉන්න කියා කිවා.”
“රාත්‍රි 9.00ට විතර පොලිසියෙන් දැනුම් දුන්නා අම්මා සහ තාත්තා අනතුරකට ලක්වෙලා ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව කිවා. නැවත පොලිසියෙන් කිවා මව හා පියා කරාපිටිය රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව. කරාපිටිය රෝහලේ දි මව හා පියා මියගොස් ඇති බව දැන ගත්තා.” යැයි ඇය කිවාය.
අනතුර සිදුකළ කැබ්රථය පදවා ඇත්තේ ව්‍යාපාරිකයකුවන අතර ඔහු මෙම අනතුරෙන් පසු කැබ්රථය නොනවත්වා ධාවනය කොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත. ඔහු කැබ් රථය නිවස තුළ දමාගොස් ඇති අතර පසුව පොලිසිය විසින් අනතුරට අදාල කැබ් රථය පොලිසියට රැගෙන විත් තිබේ.
අනතුරට අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරික්ෂණ පවත්වන අතර ඔහු පුද්ගලික රෝහලකට ඇතුළත්වි ඇති බවද පැවසේ. ව්‍යාපාරිකාය විසින් පැදවු. කැබ්රථය කුරුදුගහහැතැප්ම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබි ඇති අතර අඹු සැමි යුවළ ගමන්ගත් යතුරුපැදිය ඇල්පිටිය දෙස සිට කුරුදුගහහැතැප්ම දෙසට ධාවනය වෙමින් තිබි ඇත.
කැබ් රථය හා යතුරුපැදිය එකිනෙක ගැටිමෙන් මෙම අනතුර වි තිබේ. යතුරුපැදියෙන් ගමන්ගත් යුවළ කැබ්රථයේ ගැටිමෙන් පසු දෙපසට විසිවිගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මියගිය අඹුසැමි යුවළගේ . පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය යු.සි.පි.පෙරේරා විසින් සිදුකළ අතර අනතුරට අදාල කැබ් රථයේ රියදුරු තමන් හමුවට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ හදිසි මරණ පරික්ෂකවරයා මාර්ග අනතුරකින් අඹු සැමි යුවළගේ සිරුරුවලට වු බහුවිධ තුවාල නිසා මරණය වි ඇති බවට තින්දු කළේය.